BREAKING NEWS
latest

728x90

468x60

ජනපතිගේ සොයුරකු රක්ෂිත බන්ධනාගාරයට - VIDEO


ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු සහ ඔහුගේ සොහොයුරා ගමන් ගත් යතුරුපැදියට පසු පසින් පැමිණ එම යතුරුපැදියේ ගැටීමෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් ඊයේ (09) පොලොන්නරුව පොලීසියට බාරවූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට සඳුදා (11) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

නැණසිරි ප්‍රඥාරත්න සිරිසේන නම් සැකකරු වැඩිදෙනා විසින් හඳුන්වනු ලබන්නේ ලාල් සිරිසේන යනුවෙනි.


මෙම අනතුරෙන් එකම පවුලේ සොයුරන් දෙදෙනකු වන 48 හැවිරිදි ඒ.ජේ.එම්. ජයරත්න මහතා සහ 58 හැවිරිදි ඒ.ජේ.එම්. බුද්ධදාස ජීවිතක්ෂයට පති විය.

බුද්ධදාස මහතා වකුගඩු රෝගියෙකු වන අතර ඔහුගේ ප්‍රතිකාර කටයුත්තක් සඳහා ගොස් නැවත හිඟුරක්ගොඩ ප්‍රදේශය දක්වා යතුරු පැදියෙන් එමින් සිටියදී ඊයේ අළුයම 1.30ට පමණ මෙම අනතුරට මුහුණදී තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ ජනාධිපති සොහොයුරු ලාල් සිරිසේන මහතා විසින්ම එම රථය ධාවනය කර ඇති අතර අනතුරෙන් පසු ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබිණි.

ඉන් පසු ඊයේ පස්වරුවේ අදාළ රථය සමග ලාල් සිරිසේන මහතා පොලීසියට බාර වී ඇත.

පළමුව වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත්කර රථයේ රියදුරු ලෙස හුවාදැක්වීමට සූදානම් වුවද සිද්ධිය ඇසින් දුටුවන් ඒ වනවිටත් පොලීසියට ලබාදී තිබූ ප්‍රකාශ අනුව ලාල් සිරිසේන මහතාද ඉන් මගහැරයාමට ඉඩ ලැබී නැත.

ඊට අදාළ නඩුව හෙට 11වනදා කැඳවීමට නියමිත ය.



« PREV
NEXT »

Facebook Comments APPID