BREAKING NEWS
latest

728x90

468x60

ලලිත් සහ අනූෂ රඳවා ඇති වාට්ටුවෙන් තහනම් භාණ්ඩ හමුවේ

බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් අනූෂ පැල්පිට ප‍්‍රතිකාර ලබන වැලිකඩ බන්ධනාගාර රෝහලේ 3 වන වාට්ටුවේ තිබී තහනම් භාණ්ඩ කිහිපයක් හමුවී තිබෙනවා.

බන්ධනාගාර ආරංචි පවසන්නේ ජංගම දුරකතන දෙකක් සහ සිම් කාඞ් පත් දෙකක් එහි තිබී හමුවී ඇති බවයි.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ හා පුනරුත්ථාපන අමාත්‍ය ඞී. එම්. ස්වාමිනාදන්ගේ උපදෙස් පරිදි ඊයේ (12) සිදු කෙරුණු වැටලීමකදී මෙම තහනම් භාණ්ඩ හමුවී ඇතැයිද බන්ධනාගාර ආරංචි කියාසිටියා.

කෙසේවෙතත් ඒවා කාට අයත් දැයි තවමත් තහවුරු කර ගෙන නැහැ.

මරණ දඬුවමට නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා සහ රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන නේවාසිකව සිටින්නේද බන්ධනාගාර රෝහලේ 3 වන වාට්ටුවේයි. බන්ධනාගාර ව්‍යවහාරයේදී සුපිරි වාට්ටුව ලෙසද මෙය හැඳින්වෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID