BREAKING NEWS
latest

728x90

468x60

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට SSP ධනපාල

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂ ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ටී.සී.ඒ. ධනපාල මහතා පත්කොට තිබේ.

එසේම ඔහුට අමතරව තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු හා පොලිස් අධිකාරිවරු 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇත.

මීට අමතරව පොලිස් නිලධාරින් 2599 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබේ.

මෙය මෑතකාලයේ වැඩිම නිලධාරින් පිරිසකට එකවර උසස්විම් ලබාදුන් අවස්ථාවක් බවපොලිස් මූලස්ථානය සදහන් කරයි.

ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා උසස් කළ සංඛ්‍යාව 2075 ක් වන අතර කොස්තාපල් රියදුරු තනතුරේ සිට සැරයන් රියදුරු තනතුර දක්වා උසස් කල පිරිස 292ක් වේ. 

සැරයන් තනතුරේ සිටි 189 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක තනතුර හිමි වී ඇති අතර කාන්තා සැරයන්වරුන් 34 දෙනෙකු උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කිරීමටයි පියවර ගෙන තිබේ. 

පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට සිටි නව දෙනෙකු ද ප‍්‍රවාහන උප පොලිස් තනතුර දක්වා උසස් කර ඇත.

එසේම පසුගියදා නියමිත සුදුසුකම් සපුරා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 177 දෙනෙකුට මෙලෙස උසස්වීම් ලබා දී තිබූ අතර පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් සැරයන්වරුන් 93 දෙනෙකු උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, උප පොලිස් පරීක්ෂකරුවන් 84 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් උසස් කර ඇත.

මිට අමතරව පොලිස් උසවීම් පටිපාටිය ක්‍රමවත්ව සකස්කරන ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගියදා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.


මේ අතර  පොලිස් නිලධාරින් 2599 දෙනෙකුට උසස්වීම් ලබාදී තිබෙනවා. මෙය මෑතකාලයේ වැඩිම නිලධාරින් පිරිසකට එකවර උසස්විම් ලබාදුන් අවස්ථාවක් බවපොලිස් මූලස්ථානය සදහන් කරයි. ඒ අනුව පොලිස් කොස්තාපල් තනතුරේ සිට සැරයන් තනතුර දක්වා උසස් කළ සංඛ්‍යාව 2075 ක්. කොස්තාපල් රියදුරු තනතුරේ සිට සැරයන් රියදුරු තනතුර දක්වා 292 දෙදෙනෙකු උසස් කෙරුණා.

 සැරයන් තනතුරේ සිටි 189 දෙනෙකුට උප පොලිස් පරීක්ෂක තනතුර හිමිවුණා. කාන්තා සැරයන්වරුන් 34 දෙනෙකු උප පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස් කිරීමටයි පියවර ගෙන තිබෙන්නෙ. පොලිස් සැරයන් රියදුරු තනතුරේ සිට සිටි නව දෙනෙකු ද ප‍්‍රවාහන උප පොලිස් තනතුර දක්වා උසස් කර ඇති බව මූලස්ථානය සදහන් කර සිටිනවා. 

එසේම පසුගියදා නියමිත සුදුසුකම් සපුරා ඇති පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් 177 දෙනෙකුට මෙලෙස උසස්වීම් ලබා දී තිබූ අතර පොලිස් මූලස්ථානය සඳහන් කළේ පොලිස් සැරයන්වරුන් 93 දෙනෙකු උප පොලිස් පරීක්ෂකවරුන් ලෙසත්, උප පොලිස් පරීක්ෂකරුවන් 84 දෙනෙකු පොලිස් පරීක්ෂකවරුන් ලෙසත් උසස් කර ඇති බවයි. මිට අමතරව පොලිස් උසවීම් පටිපාටිය ක්‍රමවත්ව සකස්කරන ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා පසුගියදා පොලිස්පතිවරයාට උපදෙස් දෙනු ලැබුවා


« PREV
NEXT »

Facebook Comments APPID