BREAKING NEWS
latest

728x90

468x60

පිළිකා රෝහලට පෙට් ස්කෑනරය අරන් දෙන්නත් මූලික වූ මොහොමඩ්ගේ පුතු පිළිකාවෙන් මියයයි

පසුගිය වසරේ රටේම අවධානය දිනාගනිමින් මහරගම අපේක්ෂා (පිළිකා) රෝහල වෙනුවෙන් පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදි ගැනීම වෙනුවෙන් මහජන අරමුදල් එක්රැස් කිරීමට මුල්වූ කඩීජා පදනමේ නිර්මාතෘ මොහාමඩ් මහතාගේ පුතුද පිළිකාවෙන් පීඩා විඳි අතර පෙට් ස්කෑනර අරමුදල් අදහස ඔහුට පහළවූයේ සිය පුතු නිසාය.

නමුත් අවාසනාවන්ත ලෙස හමීඩ් මොහොමඩ් අද (12දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තාවේ.

දිගු කලෙක සිට හමිඩ් පිළිකා රෝගයකට ගොදුරුව සිටි අතර ඔහු මහරගම අපෙක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන විට එහි විශාල අඩුවක්ව පැවැති පෙට් ස්කෑනර් යන්ත්‍රය ගැන මොහොමඩ් කල්පණා කළේය. මොහොමඩ්ට තම පුතු වෙනුවෙන් වියදම් කිරීමට අවශ්‍ය තරම් මුදල් තිබුණ නමුත් ඔහු තමන් වැනි පිළිකා පුතුන් සිටින පියවරුන් මෙම ස්කෑනරය නැති අඩුව නිසා මුදල් වැය කළ නොහැකිව අසරණ වන අයුරු දැක අනුකම්පා කර මෙම අරමුදල ඇරඹුවේය.

ඒ අනුව මනුසත් දෙරණ ප්‍රමුඛ සංවධාන එක් රැස් කරගෙන ජනතාවගෙන් මුදල් එක් රැස් කිරීම ආරම්භ කළේය. ඒ අනුව එකතු වූ රුපියල් මිලියන 200 රජයට භාර දුන්නත් තවමත් මිල ගණන් කැඳවමින් අඩුපාඩු සකසමින් සිටින අතර එම ස්කෑනරය ලංකාවට ගෙන්වා නැත. එම සිහිනය සැබෑ වන්නටත් පෙරම හමීඩ් මොහොමඩ් සමුගත්තේය. අද දිනයේම හමීඩ්ගේ අවසන් කටයුතු සිදු කරන්නට නියමිතය.
PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහාමුලිකව කටයුතු කල කදිජා පදනම.

අපූරුවට දුව පැන ඇවිද්ද තම එකම පුතු හදිස්සියේ රෝගී වීමත් සමඟ M.S මොහොමඩ් කලබල වූයේය.ඔහු දරුවාව වෛද්‍යවරුන් කිහිප ‍දෙනෙකුටම පෙන්නුවේය.පරීක්ෂණ කෙරිණි. ඔහුට දැන ගන්නට ලැබුණේ තම එකම පුතු පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවය.රෝගය හඳුනාගෙන පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔහු පුතු ද රැගෙන ඉන්දියාවේ සුඛෝපභෝගී රෝහලකට ගියේය.ඒ සඳහා ඔහුට මඟ කිවේ තවත් වෛද්‍යවරයෙකි.මාස කිහිපයක් ප්‍රතිකාර කළ ද දරුවාට සුව නොවූයේය.අතේ තිබූ සියලුම මුදල් ද ඉවර කරගෙන ඔහු ලංකාවට පැමිණියේ පරාජිතයෙකු ලෙසිනි.මෙරට පෞද්ගලික රෝහලකදී ද දරුවාට ප්‍රතිකාර කරනු ලැබුවේය.ඉන්පසුද ප්‍රතිඵලයක් නොලද විට ඔහු අවසානයේ දරුවාද රැගෙන මහරගම පිළිකා රෝහලට ගියේය.දරුවා රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා අතරතුරේ රෝහලේ තත්ත්වය සොයා බැලුවේය.පිළිකා රෝගයට ගොදුරු වීමෙන් මිනිසුන් විඳවන අයුරුත් මිය යන අයුරුත් ඔහුගේ හද කම්පා කළේය.

පිළිකා රෝගය මුලදිම හඳුනා ගන්නට නම් අද දියුණු තාක්ෂණයෙන් නිපදවා ඇති PET ස්කැනර් යන්ත්‍රයක් අවශ්‍යමය.රෝහලේ ඒ යන්ත්‍රයක් නැති කමින් අසරණ රෝගීන් පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලට යන අයුරු ද තවත් අපහසුතා වලට මුහුණ දෙන අයුරු ද දුටු ඔහුට අදහසක් පහළ වූයේය.එනම් මහරගම පිළිකා රෝහලට PET ස්කෑනර් යන්ත්‍රයක් මිලට ගෙන දීමය. එය තනි පුද්ගලයකුට කළ හැක්කක් නොවූයේය.හේතුව PET ස්කැනර යන්ත්‍රයක මිල කෝටි විස්සක් වීමය. පිළිකා රෝහලේ අධ්‍යක්ෂතුමා, වෛද්‍යවරුන් සමඟ ද කතා කළ ඔහු අවසානයේ මාධ්‍ය ආයතනවලද සහාය ලබාගනිමින් මේ සඳහා අරමුදලක් පිහිටුවා මහජනතාවගේ සහාය ලබාගැනිමට තිරණය කලේය.අවසානයේ අපේ රටේ මිනිසුන්ගේ සංවේදිකම නැවතත් ලෝකයට ප්‍රදර්ශණය කරමින් දින 100 තුලදි PET ස්කෑනර් යන්ත්‍රයක් මිළදි ගැනිම සඳහා රුපියල් මිලියන 200 කට වැඩි ප්‍රමාණයක් එකතුවු බව ඒ සඳහා මුලිකව කටයුතු කල M.S මොහමඩ් මහතා විසින් පිහිටුවාගත් කදිජා පදනම විසින් නිවේදනය කරන ලදි..

මේ සඳහා මැදිහත්වු කදිජා පදනමේ M.S මොහමඩ් මහතා ඇතුළු එම සංවිධානයේ සියලුම දෙනා,මහරගම පිළිකා රෝහලේ සියලුම වෛද්‍යවරුන්,මාධ්‍ය ආයතන විශේෂයෙන් දෙරණ ආයතනය, ලේක්හවුස් ආයතනය හා අරමුදල සඳහා දායකවු සියලුම දෙනා මෙන්ම සැම ආකරයකින්ම සහායවු සියලුම දෙනාට ගෞරවනිය අචාරය මෙලෙස පුදකරමු.. ඔබ සැම ඉටුකලේ සැබැවින්ම මිනිසත්කමට ගෞරවයක් ගෙනදුන් උතුම්වු අමිල ක්‍රියාවකි..මෙම කුඩා වචන පෙලකින් එම උතුම් සේවය ඇගයිමට ලක් කල නොහැකිය.

මිනිස්සු දින සීයෙන් කෝටි 20 හොයලා දුන්නත් පෙට් ස්කෑනර් එක තාම නෑ..!!

මහරගම පිළිකා රෝහලට PET ස්කෑනරයක් ලබා දීම සඳහා ජනතාව රුපියල් කෝටි විස්සක් ලබා දී තුන් මාසයකට වැඩි කලක් ගතවී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය තවමත් කර ඇත්තේ කමිටුවක් පත් කිරීම පමණක් බව අරමුදල පිහිටවූ අය පවසති.

PET යන්ත්‍රය මිල දී ගැනීම සඳහා අවශ්‍ය වූ රුපියල් කෝටි විස්ස සොයා ගැනීමට ගත වී ඇත්තේ දින සියයක් පමණි.
ඉතිරි වැඩ කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට පැවරීමෙන් අනතුරුව මාස තුනක් ගතවී හමාර නමුත් තවමත් ටෙන්ඩර් කැඳවීම නිම කර නොමැත.
මෙම අරමුදල තර කිරීම සඳහා මුදල් පරිත්‍යාග කළ කිහිප දෙනෙකු සිය කනස්සල්ල ප්‍රකාශ කර සිටියේ PET යන්ත්‍රය ගෙන්වීම පිළිබඳව රජය මන්දගාමීව කටයුතු කරන බව චෝදනා කරමිනි.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් බීබීසීය කළ විමසීමක දී ඔහු කියා සිටියේ කිසිඳු ප්‍රමාදයකින් තොරව කටයුතු සිදු වන බවයි.
PET ස්කෑනරය වෙනුවෙන් අරමුදල පිහිටුවීමට පුරෝගාමී වූ කදීජා පදනමේ සභාපති එම් එස් එච් මොහමඩ් බීබීසීයට කියා සිටියේ මේ වසර අවසන් වීමට ප්‍රථම යන්ත්‍රය රෝහලට ලබා දෙන බව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇති බවයි.

« PREV
NEXT »

Facebook Comments APPID