BREAKING NEWS
latest

728x90

468x60

කුකුළු කූඩුවට තුන් දෙනෙක්‌

හීන් නූලෙන් තම විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට සහජ හැකියාවක්‌ ඇති දේශපාලනඥයෙක්‌ මුණගැසීමට ඔහුට විරුද්ධව ඡන්දය දුන් තුන්දෙනකු දිනක්‌ සවස්‌ භාගයේ පැමිණියේ කන්ද උඩරට ප්‍රදේශයේ තම මහජන නියෝජිතයා බැහැදැක සුහදව කතාබස්‌ කර තමන්ගේ අවශ්‍යතාවක්‌ ඉටුකර ගැනීමේ අභිලාෂයෙනි. ඔවුන් තිදෙනා ඉතාමත් සුහදව හා ළෙන්ගතුකමින් පිළිගත් මහජන නියෝජිතයා ඔවුන් පැමිණි කාරණය සුහදව කතා කළේ ය. තම අවශ්‍යතාව පවසා මේ තිදෙනා පිටත්වීමට සූදානම් වත්ම ''අපෝ' මස්‌සිනාලා, ඇයි ඔය හදිසියේම යන්ඩ හදන්නෙ. එහෙම යන්ඩ දෙන්ඩ බෑ, පොඩි පහේ අඩියකුත් ගහල හෙම රෑට මොකුත් කාලම යන්ඩ බැරියෑයි'' මහජන නියෝජිතයා යෝජනා කළේය. එසේම තම නිවස පිටුපස ඇති කුකුළු කූඩුවෙන් නාම්බන් කුකුළන් දෙදෙනකු අල්ලාගෙන එන ලෙස ඔවුනට කීවේ කටගැස්‌ම සැකසීම සඳහාය.

තම විරුද්ධවාදීන් තිදෙනා සමඟ කුකුළු කූඩුව අසලට ගිය මහජන නියෝජිතයා ඔවුන් තිදෙනා කුකුල්ලු අල්ලා ගැනීමට කුකුළු කූඩුවට රිංගත්ම තම අතෙහි තිබූ ඉබි යතුරුවලින් එහි දොරකවුළු ක්‌ෂණිකවම වැසුවේ තම විරුද්ධවාදීන්ගෙන් සූක්‌ෂම ලෙස පළිගන්නා අදහසිනි. කුකුළු කූඩුවට රිංගූ තිදෙනා ඒ තුළ ඒ මේ අත දැඟලුවේ එළියට ඒමේ අපේක්‌ෂාවෙනි.

''දැන් ඉතින් තොපි තුන්දෙනා එළිවෙන තුරුම ඔහොමම හිටපියව්'' යෑයි කී මහජන නියෝජිතයා තම නිවසට විත් ඇඟපත සෝදා රාත්‍රී කෑම ගැනීමෙන් පසු නිදාගත්තේ විරුද්ධවාදීන් තිදෙනා කුකුළු කූඩුව තුළ සිටියදීමය. වටින් ගොඩින් එළිය වැටෙත්ම කුකුළු කූඩුවේ දොර කවුළු විවෘත කළ මහජන නියෝජිතයා ඔවුන් තිදෙනා එළියට ගෙන ''දැන් ඉතින් පස්‌ස නොබලා දුවපියව්'' කියමින් පා පහරවල් කිහිපයක්‌ ඔවුනට එල්ල කළේ ''මින් පසු මේ පැත්ත පළාතකටවත් නොඑන ලෙස්‌' තර්ජනාත්මකව පවසමිනි. මෙය සත්‍ය සිදුවීමකි. මෙම සිද්ධිය සිදුවූයේ කන්ද උඩරට ප්‍රදේශයේය.
« PREV
NEXT »

Facebook Comments APPID