BREAKING NEWS
latest

728x90

468x60

2017 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2017 අ.පො.ස උ.පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබේ. 

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව ජංගම දුරකථන හිමියන්ට  EXAMS යනුවෙන් ටයිප් කර Space තබා විභාග අංකය ඇතුළත් කොට  EXAMS<Space><INDEX NO>  මෙම අදාල අංකවලට කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන්  විභාග ප්‍රතිඵල ලබාගත හැකිය.‍ Mobitel 8884.    Dialog 7777.    Etisalat 3926.    Airtel 7545.   Hutch 8888.  

තවද ඔබේ ඇන්රොයිඩ්  ජංගම දුරකථන ඔස්සේ doenets.lk සහ ඇපල් ජංගම දුරකථන සඳහා doenets යන ඇප්  හරහාද ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතියි.

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පසුගිය අගෝස්තු මස 08 වනදා සිට සැප්තැම්බර් මස 02 දා දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2230කදි පැවැත්විය.

විභාගය සදහා පෙනී සිටි අපේක්ෂකයින් ගණන තුන් ලක්ෂ 15,227 ක් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID