BREAKING NEWS
latest

728x90

468x60

ඔක්තෝබර් පළමුවැනිදා සිට ත්‍රීරෝද රථවලට රජය ගේන නව නීති මෙන්න..!

ලබන ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ත්‍රිරෝද රථ සඳහා ටැක්‌සි මීටරයක්‌ තිබීම අනිවාර්ය කර තිබෙන බව වාර්තා වෙනවා.
මෙලෙස මගීන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්‌සි මීටරයක්‌ තිබීම අනිවාර්ය කරමින් ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් කර තිබෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය මගින්ය.

ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් 08 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නිකුත් කර ඇති මෙම ගැසට්‌ නිවේදනය මගින් පුද්ගලයන් හෝ භාණ්‌ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු අදාළ ත්‍රිරෝද රථ රියෑදුරු විසින් රිසිට්‌පතක්‌ නිකුත් කිරීම ද අනිවාර්ය කර තිබේ. ඒ අනුව ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්‌තුව සහ ලබාගත් දිනය යන විස්‌තර අනිවාර්යෙන්ම බිල් පතට ඇතුළත් විය යුතු බවද සදහන්.

එමෙන්ම ත්‍රිරෝද රථයක මගී මැදිරියේ දකුණුපස පිටවීමේ දොරටුව අර්ධ වශයෙන් හෝ පූර්ණව ස්‌ථිර ලෙස වසා තැබීම ඇතුළු තවත් නියෝග ගණනාවක්‌ම එම ගැසට්‌ නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම නියෝග එළැඹෙන ඔක්‌තෝබර් 01 වැනිදා සිට ක්‍රියාත්මක විය යුතු බව අදාළ ගැසට්‌ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID