BREAKING NEWS
latest

728x90

468x60

එක්නැලිගොඩට, ලසන්තට කඩිනම් සාධාරණයක් - ශානි අබේසේකර වැඩ අරබයි

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර ඇත.

පොලිස් කොමිසම විසින් මෙම පත්කිරීම කරනු ලැබ තිබේ.

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වශයෙන් පත් කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර කැමැත්ත පල නොකළ බව පසුගිය කාලයේ වෙබ් අඩවි වාර්තා කළ අතර ඊට හේතුව වශයෙන් පෙන්වා දී තිබුණේ විවිධ වැරදිසහගත සිදුවීම්වලට සම්බන්ධ නිලධාරියකු වන පොලිස්පතිවරයාගේ හිතවතකු පත් කිරීමට ඇති උත්සාහය හේතුවෙන් බව ය.

කෙසේ වුවද පොලිස් කොමිසම පෙන්වා දී තිබුණේ පොලිස්පතිවරයාගේ අනුමැතිය අනුව පොලිස් කොමිසම විසින් මෙම පත්කිරීම සිදු කළ බව ය.

ශානි අබේසේකර යනු රතුපස්වල වෙඩිතැබීම, එක්නැලිගොඩ අතුරුදහන්කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරියකු වේ.

මේ වන විට මිනීමැරුම් චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරය්කු විසින් එළිපිට කරන ලද මරණ තර්ජ්නයකටද ශානි අබේසේකරට පසුගිය කාලයේ මුහුණපෑමට සිදු විය.

කෙසේ වුවද රතුපස්වල වෙඩිතැබීම, එක්නැලිගොඩ අතුරුදහන්කිරීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් වෙනු ඇති බවට මෙම නව පත් කිරීමෙන් බලාපොරොත්තු තැබිය හැකිය.
« PREV
NEXT »

Facebook Comments APPID