BREAKING NEWS
latest

728x90

468x60

හබරණ සෆාරි ජාවාරමේ ගොදුරක් වුනු අලියෙකු හදිසි අනතුරකින් මහ පාරේ

හබරණ සිට ප්‍රතිකාර සඳහා පින්නවලට ගෙන ආ අලියෙකු ඊයේ කඩුගන්නාව ප්‍රදේශයේ දී අපරික්ෂාරී ධාවනය නිසා ලොරි රථය තුලම ඇද වැටීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවෙන බව වාර්තා වෙනවා.

ලොරියේ රියදුරා කියන්නේ රෝගී වූ අලියා ප්‍රතිකාර සඳහා ඊයේ (09දා) පස්වරුවේ පින්නවල ප්‍රදේශයට ලොරි රථයකින් ගෙනයන අවස්ථාවේ ලොරියේ තිරිංග තද කිරීමේදී ඇති වූ ගැස්සීමෙන් එම අලියා කන්ටේනර් රථය තුළම ඇද වැටී ඇති බවයි.

මේ පිළිබඳව පරිසරවේදී ශශිකලන රත්වත්ත සටහනක් තබමින් කියා ඇත්තේ මෙය හබරණ ප්‍රදේශයේ ජයටම කෙරෙනා සෆාරි ජාවාර්මේ හෙලුව මේ තුළින් අනාවරණය වන බවයි.එමෙන්ම හඟුරන්කෙත ප්‍රදේශයේ බස්නායක කෙනෙකුගේ යැයි සැලකෙන මෙම අලියාගේ භාරකාරත්වය පිළිබඳව ද ගැටලු පැන නැඟී ඇති බවත්, අසනීප වූ අලියා අධාරක හෝ නොමැතිව ලොරියේ ධාවනය කරවීමෙන්ම මෙම අලි හිමිකරුවන් අලින්ට කරනා සැලකිල්ල තේරුම් ගත හැකි බවත්ය.

” මෙන්න මහත්තයෝ කරනවා නම් පරීක්ෂණ ”

හබරණ සිට ප්‍රතිකාර සඳහා පින්නවලට ගෙන ආ අලියා කඩුගන්නාව ප්‍රදේශයේ දී අපරික්ෂාරී ධාවනය නිසා කන්ටේනර් රථය තුලම ඇද වැටීම නිසා අසාධ්‍ය තත්වයේ පසුවෙයි. මේ පෙරහැර සමයයි.අප දන්නා ලෙස හබරණ ප්‍රදේශයේ අලි ඇතුන් සහිත පෙරහැර පැවැත්වෙන්නේ නැත. හබරණ ඇත්තේ අලි සෆාරිය. එනම් සංචාරකයන් අලි පිටේ ගොස් නැරඹීමේ ක්‍රියාවලියය. එය හබරණ ප්‍රදේශයේ ජයටම කෙරෙනා ජාවාරමකි. මේ අලියාද පින්නවල එන්නේ හබරණ සිටය. එසේ නම් මෙවර නුවර හා තදාසන්න ප්‍රදේශ වල පෙරහැරේ මේ අහිංසකයා ගොස් නැත. පෙරහැර සමයේ ද අලියා සිට ඇත්තේ සෆාරි ජාවාරමේය. වාහනයේ තිරිංග තද කිරීමේදී ලොරිය තුල පෙරලී යාමට තරම් අලියා කෙතරම් දුර්වල තත්වයක සිට ඇතිදැයි මෙම සිදුවීමෙන් පැහැදිලි වේ. අසනීප වූ අලියා අධාරක හෝ නොමැතිව ලොරියේ ධාවනය කරවීමෙන්ම මෙම අලි හිමිකරුවන් අලින්ට කරනා සැලකිල්ල තේරුම් ගත හැක. හඟුරන්කෙත ප්‍රදේශයේ බස්නායක කෙනෙකුගේ යැයි සැලකෙන මෙම අලියාගේ භාරකාරත්වය පිළිබඳව ද ගැටලු පැන නැඟී තිබේ. කෙසේ වුවද මෙවන් අහස පොළොව නුහුලන අපරාධ නිසා අහිමි වන්නේ අතලොස්සක් වූ අපේ අලින්‍ ය. ඉතා අසාධ්‍ය තත්වයේ පසුවන #කණ්ඩුල උඹට ඉක්මන් සුවය..


– Shashikalana Ratwatte


මේ අහිංසක අලියාට වෙච්ච දේ වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදී චමිල් රූපසිංහ මහතාටත් එම අලියා ප්‍රවාහනය කල අය කැත විදිහට බැණ වැදුන බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කොට ඇත.

\



« PREV
NEXT »

Facebook Comments APPID