BREAKING NEWS
latest

728x90

468x60

ඩෝසර් කළ සූඩයිකුඩා දාගැබට පුරාවිද්‍යාව අත ගසයි

පසුගියදා කිසියම් පිරිසක්‌ විසින් විනාශ කර දමන ලද සාම්පූර් සුඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන සංරක්‌ෂණයට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා පවසයි.

යාපනෙන් අතුරුදන් වූ දරුවයි බිරියයි 18 වසරකට පසු ඕස්ට්‍රේලියාවෙන් සොයාගනී

යාපනයේ වැසියකුගේ අතුරුදන් වූ බිරිය හා දරුවා වසර දහඅටකට පසුව පෙරේදා ඕස්ට්‍රේලියාවේදී හමු වී තිබේ.පී. බහිදරන් නමැති මේ පුද්ගලයා විවාහ වී වසර හතරකට පසුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් පිරිසක් විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් එම සංවිධානයට බඳවා ගෙන තිබේ.
අවසන් යුද සමය දක්වා ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ කටයුතු කොට අවසන් කාලයේදී යුද හමුදාව වෙත භාර වී රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වීමෙන් පසුව නිදහස ලබා ඇත.

කිසිම වෙදකමකින් සනීප කරන්න බැරි ලෙඩවලට බෙහෙත් නාඩිවාක්‍යයේ. – ආනන්ද මෛත්‍රී නාහිමිගේ විස්මිත දෙසුම මෙන්න

නාඩි වාක්‍ය පිළිබඳව අපි විටින් විට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් සමග සාකච්ඡා කළෙමු. මෙම සාකච්ඡාවන් සඳහා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති) දිවංගත ප්‍රභාත් මානවසිංහ මහතා ද, දිවයින පුවත් පතේ ප්‍රවෘත්ති කර්තෘව සිටි දිවංගත දයාරත්න රණසිංහ මහතා ද සහභාගි වූහ.සිංහල බසින් රූපවාහිනි සාකච්ඡාව මෙහෙය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථා නිවේදකව සිටි සුගත් ලයනල් රණසිංහ මහතාය. ඉංග්‍රීසි බසින් සාකච්ඡාව මෙහෙයවූයේ එවකට ස්‌වාධීන රූපවාහිනි සේවයේ ක්‍රීඩා වාර්තාකරු ලෙස සේවය කළ අතුල රත්නායක මහතා ය.

ඇතැම් අවශ්‍ය කරුණු සහ ගැටලු සහිත තැන් පිළිබඳ විමසන ලද්දේ මවිසිනි. එකී සාකච්ඡා වෙන් වෙන් වශයෙන් දැක්‌වීමෙන් පාඨක ඔබ තුළ ඇතිවිය හැකි ව්‍යාකූල තත්ත්වයන් මඟ හැරීම සඳහා අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගෙන් අප අසන ලද සියලු ප්‍රශ්න සහ උන්වහන්සේ දුන් පිළිතුරු සරලව පාඨක ඔබගේ පහසුව සඳහා මෙසේ ප්‍රශ්න සහ පිළිතුරු වශයෙන් කැටි කොට කොටස්‌ වශයෙන් පළවන බව සලකන්න.

වයස 82 ක කාන්තාවක හා අනියම් ඇසුර නිවසට සැලවීම නිසා ඔංචිල්ලා කණුවක එල්ලී එක්‌ දරු පියා දිවි නසා ගනී

දැරණියගල පොලිස්‌ බල ප්‍රදේශයේ බොරලංකඩ ග්‍රාමයේ දමිළ පාසලේ ඔංචිල්ලා කණුවක එල්ලී 38 වියෑති එක්‌දරු පියෙකු සිය දිවිනසාගෙන ඇත.

වෙබ් මාධ්‍ය සඳහා ආචාර ධර්ම මාලාවක් !

වෙබ් මාධ්‍යවේදීන් සඳහා වූ ආචාර ධර්ම මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංවිධානය කටයුතු යොදා ඇත.

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත්වෙයි ප්‍රථමයන් මෙන්න

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. 

ගැටිස්‌සියන් ජලයෙහිදීම ගල් කළ සද්ධානන්ද හිමියෝ

පොල් ත්‍රිකෝණයට අයත් වයඹ පළාතේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ බිංගිරිය නගරයට නුදුරු බ්‍රාහ්මණයාගම විහාරස්‌ථානයක එකල වැඩ විසූ සද්ධානන්ද හිමියෝ ප්‍රදේශයේ මහත් ප්‍රසිද්ධියෙක්‌ ඉසිලූ ධම්මකථික ස්‌වාමීන් වහන්සේ නමක්‌ වූහ. ප්‍රදේශයේ පඬිරුවනක්‌ වූ උන්වහන්සේ යන්ත්‍ර, මන්ත්‍ර ගුරුකම් පිළිබඳව ද ඉමහත් ප්‍රසිද්ධියක්‌ ඉසිලූහ.

මහත් කථිකත්වයක්‌ ඇති උන්වහන්සේ දිනක්‌ තම අවශ්‍යතාවක්‌ සඳහා තම විහාරස්‌ථානයේ සිට බිංගිරිය නගරයට වැඩියේ වැව් කණ්‌ඩියක්‌ දිගේ පා ගමණින්ය. ඉතා ඉක්‌මන් ගමනින් වැඩි උන්වහන්සේ දුටු වැවේ දිය නාමින් සිටි ගැටිස්‌සියන් සමූහයක්‌ මහ හයියෙන් කොක්‌හඬලා සිනහසුනේ ඔලුක්‌කුවකට මෙනි. මේ සිද්ධියෙන් තදබල ලෙස උරණවූ සද්ධානන්ද හිමියෝ තම ගමන නවතා ගැටිස්‌සියන් සමීපයට විත් ඔවුනට අත දිගුකර මන්තරයක්‌ මතුරා ජපකර නැවත සුපුරුදු පරිදි තම කටයුත්ත සඳහා වැඩම කළේ කිසිම හැළ හොල්මනක්‌ නොමැතිවය.

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අරවින්දට පස්සේ ඊයේ ලංකාවට ගෙනාපු සුපිරි Ferrari කාර් එක මෙන්න

Ferrari කාර් එකක් ගන්න එක කාගේත් සිහිනයක්.

හැබැයි එක හැබෑ කරගන්න ගොඩක් ආමාරු හීනයක් කියලා දැන දැන තමයි ඒ හීනේ ඉන්නේ.

කෝටිපතියන්ට නම් එක ලොකු හීනයක් නෙමේ.

භූත බියකින් යාපනය කැළඹෙයි - 09ක්‌ හදිසියේ මියගිහින්

යාපනය නගරාසන්න වැසියෝ සියලු දෙනාම මේ දිනවල භූත බලවේගයක්‌ පිළිබඳව පැතිර යන ආරංචියක්‌ නිසා බියට පත්වී සිටිති.මීට ඉතාම ආසන්න හේතුවක්‌ වී ඇත්තේ ඉතාම කෙටි කලක්‌ ඇතුළතදී යාපනයේ එකම පවුල් දාමයකට අයත් පුද්ගලයන් 09 දෙනකු හදිසියේම මිය යැමයි. ඔවුන් යාපනයේ කුඩා පරිමාණයේ වෙළෙඳ කටයුතුවල නිරතව සිටි පවුල් දාමයකි.

එසේ මියගිය පුද්ගලයන් 9 දෙනා අතර කාන්තාවන් 4 දෙනකු හා කුඩා ළමයින් දෙදෙනකු ද සිටින අතර ඔවුන් මිය යැමට හේතුව පැහැදිලි වශයෙන් ප්‍රකාශ කිරීමට යාපනය ශික්‌ෂණ රෝහලේ වෛද්‍යවරුන් ද අසමත් වූ බව යාපනයේ වැසියෝ පවසති.

හෙල්මට්‌ එකකින් ගසා පුද්ගලයකු මැරූ දෙදෙනා දැලේ

සුගියදා යතුරුපැදි ආරක්‍ෂිත හිස්‌ වැසුමින් ගසා පුද්ගලයෙකු ඝාතනය කර පළාගොස්‌ සැඟවී සිටි සැකකරුවන් දෙදෙනකු මහරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ කළුබෝවිල ඇළ ඉවුර පාරේ පදිංචි 40 - 42 වියේ පසුවන විවාහකයන් බවත් පොලිසිය පැවසීය.

වස්‌කඩුව පනාපිටිය තිඹිරිගස්‌හේන ප්‍රදේශයේ පදිංචි ලියනගේ දොන් නෙරන්ජන් නෙළුම්ප්‍රිය ජයසිංහ නමැති 38 හැවිරිදි තිදරු පියා මෙලෙස ඝාතනයට පත්විය.

හිටපු පෙම්වතියගේ ප්‍රහාරවලට රොෂාන් පිලපිටියගේ බිරිඳගේ මවගෙන් ප්‍රතිප්‍රහාරයක් - මේ මගේ ප්‍රථම හා අවසන් ප්‍රකාශයයි

රොෂාන් පිලපිටියගේ සහ රිද්මාගේ විවාහය ගැන පසුගියදා ආන්දෝලනාත්මක විදියට කතාබහක් ඇතිවුණා.

මේ නිසා සමාජ මාධ්‍යයන්වලද විවිධ මඩ ප්‍රචාර එල්ල වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් රොෂාන් පිලපිටියද අදහස් දැක්වූ අතර ඔහු පවසා සිටියේ සුනලි රත්නායක මෙම ප්‍රචාරයන් ගෙනගිය බවත් ඇයට එරෙහිව නීතිමය පියවර ගන්නට සූදානම් බවත්ය.

ධවල මන්දිරයේ සුපිරි නත්තල

ලෝකයම නත්තල් අසිරියට සැරැසෙද්දී අමෙරිකාවේ ධවල මන්දිරයද කිසිවෙකුටත් නොදෙවැනි අන්දමේ අලංකාර නත්තලකට සැරසුණි. එතෙක් මෙතෙක් සිටි ජනාධිපති ආර්යාවන් අතර හොඳම මෝස්තරකාරියක ලෙස සැලකෙන මෙලානියා ට්‍රම්ප් නත්තල් සැරැසිලි ඇරඹුවේ ඔක්තෝබරයේ සිටය.



සාමාන්‍යයෙන් අමෙරිකාවේ ප්‍රධාන පෙළේ නත්තල් ගස් දෙකක් දක්නට ලැබේ. එයින් එකක් ප්‍රධාන නගරයේ පිහිටුවන අතර එය (කැපිටල් ක්‍රිස්මස් ට්‍රී) ලෙස හැඳින්වෙයි. අනෙක් ප්‍රධාන නත්තල් ගස ධවල මන්දිරයේ දකුණු පස තණබිමේ පිහිටුවාලන ජාතික නත්තල් ගසයි. මෙවර ධවල මන්දිර නත්තල් ගස හෙවත් ජාතික නත්තල් ගස ගෙන ආවේ වොෂින්ටනයේ සිට සැතපුම් 2800ක් ඈතින් පිහිටි වනබිමක සිටය. එය නිල් ස්ප_ස් වර්ගයේ ගසකි. ප්‍රධාන නත්තල් ගස ඉඩාහෝහි ජාතික වනෝද්‍යානයෙන් ලබාගත් අඩි 80ක් උස එන්ගල්මාන් ස්පස් ගසකි.

රුසියාව පවවා තිබූ තේ ආනයන තහනම ඉවතට

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රුසියාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. 


විශේෂයෙන් තේ සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඊයේ දිනයේ රුසියාව බලා පිටත්ව ගිය අතර, ඔවුන් එරට බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා  සඳහන් කළේ. 

9 දෙනෙකුගෙන් යුත් මෙම තාක්ෂණික කණ්ඩායමට තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ද ඇතුළත් වුණා. 

කොක්මාදුවේ අනුරුද්ධ හිමි සිවුර විසිකර අඳනය පිටින් මුහුදට පැන, දියේ ගිළුණු හතරක් බේරාගෙන

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල ඉමදුව පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසී කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්යෝ සමත් වුහ.

ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ කොග්ගල සිට උපන්දින සාදයකට පැමිණි කාන්තාවන් 04 දෙනෙක් හා තවත් පිරිසක් දිය නාමින් සිටි ඇත. මේ අවස්ථාව වන විට තවත් විශාල පිරිසක් මෙම ස්ථානයේ දිය නාමින් සිටියහ.

එක්වරම මුහුද රළු වී මුහුදු ජලය එක්වරම වැඩිවී තිබේ. මේනිසා දිය නාමින් සිටි උපන්දින සාදයට පැමිණි සිටි පිරිස අතර සිටි තරුණ කාන්තාවන් 04 ක් දියේ ගිලි ගසාගෙන යන්නට විය.

අක්මාවෙ කොටසක් දුන්න පුද්ගලය නාමල් අදුරන්නෙ නෑලු - නාමල්ට බුකියේ පලු යන්න බැනුම්

නාමල් උඩුගම ලංකාවේ සිටින දක්ෂ ගායන ශිල්පියෙක්.

දන්න පරිදි දැනට වසර කීපයකට පෙර නාමල් උඩුගම ගායන ශිල්පියා අක්මාවේ සැත්කමකට භාජනය වුණා.

එහිදී මෙම සැත්කමට අවශ්‍ය අක්මාවේ කොටසක් ක්‍රිෂාන්ත සම්පත් විසින් නාමල් උඩුගම ගායන ශිල්පියාට 2015 මාර්තු 22 වෙනි දින ලබා දී ඇත බවයි සදහන් වෙන්නේ .

ඔබේ ශරීරයේත් මේ දේවල් පිහිටා තිබෙනවාද..?

නම්‍යශීලී දිව.

දිව ඕනෑම අතකට නැවිය හැකි යැයි අප සිතා ගෙන සිටියත් ඇත්තටම එසේ නැහැ.

දිවෙහි නම්‍යශීලීත්වය ජානමය ලක්ෂණ අනුව වෙනස් වෙනවා. වඩාත්ම නම්‍යශීලී දිවක් ඇත්තේ ඉන්දියානුවන්ට බවයි පර්යේෂකයන් පවසන්නේ.

ලෝකයේ මිනිසුන්ගෙන් 1% පමණක් දිව තුන්වරක් රෝල් කළ හැකියි.

සෙලවිය හැකි කන්.

සාර්ථක ගැබ් ගැන්වීමක් සඳහා පිරිමියෙකු සතු සුදුසුකම් මෙන්න..!

දරු පිළිසිඳ ගැනීමකදී කාන්තාවක තුළ තිබිය යුතු සුදුසුකම් පිළිබඳව බොහෝ දෙනෙක් කථා කරනවා. නමුත් කාන්තාවක් ගැබ් ගැන්වීම සම්බන්ධයෙන් කටයුතු කරන පිරිමියෙකුගේ තිබිය යුතු නීරෝගීතාවය පිළිබඳව බොහෝ දෙනෙකු අවධානය යොමුකොට නැහැ.

මේ අතර ඉන්දියාවෙ මුම්බායි නගරයේ කොහිනූර් රෝහලේ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය අංජලී තල්වල්කාර් මාස දෙකකට වරක් ආසියාතික තරුණියන්ගේ ගර්භනී බව පිළිබඳ වැඩමුළු පවත්වනවා. මෙවර ඇය කතා කර තිබෙන්නේ දරු උපතක් සඳහා පිරිමියාගේ සෞඛ්‍යයේ බලපෑම ගැනයි.

මුස්ලිම් මස් කඩේ 2018 වසරට ගහපු කැලැන්ඩරයට රුවන්වැලි සෑය දාලා - රත්නපුරේ යකා නටල

රත්නපුරය ප්‍රදේශයේ මස් අලෙවි කරන ස්ථානයක නව වසරට මුද්‍රණය කළ දින දර්ශන තොගයක් නිසා ඊයේ (24) දින එම ප්‍රදේශයේ තරමක් නොසන්සුන් කාරී තත්වයක් ඇතිවුණා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ෆේස්බුක් පිටුවක පළ වූ අදහස් හා ඡායාරූප පහතින් නරඹන්න

උරුබොක්ක - කොළඹ දුර ගමන දොඩම්ගහ ඇළෙන් නතරවුන හැටි - වීඩියෝ

රත්නපුර, පතුල්පාන ප්‍රදේශයෙදී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 43 දෙනෙකු තුවාල ලබා තිබේ.


උරුබොක්ක සිට කොළඹ බලා ධාවනය වූ දුර ගමන් සේවා බස් රථයක් රත්නපුර - ඇඹිලිපිටිය මාර්ගයේ පතුල්පාන ප්‍රදේශයේදී දොඩම්ගහ ඇලට පෙරලීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පවසන්නේ.

අද අළුයම 3.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.

කුකුළන් හයක්‌ ගිල්ල පිඹුරෙක්‌ වනජීවියෙන් අල්ලයි

අනුරාධපුර, කලැත්තෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවසක්‌ අසල පිහිටි කුකුල් කූඩුවකට ඇතුළුවී කුකුළන් හය දෙනෙකු පමණ ගිල දැමු විශාල පිඹුරෙකු වනජීවි නිලධාරීන් විසින් අල්ලාගෙන ඇත.

නත්තල් දා මැකී ගිය රන් ස්‌වරය ධර්මදාස වල්පොල

හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැත නොහොඳ නරක දිනුවේ...සිත ඊර්ෂමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරඟ දිනුවේ.....

ගීතය රචනා කර තිබුණේ හියුගෝ ප්‍රනාන්දුය. සංගීතය ආර්. මුත්තුසාමි මාස්‌ටර්ය. ඒ. බී. රාඡ්. අධ්‍යéණය කළ එස්‌. එම්. නායගම් නිපදවූ "ප්‍රේම තරඟය"චිත්‍රපටිය වෙනුවෙනි. මෙම ගීතය මුලින්ම ගායනා කරන්නට නියමිතව සිටියේ ධර්මදාස නොවීමද අපූරු කතාවකි. එය ගයන්නට සිටි අරුණ ශාන්ත නම් චිත්‍රපට නළුවා හදිසියේ අසනීප තත්ත්වයට පත්වීම නිසා චිත්‍රපට කණ්‌ඩායමට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය.

මුත්තුසාමි මාස්‌ටර්ගේ වාදක මණ්‌ඩලයේ තබ්ලා වාදනය කරමින් සිටි එම් . ආරියදාස ගැටලුවට විසඳුමක්‌ ලබා දුන්නේය. මාස්‌ටර් හොඳට සිංදු කියන්න පුළුවන් හාදයෙක්‌ ඉන්නවා. රේඩියෝ සිලෝන් එකෙත් "ලයිව් සෝන්ස්‌" කියනවා.

කෝලියි අනුෂ්කයි තෑග්ගකුත් අරන් අගමැති මෝදිව හමුවෙලා ඉල්ලපු දේ මෙන්න - වීඩියෝ

සුපිරි ක්‍රීඩක විරාත් කෝලි පහුගිය දවසක විවාහ වුණා.ඒ සුරූපි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා එක්ක.කාලයක් පෙම්වතුන් වෙලා හිටපු මේ දෙන්නාගේ විවාහ උත්සවය තිබුණේ ඉතාලියේ.පවුලේ ළඟම හිතුවතුන් කිහිප දෙනෙක් විතරයි මේ උත්සවය සහභාගී වෙලා තිබුණේ.

ඒ නිසාම කෝලිගේයි අනුෂ්කාගෙයි මිතුරන්ට ඉන්දියාවෙදි වෙනම සාදයක් පවත්වනවා කියලා ඉන්දියානු මාධ්‍ය තොරතුරු වාර්තා කරලා තිබුණා.

නිවස විකුණා ලේලිය පනී - වියපත් යුවළ මහමගට

තමාගේ සින්නකර ඔප්පු සහිත මෙතෙක්‌ කල් ජීවත් වූ නිවස හා ඉඩම වංචනිකව රවටා විකුණා ගනිමින් රු. ලක්‍ෂ 14 ක්‌ රැගෙන පැනගිය ලේලිය පිළිබඳව පොලිසි තුනකට පැමිණිලි කර ඇති අතර වසර දෙකකට ආසන්න කාලයක්‌ ගතවී ඇතත් සාධාරණය ඉටු නොවීම හා පොලිසිය ලේලියට පක්‍ෂග්‍රාහීව කටයුතු කිරීම හේතුවෙන් තම ස්‌වාමිපුරුෂයාත් සමග මහමගට වැටී ඇතැයි (74) හැවිරිදි වියපත් මවක්‌ වන තමාඩුවේ ගෙදර රත්මල්වල තංගල්ල යන ලිපිනයේ පදිංචි ඩී. ජී. දයාවතී මහත්මිය කියා සිටී.

විවාහ සහතික ඔසවාගෙන කතුන් 3ක්‌ ගුටි කෙළියක - අනංගයා අත්අඩංගුවට

එකිනෙකාට කිනෙකාට හොර රහසේ ව්‍යාජ උප්පැන්නයක්‌ සාදා විවාහ තුනක්‌ කරගත් සැකකරුට දාව කාන්තාවන් දෙදෙනකුට දරුවන් දෙදෙනා බැගින් දරුවන් සිවු දෙනෙකුත් අනෙක්‌ කාන්තාව දරුවකු පිළිසිඳගෙන ගබ්සාවට ලක්‌වූ කාන්තාවක බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

විවාහ තුනක්‌ කරගෙන දරුවන් හැදූ පුද්ගලයකු බණ්‌ඩාරගම සංඝමිත්තා පාරේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බණ්‌ඩාරගම පොලිසිය කියයි.

සංඝමිත්තා මාවතේ නිවෙසක කාන්තාවන් දෙදෙනකු ගුටි කෙළියක යෙදෙන බවට බණ්‌ඩාරගම පොලිසියට 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශය හරහා එක දිගට ලද පණිවිඩ අටක්‌ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ කොස්‌තාපල් අමිල මහතා එම නිවෙස සොයා ගිය බව පොලිසිය කියයි.

සනුකයි වින්ඩියි හැම තැනම එකටමයි

අපේ රටේ කාලයක් තිස්සේ ජනප්‍රිය රැල්ලේ දිගටම ඉන්න සුපිරි ගායකයෙක් තමයි රූකාන්ත ගුණතිලක කියන්නේ.



රූකාන්තගේ ගායන හැකියාව ඒ විදියටම පිහිටලා තියෙනවා දියණියන් දෙන්නටත්.

එයින් වැඩිමහල් දියණිය අපි කොයි කවුරුත් දන්න රයිනි චාරුකා..

පියුමි ජැක්සන් ඇන්තනීගේ පෙම්වතිය වෙන්න ඉන්දියාවට යයි

පියුමි හංසමාලි ගැන අලුත් කතාවක් ආරංචිවනව . ඒ පියුමි ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ අනිල් කුමාර්ගේ ” ලක්නව් ” නමැති ඊළඟ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ලෙස තෝරාගෙන තිඛෙන පුවතකුයි.

එහි ප්‍රධාන නළුවා ලෙස ලංකාවෙන්ම ජැක්සන් ඇන්තනිව තෝරාගෙන තිඛෙන අතර මේ සම්බන්ධ මුහුරත් උළෙලට සහභාගී වීම සඳහා ජැක්සන් හා පියුමි පසුගියදා ඉන්දියාවේ සංචාරයකද නිරත වී තිඛෙනවා.

දළ පූට්‌ටුවාගේ දළ යුගල අලෙවියට සම්බන්ධ හිමිනම සොයා සීඅයිඩී විමර්ශන

ගල්ගමුවේ දළපූට්‌ටුවා ඝාතනය කර දළ යුගලය අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම ප්‍රදේශයේ ඉපැරණි විහාරස්‌ථානයක විහාරාධිපති හිමිනමක අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) විමර්ශන ආරම්භ කර ඇත.

මුහුණුපොතෙන් යහළු වී කාන්තාව ඇන්දූ නයිජීරියානුවාට ඇප

ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක්‌ සමඟ මුහුණු පොතෙන් මිතුරු වී ඇයව රවටා රුපියල් අට ලක්‍ෂ පනස්‌ දහසක මුදලක්‌ වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි නයිජීරියානු ජාතිකයා ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව 12 වැනිදා බන්ධනාගාරයෙන් මුදාහරිනු ලැබීය.

30 ක පමණ කාන්තා කොල්ල කල්ලියක් කොළඹට බැහැලා

උත්සව සමයේ පිටකොටුව නගරයේ ඇඳුම් පැලඳුම් තෝරන සහ බස්‌ රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි, රන්මාල සොරාගන්නා සහ කොල්ලකන පුත්තලම වෙප්පමඩු කාන්තා කොල්ල කල්ලිය යළිත් කොළඹට පැමිණ ඇති බව පවසන පිටකොටුව පොලිසිය ඒ ගැන කල්පනාකාරී වන්නැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

දැනටමත් මෙම කාන්තා කොල්ල කල්ලියේ තිදෙනකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගතකර ඇතැයි පිටකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් සිලෝගම මහතා පැවැසීය.

2017 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ට විභාගයේ පාසල්වලට ඇතුළත් කරන අවම ලකුණු මෙන්න

2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වූ අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට පත්කර ඇත.



ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් සඳහා කොළඹ රාජකීය විද්‍යාලය කඩඉම් ලකුණු 187, මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 186, කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලකුණු 186 ක් හා කොළම ආනන්ද විද්‍යාලය ලකුණු 184 ක් ලෙස ද දක්වා තිබේ.

ගලේවෙල අධ්‍යාපන කලාපයේ විභාග අතරතුර ගුරුවරු මාරු කරලා

ගලේවෙල අධ්‍යාපන කලාපයේ වාර විභාග අතරතුර ගුරුවරු මාරු කරලා. ඇතැම් සිසුන්ට ලබාදී ඇති පරණ පෙළපොත් පාවිච්චි කළ නොහැකි යෑයි නිදහස්‌ ලංකා පුරෝගාමී ගුරු සංගමයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් නිමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ගුරුමාරු සිදුකිරීමෙන් ඇගයීම් පරීක්‍ෂණවලට බාධාවක්‌වී නෑ. සෑම වසරකම ලබාදෙන පෙළපොත්වලින් කිසියම් ප්‍රතිශතයක්‌ පරණ ඒවා. අවශ්‍යම සිසුන්ට සුදුසු පියවර ගන්නවා. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ.

මින්නේරිය දේවාලයේ පිං කැටය කඩාගෙන පැනලා යද්දි අනතුරකට ලක්වෙලා

මින්නේරිය දේවාලයේ පිං කැටය බිඳ එහි මුදල් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව තිබෙනවා.


අනතුරෙන් තුවාල ලැබූ සැකකරුවා රෝහල් ගත කළ බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.

දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

එහිදී දඹුල්ල පොලීසිය ත්‍රීරෝද රථය පරීක්ෂා කර බැලීමේදී ත්‍රීරෝද රථයේ විසිවී ගිය පොහොර බෑගයක දැමූ කාසි සහ නෝට්ටු තොගයක් සහිත මල්ලක් දැක තිබෙනවා.

කාම්බෝජයේ පැවත්වෙන Miss University 2017 තරඟයට යන සබරගමුව විශ්ව ව්ද්‍යාලයේ දුලනි


මෙවර miss university 2017 තරඟාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබුවේ ගිය වසරෙ miss teen sri lanka බවට පත්වුණු දැනට සබරගමුව විශ්ව ව්ද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ක්‍රීඩා විද්‍යාව සහ කලමනාකරණය හදාරන දුලනි රත්නායකයි.

ඇය පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයෙන් බිහි වූ සිසුවියක්.

සා.පෙළ ලියන්න කිලෝමීටර් 14ක් පයින් යන දිරිය දරුවෝ හතර දෙනෙක් !

අ. පො. ස. (සා. පෙළ) විභාගය මේ දිනවල පැවැත්වේ. එම විභාගය සඳහා දිවයිනේ නන් දෙසින් දරුවෝ ලක්ෂ ගණනක් පෙනී සිටිති.

බොහෝ දරුවෝ සිය මවුපියෝ කැටුව කලින්ම විභාග ශාලා වෙත ගොස් පොත් පත් පාඩම් කරති. විභාගයට සූදානම් වෙති.

මේ අතර අලුයම හතරට පමණ අවදි වී අන්ධකාරය මධ්‍යයේම පහට පහමාරට පමණ තනිවම නිවෙසින් පිටවී කිලෝමීටර් 14ක් පයින්ම ගොස් විභාගය ආරම්භ වෙන්න ඔන්න මෙන්න තිබියදී විභාග ශාලාව වෙත දුව ගොස් විභාගයට පෙනී සිටින දිරිය දරුවන් හතර දෙනකු අරණායක දෝතල්ඔය වත්තේ ඇලිකේදෙණිය කොටසේදී පසුගියදා (16දා) අපට හමුවිය.

හොරණ ඒකාබද්ධ දැවැන්තයා යසපාල කෝරළගේ මෛත්‍රි සෙවනට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා ජනපතිට සහය පළ කිරීමට එක් වෙයි.

සා.පෙළ ලියන්න යන සිසුවකුට සිසුන් දෙදෙනෙක් මඟදී පහරදීලා

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා ගම්පොළ ගඟසිරිපුර විභාග මධ්‍යස්ථාන වෙත යමින් සිටි ශිෂ්‍යයකුට එම විභාග මධ්‍යස්ථානය අසල දී තවත් විභාග අපේක්ෂක සිසුන් දෙදෙනකු විසින් පහරදීම නිසා එම සිසුවා ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු රෝහල තුළදී විභාගය ලිවීමට කටයුතු කටයුතු සලසා තිබුණි.

ගම්පොළ ඉඟුරුවත්ත ප්‍රදේශයේ පදිංචි මේ සිසුවා දොළුව මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන අතර එම පාසලේ විභාග මධ්‍යස්ථානය ලෙස ගම්පොළ ගඟසිරිපුර විද්‍යාලය යොදා තිබුණි.

චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලංකාවේදී යුග දිවියට - Video

චීන මනාල මනාලියන් 100 ක් ශ්‍රී ලාංකික සම්ප්‍රදායට එකම දිනයක ශ්‍රී ලංකාවේදී යුග දිවියට පිවිසීමේ උත්සවයක් කොළඹ දී පැවැත්විණි.

ඉරිදා (දෙසැම්බර් 17) සවස කොළඹ නගර සභා පිටියේ පැවති මෙම උත්සවය ශ්‍රී ලංකා රජය විසින් හඳුන්වනු ලැබ තිබුණේ “රාජකීය විවාහ මංගල උත්සවයක්” ලෙසිනි.

ශ්‍රි ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඓතිහාසික චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම උත්සවය සංවිධානය කිරීමේ අරමුණ බව උත්සවය අතරවාරයේ අදහස් දැක්වූ අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේය.

මනාල මනාලියන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික උඩරට ක්‍රමයට සැරසී සිටි අතර තවත් පිරිසක් චීන සාම්ප්‍රදායික ඇඳුමෙන් ද තවත් පිරිසක් යුරෝපීය ඇඳුම්වලින් ද සැරසී සිටියහ.

“අපි බැන්දා. ගොඩක් සතුටුයි. බොහොම ස්තුතියි ශ්‍රී ලංකා”

ඔවුන් සියළු දෙනාම ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ක්‍රමයට අතිනත ගනු ලැබුවේ සිංහල මංගල චාරිත්‍ර කිහිපයක් ද අනුගමනය කරමිනි.

“ගොඩක් සතුටුයි, මෙහෙම ගොඩක් අය එක්ක එකතුවෙලා අපේ මංගල උත්සවය ගන්න ලැබීම ගැන. මේ දවස කවදාවත් අමතක වෙන්නේ නැහැ,” එක් චීන මනාලයෙක් සිය විශේෂ දිනය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේය. ශ්‍රී ලංකාව තමන්ට සුවිශේෂී රටක් බව සංවාදයට එක් වූ ඔහුගේ බිරිඳ පැවසීය.

“අපිට ශ්‍රී ලංකාව කොහොමත් විශේෂයි. මොකද මම මෙහෙ අවුරුදු තුනකට පස්සේ නිවාඩුවකට ආපු වෙලාවේ තමයි මෙයාව හම්බවුනේ. මෙයා එතකොට ලංකාවේ වැඩකරගෙන හිටියේ,” ඇය තම සැමියා ගැන විස්තර කළාය.

“අපි දෙන්නා මීට අවුරුදු හතකට කලින් විශ්ව විද්‍යාලේ හම්බවෙලා අපේ සම්බන්ධය පටන් ගත්තේ. මේක අපිට ගොඩක් වෙනස් අත්දැකීමක්,” තවත් මනාලියක් සිය සුවිශේෂී දිනය ගැන අදහස් දැක්වුයේ එලෙසිනි.

“අපි ගොඩක් වාසනාවන්තයි මේ වගේ විශේෂ අවස්ථාවක විවාහ වෙන්න ලැබීම ගැන.”

නැටුම්, ගැයුම්, වැයුම් ඇතුළු දෙරට නියෝජනය වන සංස්කෘතිකාංග රැසක් ද උත්සවයට ඇතුළත් කර තිබුණි.

මෙම මනාල මනාලියන් පිරිස විවාහ උත්සවයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සංචාරක වශයෙන් වැදගත් ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය.





ශ‍්‍රී ලංකා තේ ගෙන්වීම රුසියාව තහනම් කරයි. රොයිටර් වාර්තාව මෙන්න !

රුසියාව විසින් අනිද්දා (18) දිනයේ සිට ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය සදහන් කරයි.

මීට හේතුව ලෙස දැක්වෙන්නේ මෙරටින් රුසියාවට ආනයනය කරන ලද තේ තොගයක ‘කප්රා කුරුමිණියා’ නමින් හඳුන්වන කෘමීයක් සිටීමයි.

ශ‍්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය සදහා රුසියාව ප‍්‍රධාන ගැනුම්කරුවෙක් වන අතර මෙම 2017 වසරේ මුල් මාස 10 සදහා පමණක් රුසියාව විසින් ඩොලර් මිලියන 436ක් වටිනා තේ ටොන් 141,300ක් ශ‍්‍රී ලංකාවෙන් මිලදී ගෙන ඇත.

බයිට්, අරක්කු, සිගරට් ඉල්ලන අමුතු දෙවි කෙනෙක්

අපි උදේ හවස දෙවියන් බුදුන් වඳිනවා. දෙවියන්ට බුදුන්ට පහන පත්තු කරනවා. අපි ජීවත් වෙන්නේ අපේ පාඩුවේ. අපි කාටවත් වැරැද්දක් හිංසාවක් කරන්නෙ නෑ. ඒත් අපිට හරියන්නෙ නෑ. කිසිම දියුණුවක් නෑ. හැමදාම ප්‍රශ්න... ප්‍රශ්න... ප්‍රශ්න... ලෙඩදුක් කරදර... කවදාවත් හිතේ සැනසිල්ලක් නෑ... දෙවියන්ගේ බුදුන්ගේ පිහිටක් අපිට නෑ... දෙවියෝ අහක බලන්නෙත් අපිට.

බුදුන්ට දෙවියන්ට කොතෙක් පුදවර දුන්නත් බුදුන්ගෙන් දෙවියන්ගෙන් කිසිදු පිහිටක් නැතැයි දෙවියන්ටත් දෙස්දෙවොල් තියන මිනිසුන් අපි දැක ඇත්තෙමු.

දියවන්නාවට ආ අමුතු ටොෆිය

දියවන්නා කවුන්සිලේ මීටින් තියන වෙලාවට නිදිසුව විඳින කිහිපදෙනෙක් ඉන්නවලු... මෙහෙම නිතරම වගේ නිදිසුව විඳින්නෙ ඌවෙන් ගම්පහ දිසාවෙන් පත්වෙච්ච ලොකු ලොකු පට්ටම් දරන දෙතුන් දෙනෙක්ලු.

රියැදුරු - කොන්දොස්තර තේ බොන අතරේ ලංගම බසය පැහැරගත් හොරු සෙට්එක නිට්ටඹුවේදී මාට්ටුවෙයි

වේයන්ගොඩ ගුරු අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවකට සහභාගි වී සිටින සිසුන් පිරිසක් නැවත කඩුවෙලට රැගෙනයෑම සඳහා පැමිණි, කැස්බෑව ලංගම ඩිපෝවට අයත් අංක wp. NA 4049 දරන බස් රථය සොරාගෙන යමින් සිටි සැකකරුවකු, බස්රථයද සමඟින් නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ETI ෆයිනෑන්ස් කඬා වැටේ...! ස්වර්ණවාහිනිය ඇතුලු එදිරිසිංහ පවුලේ සියලු ව්‍යාපාර බිඳවැටෙයි...!

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ‍ මූල්‍ය අර්බුධය මේ වන විට ඉතාමත් බරපතල තත්ත්වයට පත් වී ඇත.  ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ සිදු වූ මූල්‍ය කඩා වැටීම සැලවීමත් සමගම එහි මුදල් ආයෝජනය කළ ගනු දෙනු කරුවන් විශාල වශයෙන් තමන්ගේ මුදල් තැන්පතු යළි ලබා ගැනීමට පැමිණියත් ඔවුන්ට මෙතෙක් මුදල් ලබා ගැනීමට නොහැකි වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ  ලියාපදිංචි මූල්‍ය සමාගමක් වන ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ආයතනයේ වත්මන් තත්ත්වය මීට වසර ගණනාවකට  පෙර ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූල්‍ය වංචාව වන ගෝල්ඩන් කී තැන්පතුවංචාවටත් වඩා බරපතල එකක් බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. 

දරුවන් නැත්තේ ඇයි? පේරාදෙණියේ විශ්ව විද්‍යාලයේ අලුත්ම සමීක්‌ෂණයක්‌

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකයේ බොහෝ රටවල අද බරපතළ ගැටලුවක්‌ ලෙස වඳභාවය හෙවත් දරුවෙක්‌ බිහිකරලීමේ හැකියාව නොමැති වීම පෙන්වා දිය හැකි තත්ත්වයට පත්ව තිබේ.

ලංකාවේ වඳභාවයට පත්ව ඇති කාන්තාවන් ප්‍රතිශතයක්‌ ලෙස සියයට පහකි. ඒ අතරින් සියයට තිස්‌තුනක්‌ එසේ වඳභාවයට පත්ව ඇත්තේ, පිරිමින්ගේ සිරුර අභ්‍යන්තරයේ ඇති විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් බවට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන් දෙදෙනකු විසින් කළ සමීක්‌ෂණයකින් සනාථ වී තිබේ.

ලොවම දිනූ ආසියාවේ කලු සිංහයා”ලූෂන්” මවුබිමට පිළිගත්තේ මෙහෙමයි

සමස්ත ශ්‍රී ලංකාවටම අභිමානයක් ගෙන එමින් කායවර්ධන ක්‍රීඩාවෙන් ලොවම දිනු ශ්‍රී ලංකාවේ අපේ ලූෂන් පුෂ්පරාජ් පසුගියදා ඇමෙරිකාවේ ඇට්ලස් ටෙක්සාස් ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේ සිව් වැනි ස්ථානය දිනාගත් පුවත සැමටම පෙර නෙත් ගොසිප් අප ප්‍රථමයෙන්ම වාර්තා කළෙමු.

හිතේ දිරියට ගතේ දිරිය හරස් වූ ගයාන්ට ඔබේ උදව් අවශ්‍යයි

ජීවිතයට එන බාධක හිතේ ශක්තියෙන් ජය ගන්න උත්සාහ කරන ගයාන් චින්තක සබරගමුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්. ගයාන් ⁣වයස අවුරුදු 12 සිට රෝගී තත්වයකින් පෙළෙනවා. ඔහුගේ මොළය වර්ධනය වුවද ශරීරය වර්ධනය වීමක් වෙන්නෙ නෑ . ගයාන්ට මේ වගේම නංගි කෙනෙක් ඉන්නවා.



ඇය උසස් පෙළ සමත් වී සරසවි වරම් ලැබුවත් ඇයට ගයාන් තරම්වත් ඇවිදින්න බැරි නිසා කැම්පස් යන්න සිද්ද වුනේ නෑ. මොවුන්ගේ තාත්තා මෑතකදි මිය ගිහින්.