BREAKING NEWS
latest

728x90

468x60

ගලේවෙල අධ්‍යාපන කලාපයේ විභාග අතරතුර ගුරුවරු මාරු කරලා

ගලේවෙල අධ්‍යාපන කලාපයේ වාර විභාග අතරතුර ගුරුවරු මාරු කරලා. ඇතැම් සිසුන්ට ලබාදී ඇති පරණ පෙළපොත් පාවිච්චි කළ නොහැකි යෑයි නිදහස්‌ ලංකා පුරෝගාමී ගුරු සංගමයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් නිමල් රාජපක්‍ෂ මහතා පැවසීය.

ගුරුමාරු සිදුකිරීමෙන් ඇගයීම් පරීක්‍ෂණවලට බාධාවක්‌වී නෑ. සෑම වසරකම ලබාදෙන පෙළපොත්වලින් කිසියම් ප්‍රතිශතයක්‌ පරණ ඒවා. අවශ්‍යම සිසුන්ට සුදුසු පියවර ගන්නවා. කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ.

ගලේවෙල අධ්‍යාපන කලාපයේ ප්‍රාථමික පාසල්වල 3 වැනි වාර විභාග ඇගයීම් පරීක්‍ෂණ පවත්වන අතරතුරදී සිදුකර ඇති ගුරු මාරු සම්බන්ධයෙන් තම විරෝධය පළකරන බව නිදහස්‌ ලංකා පුරෝගාමී ගුරු සංගමයේ මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් නිමල් රාජපක්‍ෂ මහතා පැවැසීය. මේ නිසා වාර විභාගවල ලකුණු කලට වේලාවට සිසුන්ට ලබාදීමට නොහැකි වීමෙන් ඔවුන් සහ දෙමාපියන් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව ඒ මහතා පැවැසීය.

මේ අතර එම කලාපයේ ඇතැම් සිසුන්ට ලබන වසර සඳහා ලබාදී ඇති පෙළපොත් පාවිච්චියට ගත නොහැකි තත්ත්වයේ ඇති ඒවා බව ඒ මහතා පැවැසීය.

ඇතැම් පොත් කාවුන් සහ වේයන් කා ඇති අතර තවත් සමහරක කොළ ඉරී ගොස්‌ ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඇතැම් පොත්වල අභ්‍යාස සිදුකර තිබීම නිසා එම පාඩම් ඉගැන්වීමේදී ගුරුවරු හා සිසුහු දැඩි දුෂ්කරතාවයට පත්වෙන බව ඒ මහතා පැවැසීය.

මේ කරුණු සම්බන්ධයෙන් ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ නයෝමී හෙට්‌ටිආරච්චි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය මෙසේ පැවැසුවාය. "තුන්වන වාර විභාග පැවැත්වීමට කලින් මාරු කිරීම සඳහා තීරණය වූ ගුරුවරු පමණක්‌ මාරු කළා. එහිදී වාර විභාග ඇගයීම් පරීක්‍ෂණවලට බාධාවක්‌ වී නෑ. සෑම වසරකම සිසුන්ට ලබාදෙන පෙළපොත්වලින් කිසියම් ප්‍රතිශතයක්‌ පරණ පොත්වලින් ලබා දෙනවා. එහිදී පෙළපොත්වල එවැනි අඩුපාඩු තිබිය හැකියි. කෙසේ වෙතත් පාවිච්චි කිරීමට නොහැකිම පෙළපොත් ඇත්නම් ඒ ගැන සුදුසු පියවර ගන්නවා" යෑයි පැවැසුවාය
« PREV
NEXT »

Facebook Comments APPID