BREAKING NEWS
latest

728x90

468x60

Gossip : ප්‍රින්සිපල් සර් මට ඕන නැති තට්ටු දානවා - වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා

මම වැඩකර කර ඉද්දිත් ප්‍රින්සිපල් සර් මගේ පිට අතගානවා. පිටට තට්ටු දානවා. එක දවසක් කබඩ් එකේ ෆයිල් වගයක් ගනිද්දී මට දැනුණා මගේ පිට දිගේ ඇඟිල්ලකින් අතගානවා. මට ඒ වෙලාවේ කෑ ගැහුණා. ඒ වෙලාවේ සර් කිව්වා ඇඟිල්ල වැදිලා ඔහොම කෑ ගහනවා නම් වෙන මොකක් හරි වැදුණොත් කොහොම කෑ ගහයිද කියලා. මම ඔෆිස් එකේ එහෙට මෙහෙට යද්දී සර් මාව හරස් කරනවා. මම සර්ට කිව්වා මම ඕවාට කැමැති නෑ කියලා. එදා ඉඳන් මගේ රාජකාරී ජීවිතේ විනාශ වුණා. එදා ඉඳන් සර් මගෙන් පලිගන්න පටන් ගත්තා. මට විවිධ කරදර කළා. මට මීට කලින් දවසක රස්සාව එපා වෙන තරම් බැන්නා. මගේ අත්සන් ‍ලේඛන පවා වෙනස් කරලා තිබුණා. සර් මට කියනවා “පෑන මගේ අතේ තියෙන්නේ ඔයා තාම ඉන්නේ පරිවාස කාලයේ. ඔයාව මට අයින් කරන්න පුළුවන් කියලා.”


ලිංගික අල්ලස් ප්‍රතික්‍ෂේප කිරීම හේතුවෙන් පාසලේ වැඩ බලන විදුහල්පතිවරයා තමන්ගෙන් පලිගනිමින් කාර්යාලයෙන් ඉවතට දමා ගසක් යට රඳවා තැබිමට කටයුතු කළ බව කියන තඹුත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පාසලක කාර්යාල කාර්ය සහයිකාව එසේ පැවැසුවාය.
එම විද්‍යාලයේ කාර්යාල කාර්ය සහයිකාව පාසල් කාර්යාලයෙන් ඉවතට දමා තිබුණි. ඇය පාසල් කාලය තුළ විදුහල්පති කාර්යාලය අසල පිහිටි ගොඩනැගිල්ලක් අසල සිටින අයුරු දැකගත හැකි විය. ඒ අතර විදුහල්පති කාර්යාලයේ දොර ඉබි යතුරු නොදමා වසා තිබුණි.

තමන්ට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් දැඩි මානසික පසුබෑමකට ලක්ව සිටින බව පැවසූ ඇය තමන් සිදුවූ තාඩන පීඩන පිළිබඳව හඬා වැටෙමින් මෙසේ පැවැසුවාය.

“2015වර්ෂයේ ජූලි මාසයේ 13වැනිදා මම කාර්යාලයී කාර්ය සහයිකාවක ලෙස සේවයට බැඳුණා. මගේ මහත්තයා විශ්‍රාමික යුද හමුදා සෙබළෙක්. මේ පාසලට ආවේ ජනවාරි 17වැනිදා. කලින් කටියාව ප්‍රදේශයේ පාසල් දෙකකම වැඩ කළා. ඊට පස්සේ තමයි මේ පාසලට ආවේ. මේ ප්‍රින්සිපල් සර් තමයි මට මේ පාසලට මාරුව හදාගන්න ගොඩක් උදව් කළේ. ලියුම් පවා හදලා දීලා යන්න ඕන තැන් පවා කිව්වා. මම හිතුවේ ඒවා කළේ සර් සද්භාවයෙන් කියලා. හැබැයි වැඩට ඇවිත් සති දෙකක් විතර යද්දී තමයි සර්ගේ ඇත්ත තත්ත්වය දැනගත්තේ.

එසේ කී එම කාර්යාලීය කාර්ය සහායිකාව මෙසේද කීවාය.

මම සති දෙකකට පස්සේ තමයි අද පාසලට ආවේ, ඊට පස්සේ මට කාර්යාලයට එන්න එපා. එළියෙන් ඉන්න කිව්වා. ඒ වෙලාවේ ඉඳන් මම එළියේ හිටියේ. ඊට පස්සේ මට ඩියුටි ලිස්ට් එකක් එවලා තිබුණා. 7.30ට පාසලට එන්න ඕන. 3.30ට පාසලින් පිට වෙන්න ඕන කියලා.

මම තුන්වතාවක් කාර්යාලයට ගියා. ඒත් මට එළියෙන් ඉන්න කිව්වා. දෙමාපියෝ ළමයි මගේ දිහා බල බල යනවා. මම මෙතන රාජකාරී කරපු කෙනෙක්. මටත් ආත්ම ගරුත්වයක් තියෙනවා. ඒත් අද ඒ ගරුත්වය නැති කරලා තියෙනවා. සර් දැන් කාර්යාලය වහලා කලාපයට ගියා. මම දැන් එළියට වෙලා ඉන්නවා. මේ විදුහල්පති එක්ක රාජකාරි කරන්න අමාරුයි. මම ස්ථාන මාරුවක් කලාප හා පළාත් අධ්‍යාපන කාර්යාලවලින් ඉල්ලුවා. තාම විසඳුමක් ලැබුණේ නෑ. මට රැකියාවෙන් අයින් වෙන්න හිතෙනවා. ඒත් දරුවන් තුන්දෙනාගේ අධ්‍යාපන කටයුතුවලට මුදල් හොයාගන්න මේ රැකියාව අවශ්‍යයි.”

මෙම කාර්යාලීය කාර්ය සාහායිකාව නගන චෝදනාව සම්බන්ධයෙන් අප විදුහල්පති වරායාගෙන් විමසා සිටියෙමු. එවිට ඔහු කීයේ මෙවැන්නකි.

“මට මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න බෑ. නමුත් ඔය කරන චෝදනා අසත්‍යයි. ඇයට මේ පාසලට ස්ථාන මාරුව ගන්න උදව් කළේ මම. නමුත් රාජකාරි කරගෙන යන විට ඇය මට විවිධ චෝදනා කරන්න පටන් අරන්. කලාප කාර්යාලයටත් පැමිණිලි කර තිබෙනවා. මේ කාන්තාව ඔය වගේ චෝදනා කරන කොට මට ඇයත් සමඟ තනියම ඔපිස් එකේ තියා ගන්න බෑ. ඔය විදියේ දේවල් කියද්දි මේ කාර්යාලයේ මට තනියම ඉන්නත් බෑ. මොකක් හරි බොරුවක් කියාගෙන එළියට පැන්නොත් මොනව කියන්නද?

මට මේවා මාධ්‍යයට කියන්න බෑ. මගේ ප්‍රකාශ මාධ්‍යයේ දාන්නත් එපා. මට එයා එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් එයා නිසි ලෙස රාජකාරී කරන්නේ නෑ. එයා කරපු වැඩ ආයේ මම කරන්න ඕන නම් කාර්යාල සහයකයෙක් ඕන නැනේ.”

විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයාගේ අකටයුතුකම් හේතුවෙන් සිදුවී ඇතැයි කියන අසාධාරණය පිළිබඳව මෙම කාර්යාල කාර්ය සහයිකාව ඊයේ (23) මානව හිමිකම් කොමින් සභාවේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයටද පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධ උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ‍ලේකම් නීතිඥ අනෝමා මානෙල් මහත්මියගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය. “මට පහුගිය බදාදා දිනයේ මේ පැමිණිල්ල ලැබුණා. එම පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණයක් කිරීමට නිලධාරියකු පත්කර සිටිනවා.”

අනුරාධපුර – බුද්ධික මහේෂ් විජේසූරිය
« PREV
NEXT »

Facebook Comments APPID