BREAKING NEWS
latest

728x90

468x60

අඛණ්ඩව විදුලි සැපයුමට යුධ හමුදාව සීරුවෙන්

රටේ අවශ්‍යතාව අනුව ඕනෑම මොහොතක අඛණ්ඩව විදුලි සැපයුම වෙනුවෙන් මැදිහත්වීමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා යුධ හමුදාව පවසයි.

හමුදා මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න කියා සිටියේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් තමන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන බවයි.

දින දහයක බබා රෙද්දකින් ඔතා දමා ගිහින් සිවිල් ඉංජිනේරු මව සොයා පරීක්‌ෂණ

අනුරාධපුර සාලියපුර පුළියන්කුලමේ පිහිටි වැඩිහිටි නිවාසය ආසන්නයේ, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමාගොස්‌ සිටි දින දහයකට ඉහතදී බිහිකළ ළදරුවකු එහි සේවයේ නියුතු සේවිකාවක්‌ විසින් ඊයේ (12 දා) උදෑසන සොයා ගැනීමෙන් අනතුරුව පරීක්‌ෂණ සඳහා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (12 දා) උදෑසන භාරදීමට කටයුතු කර කෙරිණි.

උදෑසන සේවයට පැමිණි සෞඛ්‍ය කාර්ය සහයිකාවන් වන කාංචනා මධුෂානී හා රූපා ඉන්දුමති යන මහත්මීන්ට ආයතනය තුළින් දරුවකු හඩනා හඬක්‌ ඇසීම නිසා විපරම්කර බලද්දී ආයතයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමාගිය බිලිsඳු දරුවා කාංචනා මධුෂානි මහත්මියට හමුවී තිබේ.

කාවින්දගෙ මගුල නෙමෙයි නංගිගෙ විවාහ ගිවිස ගැනීම අද

එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණේ මුල් පුටුව හොබවන ලාබාලතම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන , හිටපු අමාත්‍ය දොස්තර ජයලත් ජයවර්ධන මැතිතුමාගේ පුත් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා හොර රහසේ කුළ ගෙට යාමට ලහි ලහියේ සූදානම් වන බවට මාධ්‍ය වාර්තා පලවිනි.

Gossip : රටම කතාවූ සිදූට දැන් සැලකිල්ලක් නැද්ද? නැත්තම් තිළිණට දැන් සිදූ එපා වෙලාද?

රටම කතාවූ සිදූට සැලකිල්ලක් නැද්ද?
නැත්තම් තිළිනට සිදූ එපා වෙලාද?


සිදූ පසුගිය දිනවල කවුරුත් කතාබහවෙන නාට්‍යයක්. මුහුණුපොතේ, අන්තර්ජාලයේ මේ සිදූ ගැන කතාබහ වුන තැනක් නැති තරමි.LMRB වර්ගීකරනයේත් ‘‘සිදූ‘‘ තවමත් පලමු තැන තිබෙනව කියලයි ආරංචිය.

සිදූ හි පොඩි හාමුදුරුවෝ, හීං බබා සීයා, ලොකු සාදු ගැන හැමෝම දැන් දන්නවා. ඒත් මෙම චරිත තිරයට ගෙනා චරිත දෙකක් තිරයෙන් පිටු පස සිටිනව ඒ තමයි සිදූ නිෂ්පාදනය කළ ජානක සිරිවර්ධන හා අධ්‍යක්ෂක තිළිණ බොරලැස්ස යන දෙන්න. පසුගිය දිනවල ජානක සිරිවර්ධන පිළිබදව යම් යම් මාධ්‍ය කතාකරන්නට වුනා නමුත් තිළිණ බොරලැස්සගෙ යම් නිශ්ෂබ්ද තාවයක් දකින්නට වූව.

සංචාරයක් සදහා මෙරටට ඇවිත් ඇල්ල ප්‍රදේශයේ සිඟා කෑ සුද්දී පොලිස්සියට ගෙනිහින් ස්ථානාධිපති කරපු දේ

ඌව පළාතේ පිහිටි ඇල්ල නගරය දෙස් විදෙස් සංචාරකයන් අතර ඉමහත් ප්‍රසිද්ධියට පත්ව ඇති සංචාරක පුරවරයකි. ඇල්ල නගරයේ පවතින සෞම්‍ය දේශගුණය සහ ස්වභාවික මනරම් සෞන්දර්ය අත්විඳීමට සංචාරකයෝ බහුල වශයෙන් ඇල්ල පුරවරයට ඇදී එති.

මොවුන් අතර ලෝකයේ රට රටවල විවිධ තරාතිරම්වල සංචාරකයෝ වෙති. ඔවුන් මෙහි පැමිණ කඳුහෙල් නඟිමින් මනරම් ස්වභාවික සෞන්දර්ය ඔබමොබ ඇවිද යමින් රටේ සොබා සම්පත රස විඳිති.

මේ ඉන්නේ මම නෙවෙයි මේක හිතාමතාම මට මඩ ගහන්න කරපු වැඩක් – ගයත්‍රී

“මේ තියෙන්නේ මගේ චායාරුප නෙවෙයි මේක තනිකරම බොරුවක් කවුරු හරි මට මඩ ගහන්න කරපු වැඩක් මිනිස්සු ඇයි දන්නෑ මෙහෙම කරන්නේ ඔය වගේ මල් ගවුම් අදින්නේ මම විතරද ඔය ගොසිප් කාරයෝ නිසා තමයි ලංකාවේ හොදට ඉන්න නිලියකටවත් ඉන්න නැත්තේ ඒ මිනිස්සු හිතන්නේ එයාලගේ බඩගොස්තරේ ගැන විතරයි අනිත් මිනිස්සුන්ගේ චරිතෙට මොනවා උනත් කමක් නෑ ,,,,,”

මරාගෙන මැරෙන බෝම්බයකින් සනත් නූලෙන් බේරෙයි

ඊයේ(13) දිනයේ ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගනයක් අසල සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් නිසා ශ‍්‍රී ලංකා හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩක හා හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය අනූ නවයෙන් බේරීමේ පුවතක් වාර්තා වෙයි.

ගීතාට ඇත්තටම මොකද වුණේ ? – ඇමති ආරක්ෂක නිලධාරියා කියන කතාව මෙන්න

ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානනීය චිත්‍රපට නිලි ගීතා කුමාරසිංහ මහත්මිය නුගේගොඩ නාවල පිහිටි නිවසේ සිටිය දී පිළිස්සුම් තුවාල ලබා කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරනු ලැබුවේ පසුගිය සෙනසුරාදා උදේ වරුවේය.
මේ සටහන තබන විටත් අැය සිටින්නේ පෞද්ගලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමිනි.

ගීතා කුමාරසිංහ මහත්මිය මේ වනවිට සුවය ලබමින් සිටින බවත් පිළිස්සුම් තුවාලවලට විෂබීජ යෑම වැළෑක්වීමට මෙන්ම ඇයගේ රසික රසිකාවියන් හා අමුත්තන් විශාල පිරිසක් පැමිණීම වැළැක්වීම සඳහා මෙසේ දැඩිසත්කාර ඒකකයේ තබාගෙන ප්‍රතිකාර කරන බව එම රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඇය දැඩිසත්කාර ඒකකයට අතුළත් කිරීමට බලපෑ හේතු සාධක පැහැදිලි කරමින් පැවසීය.

ලොතරැයි දිනුමට ඇදුණ කෝටි 05ක් ඉවරවෙනකල් කුඩු ගැසූ රසිකනම් මල් වෙළෙන්දා

මල් වෙළෙන්දකු ලෙස ජීවිකාව කරමින් සිටි අයෙකුට රුපියල් කෝටි පහේ ලොතරැයි ජයග්‍රහණයක් ලැබූ පසු ඔහුගේ ජීවිතය හොඳ අතට වෙනුවට නරක අතට වෙනස් කරගෙන මුදල් සියල්ල ඉවර වෙනතුරු කුඩුගසා ජීවිතය නැතිනාස්තිකරගත් පුවතක් ඊයේ අනුරාධපුර අධිකරණයෙන් වාර්තා විය.

මීට වසර තුනකට ඉහත දී රුපියල් ලක්ෂ පන්සීයක සුපිරි ලොතරැයි ජයග්‍රහණයක් හිමි වී තිබුණ ඔහු අනුරාධපුර ගල්කඩවල ලිපිනයේ පදිංචි හේරත් හාමිගේ රසික බණ්ඩාර සුගතදාස (40) නම් වන දෙදරු පියෙකි.

පොඩි ජෝති , කොට්ටාවේ විජයවංශ නමින් පැවිදි බිමට

කොට්ටාව ග්‍රාමය තම උපන්බිම කරගත් ශාන්ත විජෙජ්සිරි නම් වූ මොහු කලා පවුලකින් සංගීත ක්ෂේත්‍රයේ හිණිපෙත්ත කරා යාමට වාසනාව ලැබිමෙන් පසු ‍පොඩි ජෝතිපාල නමින් ජනතාව අතරට පිවිසියේය. එච්.ආර්. ජෝතිපාල නම් වූ ඒ අග්‍රගණයේ ගායකයා ඉදිරිපිටදීම ඔහු අනුකරණය කරමින් ඔහුගේ ආශිර්වාදය මැද ලතා වල්‍පොල ගායිකාව හා එක්ව ගී රැසක් ගයා ජනාදරයට පාත්‍ර වූ මොහු දේශීය සංගීතයේ පියාවන විශාරද ඩබ්.ඩී. අමරදේවයානන්ටද තබ්ලා වාදනයෙන් දායක විය.
විවාහ දිවියට පිවිස දරුවන් 05 දෙනකුගේ ආදරණීය පියකු ලෙසින් පවු‍ලේ සියලුම යුතුකම් ඉටුකොට අවසානයේදී එම ගිහි දිවියෙන් සමුගත්තේ තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාතීන්ගේ විශේෂ ආශිර්වාදය මතයි.

දැරිය දූෂණය කර මරා දැමු සල්ලාලයා වසර 50ක් හිරේට

දියතලාව, ඇල්ලගම ප්‍රදේශයේදී අට හැවිරිදි දැරියක දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර හතරක් පුරා බදුල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවේ විත්තිකරුට බරපතළ වැඩ සහිතව වසර 50 ක සිර දඬුවම් පෙරේදා (11) දින බදුල්ල මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා නියම කළේය.
මෙසේ සිර දඬුවම් නියම වූයේ දියතලාව, ඇල්ලගම, පාසල් කන්ද පදිංචිව සිටි විතාන ගමගේ නලින් ප්‍රියන්ත බණ්ඩාර (46) නැමැත්තෙකුටය.

2013-08-13  වෙනි දින ඇල්ලගම, පාසල් කන්ද ප්‍රදේශයේදී මෙම සැකකරු අසල්වැසි නිවසක සිටි එච්.එම්.මලිති නැමැති දැරිය සිය නිවසට කැඳවාගෙන ගොස් දූෂණය කිරීමෙන් පසු  ඝාතනය කර පැලකට ගෙන ගොස් දමා තිබියදී ගම්වාසීහු දැරියගේ සිරුර සොයා ගත්හ.

විද්‍යා ඝාතනය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට ඇප

විද්‍යා ඝාතනයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුට පළායාමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි උතුරු පළාත් භාර හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇප මත මුදා හැර තිබේ.

රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගැනීමට ධම්මික තීන්දු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ.

මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings (Sri Lanka) BV සතු ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 231,864,362 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය තීරණය කර තිබේ. එය සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 61.73% කි. එහිදී එක් කොටසකට රු. 47.00 ගෙවීමට හේලීස් සමූහය සූදානම් අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු. 10,897,625,014.00 ක් වේ.

‘කොළඹ නගර පිවිසුම’ ලෙස චාමර්ස් ධාන්‍යාගාරය සංවර්ධනය කෙරේ

සියලු ප්‍රවාහන මාදිලි ඒකාබද්ධ කරමින් කොළඹ කොටුව/පිටකොටුව ප්‍රදේශයේ බහුමාදිලි ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කරනු ලැබ තිබේ. එම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය සංවර්ධන කටයුතු සිදු කිරීම පිණිස කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ඇති 'චාර්මස් ග්‍රැනරීස්' නැමැති අක්කර 9 රූඩ් 3 පර්චස් 27ක ප්‍රමාණයෙන් යුත් නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් කොටස යොදා ගැනීමට තීරණය කර ති‍බේ.

කීර්තියට හානි කළැයි, මහජන බැංකු සභාපති දුම්රිය වෘත්තීය සමිති සන්ධානයෙන් කෝටි පහක් වන්දි ඉල්ලයි.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානය නම් සංවිධානයක කැ`දවුම්කරු ලෙස පෙනී සිටින එස්.පී. විතානගේ නමැති පුද්ගලයකු විසින් මාධ්‍ය සාකච්ඡුා පවත්වමින් ද්වේෂසහගත ප‍්‍රකාශ සිදු කරමින් තම කීර්තිනාමයට හානි සිදු කළේ යැයි පවසා මහජන බැංකුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් නඩු පවරා තිබේ. හේමසිරි ප‍්‍රනාන්දු මහතා විසින් දුම්රිය සේවයට අයතා අලාභයක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බවට විතානගේ මහතා විසින් එම මාධ්‍ය සාකච්ඡුාවේදී චෝදනා කළේය. කෙසේ නමුත්, එම සියලූ චෝදනා පදනම් විරහිත බව පවසන හේමසිරි ප‍්‍රනාන්දු මහතා මෙලෙස අධිකරණයේ නඩු පවරමින් තවදුරටත් ස`දහන් කර ඇත්තේ එම පුද්ගලයා මෙවැනි ප‍්‍රකාශ මගින් තමාගේ කීර්තිනාමයට බරපතල හානියක් සිදු කිරීමේ චේතනාන්විත උත්සාහයක නිරත වන බවයි. 

Gossip : නවතම iPhone 8 සහ iPhone x දුරකථනය නිකුත් වෙයි - මෙන්න වෙනස්කම්

ඇපල් සමාගම ඔවුන්ගේ නවතම iPhone දුරකථනය වන Apple X දුරකථනය ඊයේ ( සැප්තැම්බර් 12) එළිදැක්විය. මෙවර සුවිශේෂත්වය වන්නේ ඔවුන් iPhone දුරකථන වර්ග 3ක් එළිදැක්වීමයි.

එනම් පසුගිය වසරේ ඔවුන් නිකුත් කල iPhone 7 හා iPhone 7 Plus දුරකතනයට සමගාමිව නිකුත් කල එම දුරකථන දෙක වනුයේ iPhone 8 හා iPhone 8 Plus වේ. ඔවුන්ගේ iPhone 8 දුරකථනය එළිදැක්වීමත් සමග ඇපල් රසිකයින්ගේ ප්‍රතිචාර නම් එතරම් සුභදායි නොවිය.

එයට හේතුව නම් iPhone 7 හා iPhone 8 දුරකථන අතර ලොකු වෙනසක් නොතිබීමයි. එනම් වෙනසකට කියා තිබුනේ ඔවුන්ගේ Apple A10 Fusion චිප් එකට A11 Bionic chip එක ආදේශ කිරීම හා සමාන දෙයක්. කෙසේ නමුත් මෙවර Apple event එක conduct කරන Tim Cook මහතා කනස්සල්ලට පත් ඇපල් රසිකයන්ව හා අලුතින් නිකුත් වූ Apple iPhone 8 එක විහිළුවට ගත සියලුම දෙනාගෙ කටවල් වැහුවේ ඔවුන්ගේ නවතම iPhone X දුරකථනය හඳුන්වාදෙමිනි.

Gossip : ජනපති සීයේ කියා හමුවට ආ පුංචි දනුල්‍යාගේ නිවසට මාධ්‍යවේදීන් යයි මව සහ පියා සියල්ල හෙළි කරයි!

බහ තේරෙන වයසේ දී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලන්න ඕනෑ කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවල දී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රී සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී සිටිනවා යැයි මැදිරිගිරියේ අමුණුගම ගම්මානයේ පදිංචි දනුල්‍යා චනාදි දැරියගේ මව යුරේෂා ලක්මාලී මහත්මිය පැවසුවාය.

පසුගිය 10 දා මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ දී පැවති ජනහමුවක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවට පැමිණි මේ තුන් හැවිරිදි දනුල්‍යා චනාදි දැරිය කිසිදු චකිතයකින් තොරව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩිවී විනාඩි 20කට අධික කාලයක් සතුටු සාමිචියේ යෙදී සිටියාය.

Gossip : ඇමති දුමින්දගේ පෙම්වතිය මධූෂා රාමසිංහ කියන්නේ ඇත්තද? : නැත්තම් මදූෂාට අමු කැවිලාද?

මධූෂා රාමසිංහ කියන්නේ පුවත් මවන චරිතයක් වෙලා. ඇය පසුගිය දවසක මුහුණුපොත හරහා විවිධ ප්‍රකාශ සිදුකළා. එයට ආසන්නතම සිද්ධිය තමයි දුමින්ද දිසානායක සහ ඇයගේ ප්‍රේමය ගැන.


ඒ පුවත අපි ඔබට වාර්තා කළා.

ඇය නැවතත් ඒ ප්‍රේමය ගැනත් ඇයගේ දේශපාලන පිවිසුම ගැනත් මේ විදිහට සියල්ල සිය මුහුණුපොතේ සටහන් කර තිබුණා.

"දුමින්දගේ පෙම්වතියට මහින්දගේ වේදිකාව තහනම් වූයේ නැත.

ගල්බොඩ ඤාණිස්සර නාහිමිට සෙත් පැතීමේ පින්කමක්

කොළඹ හුනුපිටියේ ගංගාරාමාධිපති, ආචාර්ය ගල්බොඩ ශ්‍රී ඤාණිස්සර නාහිමියන් වෙත සෙත් පැතීම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාමය පින්කමක් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (12) ගංගාරාමයේදී පැවැත්විණි.

රුවන්වැල්ලේ රුවැති බිරිඳකට සැමියෙකු කළ බිහිසුණු අපරාධය

පුරුෂයකු විසින් බිරිඳට පොල්ලකින් පහර දී ඝාතනය කළ පුවතක් රුවන්වැල්ල - මොරලියවත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

පසුව සැකකරුද සිද්ධිය වූ ස්ථානයේ පිහිටි ලැයිම් කාමරයක් තුළ ගෙළ වැලලාගෙන සියිදිවි හානි කරගෙන තිඛෙනවා.

ගල්කිස්‌සේ හෝටලයක මියගිය කෝටිපතියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්‌

ගල්කිස්‌ස හෝටලයක සිහිසුන්ව සිටි කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය හිටපු කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග මහතා විවෘත තීන්දුවක්‌ ලබාදුන්නේය. 

මියගිය අයගේ සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරන ලදි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කළුබෝවිල සරණංකර පාරේ පදිංචිව සිටි මොහාන් චමින්ද විඡේතිලක නමැති 40 වියෑති විවාහකයෙකි.

ලලිත් සහ අනූෂ රඳවා ඇති වාට්ටුවෙන් තහනම් භාණ්ඩ හමුවේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට ප‍්‍රතිකාර ලබන වැලිකඩ බන්ධනාගාර රෝහලේ 3 වන වාට්ටුවේ තිබී තහනම් භාණ්ඩ කිහිපයක් හමුවී තිබෙනවා.

Gossip : ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා - වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා

මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගනිද්දී මට දැනුණා මගේ පිට දිගේ ඇඟිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇඟිල්ල වැදිලා ඔහොම කෑ ගහනවා නම් වෙන මොකක් හරි වැදුණොත් කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දී සර් මාව හරස් කරනවා. මම සර්ට කිව්වා මම ඕවාට කැමැති නෑ කියලා. එදා ඉඳන් මගේ රාජකාරී ජීවිතේ විනාශ වුණා. එදා ඉඳන් සර් මගෙන් පලිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා. මට මීට කලින් දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අත්සන් ‍ලේඛන පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා “පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ. ඔයාව මට අයින් කරන්න පුළුවන් කියලා.”

ලංකාව අර්ධ කාන්තාරයක් වීමේ අවධානමක් ?


දිස්ත්‍රික්ක ගණනාවකට ඉදිරියේදි අර්ධ කාන්තාර දේශගුණික තත්ත්වයක් ඇති විය හැකි බවට කාලගුණය පිළිබඳ විශේෂඥ උපදෙස් මත සැකසුණු වාර්තාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දි තිබේ.

කැමරාව ඉදිරියේ ජනප්‍රිය නිලි ෂෙහානි කහඳවෙලගෙ රෙදි ගලවගනී : VIDEO

රංගනයට නවක නිලියක් වුණත් කෙට් කාලයකින්ම ජනතාවගේ ආදරේ දිනා ගන්න ෂෙහානි කහදවලට පුළුවන් වුණා.

කටකාර දගකාර චරිත වලින් පුංචි තිරය හැඩකරන ෂෙහානිට නාට්‍යක රූගත කිරීමක් කරද්දී හැමෝම හිනස්සන සිද්ධියක් සිදු වෙලා.

පිළිකා රෝහලට පෙට් ස්කෑනරය අරන් දෙන්නත් මූලික වූ මොහොමඩ්ගේ පුතු පිළිකාවෙන් මියයයි

පසුගිය වසරේ රටේම අවධානය දිනාගනිමින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහාමඩ් මහතාගේ පුතුද පිළිකාවෙන් පීඩා විඳි අතර පෙට් ස්කෑනර අරමුදල් අදහස ඔහුට පහළවූයේ සිය පුතු නිසාය.

නමුත් අවාසනාවන්ත ලෙස හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

දිගු කලෙක සිට හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගැන මොහොමඩ් කල්පණා කළේය. මොහොමඩ්ට තම පුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබුණ නමුත් ඔහු තමන් වැනි පිළිකා පුතුන් සිටින පියවරුන් මෙම ස්කෑනරය නැති අඩුව නිසා මුදල් වැය කළ නොහැකිව අසරණ වන අයුරු දැක අනුකම්පා කර මෙම අරමුදල ඇරඹුවේය.

ඉලක්කම් දොළහේ නවීනතම ජාතික හැඳුනුම්පත ගැන නොදත් දේ මෙන්න

වසර 25කට පෙර අපේ රටට හඳුන්වා දුන් ජාතික හැඳුනුම්පත වෙනුවට මේ මස මුල සිට නවීනතම ඩිජිටල් ක්‍රමයක් යටතේ අන්තර්ජාතික සිවිල් ගුවන් සේවා සංවිධානයේ ප්‍රමිතිය ඇති හැඳුනුම්පතක් නිකුත් කිරීම දැන් අරඹා තිබෙනවා‍.

මේ හැඳුනුම්පතේ ලොකුම වෙනස අංක 12 ක් තිබීමයි. ඡායාරූප දෙකක් එහි සඳහන් වෙනවා. 1972 සැප්තැම්බර් මසදී මුල් වරට අතින් ලියා නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත 2014 පෙබරවාරි 28 දින සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක තාක්ෂණය මඟින් මුද්‍රණය කර නිකුත් කරන ලදී.

ඇයව පුදුම කරවමින් ජැක්සන්ගේ ලොකු පුතා අකිල ධනුද්දර පෙම්වතිගේ උපන්දිනය සැමරූ හැටි මෙන්න

ජැක්සන් ඇන්තනීගේ පුත් අකිල ධනුද්දර කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරේ කරන දක්ෂ ජනප්‍රිය තරුණ නළුවෙක්.

එක්නැලිගොඩට, ලසන්තට කඩිනම් සාධාරණයක් - ශානි අබේසේකර වැඩ අරබයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර ඇත.

පොලිස් කොමිසම විසින් මෙම පත්කිරීම කරනු ලැබ තිබේ.

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කැමැත්ත පල නොකළ බව පසුගිය කාලයේ වෙබ් අඩවි වාර්තා කළ අතර ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබුණේ විවිධ වැරදිසහගත සිදුවීම්වලට සම්බන්ධ නිලධාරියකු වන පොලිස්පතිවරයාගේ හිතවතකු පත් කිරීමට ඇති උත්සාහය හේතුවෙන් බව ය.

ඩී.අයි.ජී. 10කට එස්‌පී සහ ඒ.එස්‌.පී. 2කට මාරු - මෙන්න නම් ගම් සහ මාරුව ලැබූ ප්‍රදේශ

පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස්‌ කොමිසම විසින් ස්‌ථාන මාරු ලබාදුන් දුන් නිලධාරීන් සහ ඔවුන්a මාරුව ලැබූ ප්‍රදේශය මෙසේය.

රු. 5000 නෝට්ටුව අහෝසි වෙයි ?


මෙරට මුදල් නෝට්ටු මුද්‍රණයේ දී ව්‍යාජ මුද්‍රණය වැළැක්වීමේ තාක්ෂණික ක්‍රමවේදය අනුගමනය නොකිරීම හේතුවෙන් රට පුරා ව්‍යාජ මුදල් නෝට්ටු සැරිසරන බව රජයේ මුද්‍රණාලාධිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි මාස්පතා වාර්තා වන බවත් මෙම මාසයට අදාළව පමණක් එවැනි පැමිණිලි හතරක විමර්ශන සිදු කෙරෙන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දේ. ඉකුත් මාස කිහිපයේ පොලීසිය දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් පන්දහසේ නෝට්ටු තොග ගණනින් අත්අඩංගුවට ගෙන ඇත. මේ නිසා රුපියල් පන්දහසේ නෝට්ටු සම්බන්ධයෙන් දැඩි ව්‍යාකූල තත්ත්වයක් හටගෙන ඇත. රුපියල් පන්දහසේ නෝට්ටුවලට අමතරව තවත් නෝට්ටු කිහිපයක්ද ව්‍යාජ ලෙස මුද්‍රණය කර බෙදාහැර ඇති බවට සාක්ෂි පොලීසිය සොයාගෙන ඇත.

හබරණ සෆාරි ජාවාරමේ ගොදුරක් වුනු අලියෙකු හදිසි අනතුරකින් මහ පාරේ

හබරණ සිට ප්‍රතිකාර සඳහා පින්නවලට ගෙන ආ අලියෙකු ඊයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී අපරික්ෂාරී ධාවනය නිසා ලොරි රථය තුලම ඇද වැටීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවෙන බව වාර්තා වෙනවා.

ලොරියේ රියදුරා කියන්නේ රෝගී වූ අලියා ප්‍රතිකාර සඳහා ඊයේ (09දා) පස්වරුවේ පින්නවල ප්‍රදේශයට ලොරි රථයකින් ගෙනයන අවස්ථාවේ ලොරියේ තිරිංග තද කිරීමේදී ඇති වූ ගැස්සීමෙන් එම අලියා කන්ටේනර් රථය තුළම ඇද වැටී ඇති බවයි.

මේ පිළිබඳව පරිසරවේදී ශශිකලන රත්වත්ත සටහනක් තබමින් කියා ඇත්තේ මෙය හබරණ ප්‍රදේශයේ ජයටම කෙරෙනා සෆාරි ජාවාර්මේ හෙලුව මේ තුළින් අනාවරණය වන බවයි.එමෙන්ම හඟුරන්කෙත ප්‍රදේශයේ බස්නායක කෙනෙකුගේ යැයි සැලකෙන මෙම අලියාගේ භාරකාරත්වය පිළිබඳව ද ගැටලු පැන නැඟී ඇති බවත්, අසනීප වූ අලියා අධාරක හෝ නොමැතිව ලොරියේ ධාවනය කරවීමෙන්ම මෙම අලි හිමිකරුවන් අලින්ට කරනා සැලකිල්ල තේරුම් ගත හැකි බවත්ය.

” මෙන්න මහත්තයෝ කරනවා නම් පරීක්ෂණ ”

හබරණ සිට ප්‍රතිකාර සඳහා පින්නවලට ගෙන ආ අලියා කඩුගන්නාව ප්‍රදේශයේ දී අපරික්ෂාරී ධාවනය නිසා කන්ටේනර් රථය තුලම ඇද වැටීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවෙයි. මේ පෙරහැර සමයයි.අප දන්නා ලෙස හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් සහිත පෙරහැර පැවැත්වෙන්නේ නැත. හබරණ ඇත්තේ අලි සෆාරිය. එනම් සංචාරකයන් අලි පිටේ ගොස් නැරඹීමේ ක්‍රියාවලියය. එය හබරණ ප්‍රදේශයේ ජයටම කෙරෙනා ජාවාරමකි. මේ අලියාද පින්නවල එන්නේ හබරණ සිටය. එසේ නම් මෙවර නුවර හා තදාසන්න ප්‍රදේශ වල පෙරහැරේ මේ අහිංසකයා ගොස් නැත. පෙරහැර සමයේ ද අලියා සිට ඇත්තේ සෆාරි ජාවාරමේය. වාහනයේ තිරිංග තද කිරීමේදී ලොරිය තුල පෙරලී යාමට තරම් අලියා කෙතරම් දුර්වල තත්වයක සිට ඇතිදැයි මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. අසනීප වූ අලියා අධාරක හෝ නොමැතිව ලොරියේ ධාවනය කරවීමෙන්ම මෙම අලි හිමිකරුවන් අලින්ට කරනා සැලකිල්ල තේරුම් ගත හැක. හඟුරන්කෙත ප්‍රදේශයේ බස්නායක කෙනෙකුගේ යැයි සැලකෙන මෙම අලියාගේ භාරකාරත්වය පිළිබඳව ද ගැටලු පැන නැඟී තිබේ. කෙසේ වුවද මෙවන් අහස පොළොව නුහුලන අපරාධ නිසා අහිමි වන්නේ අතලොස්සක් වූ අපේ අලින්‍ ය. ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන #කණ්ඩුල උඹට ඉක්මන් සුවය..


– Shashikalana Ratwatte


මේ අහිංසක අලියාට වෙච්ච දේ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී චමිල් රූපසිංහ මහතාටත් එම අලියා ප්‍රවාහනය කල අය කැත විදිහට බැණ වැදුන බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට ඇත.

\



ඔක්තෝබර් පළමුවැනිදා සිට ත්‍රීරෝද රථවලට රජය ගේන නව නීති මෙන්න..!

ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ සඳහා ටැක්‌සි මීටරයක්‌ තිබීම අනිවාර්ය කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මගීන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්‌සි මීටරයක්‌ තිබීම අනිවාර්ය කරමින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය මගින්ය.

දුමින්ද දිසානායකගේ LOVEඑක පෙම්වතිය විසින්ම රටටම ලීක් කරයි

රංගන ශිල්පිනී මධූෂා රාමසිංහ කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්.

2020 ජනාධිපති අපේක්ෂිකාවක් විදිහටත් ඇයට රාජ යෝගයක් ඇති බවටත් සඳහන් පුවතක් පසුගිය දවස්වල හුවමාරු වුණා.

රංගන ජීවීතයෙන් ඈත් වෙලා ඇය දැන් දේශපාලන වේදිකාව වැළඳගෙන සිටිනවා.

කොහොම වුණත් ඇය සිය මුහුණුපොතේ වෙනස්ම සටහනක් තබා තිබෙනවා.

ඒ දුමින්ද දිසානායක ඇමතිවරයාගේ පෙම්වතිය තමන් බවත් දේශපාලනික වශයෙන් මොන මතයක් දැරුවත් ඔහුට මඩ ගැසීම තමන් හෙළා දකින බවත්ය.

ලොකු ලොක්කන් පවා ආදායම් හංගන ලංකාවේ බලෙන් බදු ගෙවූ සුනිල් පෙරේරාෙ

ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ ආදායම පෙන්වා බදු ගෙවීමට එකඟ වන පිරිස් ගැන අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. ජිප්සීස් නායක සුනිල් පෙරේරා ඒ අතින් රටටම ආදර්ශයක් දුන් කලාකරුවෙකි. ජිප්සීස් සංගීත කණ්ඩායම වෙනුවෙන් තමන්ට ලැබුණු ආදායම වෙනුවෙන් පමණක් ඔහු බදු ගෙවමින් සිටියේය. නමුත් මේ වෙද්දී ජිප්සීස් සංගීත කණ්ඩායමට අමතරව මාර්ග කීපයකින් ඔහුට ආදායම් ලැබෙමින් තිබිණි. ඒ කිසිවක් පිළිබඳව ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන සිටියේ නැත. ඇතැම් විට දැන සිටියාට ඔවුන් ඒ පිළිබඳව සැලකිලිමත් නොවන්නට ඇත.

ජනපතිගේ සොයුරකු රක්ෂිත බන්ධනාගාරයට - VIDEO


ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන් ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් ඊයේ (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.

සමන් අතාවුදහෙට්ටිගේ පොතක් චීනයේදී දොරට වඩියි

ස්වාධීන රූපවාහිනියේ සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා විසින් නිර්මාණය කළ සිව්වන චාරිකාලංකාරය 'සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ' කෘතිය සැප්තැම්බර් 12 වැනිදා උදෑසන 9.30 ට චීනයේ බෙයිජිං අගනුවර වංශු හෝටලයේ බහුකාර්ය ශාලාවේදී එළිදැක්වේ.


චීනයේ සහ එහි ටිබෙට් ස්වායත්ත කලාපයේ සමාජ, සංස්කෘතික හා දේශපාලන තොරතුරු රැසක් සංග්‍රහ කෙරෙන 'සොඳුරු සැරිසර - සක්වල පියස දිගේ' කෘතිය සුරස ප්‍රකාශනයකි.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට SSP ධනපාල

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල මහතා පත්කොට තිබේ.

එසේම ඔහුට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හා පොලිස් අධිකාරිවරු 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මීට අමතරව පොලිස් නිලධාරින් 2599 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

මෙය මෑතකාලයේ වැඩිම නිලධාරින් පිරිසකට එකවර උසස්විම් ලබාදුන් අවස්ථාවක් බවපොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා උසස් කළ සංඛ්‍යාව 2075 ක් වන අතර කොස්තාපල් රියදුරු තනතුරේ සිට සැරයන් රියදුරු තනතුර දක්වා උසස් කල පිරිස 292ක් වේ. 

කුකුළු කූඩුවට තුන් දෙනෙක්‌

හීන් නූලෙන් තම විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට සහජ හැකියාවක්‌ ඇති දේශපාලනඥයෙක්‌ මුණගැසීමට ඔහුට විරුද්ධව ඡන්දය දුන් තුන්දෙනකු දිනක්‌ සවස්‌ භාගයේ පැමිණියේ කන්ද උඩරට ප්‍රදේශයේ තම මහජන නියෝජිතයා බැහැදැක සුහදව කතාබස්‌ කර තමන්ගේ අවශ්‍යතාවක්‌ ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි. ඔවුන් තිදෙනා ඉතාමත් සුහදව හා ළෙන්ගතුකමින් පිළිගත් මහජන නියෝජිතයා ඔවුන් පැමිණි කාරණය සුහදව කතා කළේ ය. තම අවශ්‍යතාව පවසා මේ තිදෙනා පිටත්වීමට සූදානම් වත්ම ''අපෝ' මස්‌සිනාලා, ඇයි ඔය හදිසියේම යන්ඩ හදන්නෙ. එහෙම යන්ඩ දෙන්ඩ බෑ, පොඩි පහේ අඩියකුත් ගහල හෙම රෑට මොකුත් කාලම යන්ඩ බැරියෑයි'' මහජන නියෝජිතයා යෝජනා කළේය. එසේම තම නිවස පිටුපස ඇති කුකුළු කූඩුවෙන් නාම්බන් කුකුළන් දෙදෙනකු අල්ලාගෙන එන ලෙස ඔවුනට කීවේ කටගැස්‌ම සැකසීම සඳහාය.