BREAKING NEWS
latest

728x90

468x60

පොඩි ජෝති , කොට්ටාවේ විජයවංශ නමින් පැවිදි බිමට

කොට්ටාව ග්‍රාමය තම උපන්බිම කරගත් ශාන්ත විජෙජ්සිරි නම් වූ මොහු කලා පවුලකින් සංගීත ක්ෂේත්‍රයේ හිණිපෙත්ත කරා යාමට වාසනාව ලැබිමෙන් පසු ‍පොඩි ජෝතිපාල නමින් ජනතාව අතරට පිවිසියේය. එච්.ආර්. ජෝතිපාල නම් වූ ඒ අග්‍රගණයේ ගායකයා ඉදිරිපිටදීම ඔහු අනුකරණය කරමින් ඔහුගේ ආශිර්වාදය මැද ලතා වල්‍පොල ගායිකාව හා එක්ව ගී රැසක් ගයා ජනාදරයට පාත්‍ර වූ මොහු දේශීය සංගීතයේ පියාවන විශාරද ඩබ්.ඩී. අමරදේවයානන්ටද තබ්ලා වාදනයෙන් දායක විය.
විවාහ දිවියට පිවිස දරුවන් 05 දෙනකුගේ ආදරණීය පියකු ලෙසින් පවු‍ලේ සියලුම යුතුකම් ඉටුකොට අවසානයේදී එම ගිහි දිවියෙන් සමුගත්තේ තම ආදරණීය බිරිඳ දරුවන් හා ඥාතීන්ගේ විශේෂ ආශිර්වාදය මතයි.


ශාන්ත විජේසිරි කලාකරුවා ප්‍රසිද්ධ තබ්ලා වාදකයකු, ඡායාරූපශිල්පියකු, මාධ්‍යවේදියකු හා ‍ජ්‍යොතිෂඥ ලෙස කටයුතු කරමින් 1970 වසරේදී කලායතනයක්ද පවත්වාගෙන යමින් කලාවට මහත් සේවාවක් ඉටු කළේය.

වාදනයෙන්, ගායනයෙන් හා රංගනයෙන් රටට දැයට සමාජයට ඔහු කළ සේවය අතිමහත්ය. ආදර්ශමත් පියකු ලෙසින් තම බිරිඳ ඇතුළු දරුවන්ගේ අනාගත සුභසිද්ධිය වෙනුවෙන් දිවිහිමියෙන් කැපවුවද තමාගේ සියලුම බලා‍පොරොත්තු සුන් කරමින් අවස්ථා කීපයකදීම ඔහුට මුහුණදීමට සිදුවූ රෝග පීඩාවලදී ඔහුගේ යටිසිත කොදුරමින් ඔහුට බලකර ඇත්තේ ගිහි දිවිය තම සසර ගමනට බාධාවක් බවකි.

තම නිවස අසල වූ වත්තේගම ජිනරතන හිමි වැඩවසන කුරුවිට බෞද්ධ විහාරස්ථානයට වී දවසේ වැඩිවේලාවක් ඔහු බණ භාවනාවේ හා ආගමික වතාවත්වල යෙදෙමින් බිරිඳ හා දරුවන්ගේ හිත පළුදු නොවනසේ තම සුමග සොයා යන ගමනට ඔවුනගේ කැමැත්ත හා ආශිර්වාදය ලබා ගත්තේය. එම විහාරස්ථානයේ වස්සාන සමයේ කැපකරු ලෙස මාස 03ක සේවාවටද එක්වූ ඔහු තම සසර ගමන කෙටි කරගන්නට තම පැවිදි දිවිය උරුම වී ඇති බව සනාථ කර ගත්තේ දෙනෙක් සතුටු කඳුළෙන් පුරවා ගනිමිනි.

මිනිස් ජීවිතයේ සියලුම සැප සම්පත් ආශාවන් පරයමින් හා බුදුහිමි දේශනා අනුව යමින් පැවිදි දිවිය තෝරාගත් ශාන්ත විජෙජ්සිරි කලාකරුවා මාධ්‍යයට කීවේ ගිහි දිවියත් සමග අපාගතවීමට වඩා පැවිදි වී නිවනට යාම තමාට සම්පතක් බවයි.

තම ආදර”ය බිරිඳ දරුවන් හා ඥාති හිතමිතුරන්ගේ උතුම් ආශිර්වාදය මැද 2016 ඔක්තෝම්බර් මස 26 දින කුරුවිට විහාරස්ථානයේ පැවැති විශේෂ ආගමික උත්සවයකදී වත්තේගම ජිනරතන හිමි ඉදිරියේ කොට්ටාවේ විජයවංශ නමින් පැවිදි බිමට පිවිසි මෙම කලාකරුවා ඊට නොබෝ දිනකින් බෝත‍ලේගම සාමවිහාරාධිපති ශාස්ත්‍රපති බෝත‍ලේගම සංඝරතන නාහිමියන්ගේ විශේෂ ආරාධනයක් මත මේ වන විට බෝත‍ලේගම සාමවිහාරවාසි හිමිනමක් ලෙස වැඩ වසති.
ජෝන් ඇන්ටනි - වෙන්නප්පුව

« PREV
NEXT »

Facebook Comments APPID