BREAKING NEWS
latest

728x90

468x60

දින දහයක බබා රෙද්දකින් ඔතා දමා ගිහින් සිවිල් ඉංජිනේරු මව සොයා පරීක්‌ෂණ

අනුරාධපුර සාලියපුර පුළියන්කුලමේ පිහිටි වැඩිහිටි නිවාසය ආසන්නයේ, ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමාගොස්‌ සිටි දින දහයකට ඉහතදී බිහිකළ ළදරුවකු එහි සේවයේ නියුතු සේවිකාවක්‌ විසින් ඊයේ (12 දා) උදෑසන සොයා ගැනීමෙන් අනතුරුව පරීක්‌ෂණ සඳහා අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (12 දා) උදෑසන භාරදීමට කටයුතු කර කෙරිණි.

උදෑසන සේවයට පැමිණි සෞඛ්‍ය කාර්ය සහයිකාවන් වන කාංචනා මධුෂානී හා රූපා ඉන්දුමති යන මහත්මීන්ට ආයතනය තුළින් දරුවකු හඩනා හඬක්‌ ඇසීම නිසා විපරම්කර බලද්දී ආයතයේ පිටුපස පිහිටි වතුර ටැංකිය අසල සුදු රෙදි කඩකින් ඔතා දමාගිය බිලිsඳු දරුවා කාංචනා මධුෂානි මහත්මියට හමුවී තිබේ.

අනතුරුව ඔවුන් කළ දැන්වීම මත පොලිස්‌ නිලධාරීන් එහිගොස්‌ දරුවා පොලිස්‌ භාරයට ගත් අතර සිවිල් ඉංජිනේරුවරියක්‌ බව කියන වයස අවුරුදු 22 ක්‌ පමණ වන තරුණියක්‌, පසුගිය (02) වැනිදා අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේදී දරුවා ප්‍රසූතකර ඇති බව පොලිසිය තහවුරු කර ගත්තේය. ඇය ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකය ඉදිරිපිට පිහිටි නිවසේ මාසයකට ආසන්න කාලයක්‌ නවාතැන් ගෙන සිටි අයකු බව ද පොලිසිය තහවුරු කරගෙන තිබුණි.

ඇය කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ බව නිවැසියන්ට පවසා ඇතත් ඇය සත්‍ය තොරතුරු ඔවුන්ට පවසා ඇත්ද යන්න අනාවරණය කරගත යුතු බවත් ඇගේ ජංගම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තත් ඇය ඊට ප්‍රතිචාර නොදැක්‌වූ බවත් පොලිසිය පැවසුවේය. ඇය දරුවා ලැබී නවාතැන් ගෙන සිටි නිවසට පැමිණ ඇති අතර දින කිහිපයකට ඉහතදී නිවසට යන බව කියා ගොස්‌ පෙරේදා 

(11 දා) සවස නැවතත් නිවසට පැමිණ ඇති බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

පෙරේදා (11 දා) නිවසට දරුවා සමඟ පැමිණි තරුණිය ඊයේ (12 දා) උදෑසන නිවැසියන්ටත් නොකියා ගොස්‌ ඇති බවත් ඇය දරුවා සායනයේ පිටුපස දමායන්නට ඇති බවට සැකකරන බවත් පොලිසිය පැවසීය.

සැකකාර කාන්තාව අලුයම් කාලයේ ළදරුවා දමා යන්නට ඇති බවට පොලිසිය සැකකරන අතර ළදරුවා උදැසන බඩගිනි වී හඩද්දී ප්‍රාථමික වෛද්‍ය ඒකකයට පැමිණ සිටි මවක්‌ කිරිදෙන ආකාරය දැකගන්නට ලැබුණි. අනුරාධපුර මූලස්‌ථාන පොලිසියට ගෙනා අවස්‌ථාවේ එහි සිටි කාන්තා නිලධාරිනියක්‌ ද ළදැරියට මවුකිරි දුන්නාය.

පොලිස්‌ භාරයටගත් දරුවා සම්බන්ධයෙන් ඊයේ (12 දා) අනුරාධපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. දරුවා දමාගිය මව අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‌ෂණ සිදුකරයි. මෙම සායනය පුරා බල්ලන් සැරි සරන බවත් දරුවා බල්ලකුට අසුවූයේ නම් මරණයට පත්වන්නට ඉඩ තිබූ බවත් පොලිසිය පවසයි.

අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස්‌මත අනුරාධපුර මූලස්‌ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප ස්‌ථානාධිපති කේ. ඒ. රත්නසිරි කාන්තා පොලිස්‌ කොස්‌තාපල් 1800 පත්මසීලී හා 34027 ආනන්ද යන නිලධාරීහු පරීක්‌ෂණ සිදුකරති.
« PREV
NEXT »

Facebook Comments APPID