BREAKING NEWS
latest

728x90

468x60

විවාහ සහතික ඔසවාගෙන කතුන් 3ක්‌ ගුටි කෙළියක - අනංගයා අත්අඩංගුවට

එකිනෙකාට කිනෙකාට හොර රහසේ ව්‍යාජ උප්පැන්නයක්‌ සාදා විවාහ තුනක්‌ කරගත් සැකකරුට දාව කාන්තාවන් දෙදෙනකුට දරුවන් දෙදෙනා බැගින් දරුවන් සිවු දෙනෙකුත් අනෙක්‌ කාන්තාව දරුවකු පිළිසිඳගෙන ගබ්සාවට ලක්‌වූ කාන්තාවක බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

විවාහ තුනක්‌ කරගෙන දරුවන් හැදූ පුද්ගලයකු බණ්‌ඩාරගම සංඝමිත්තා පාරේ නිවසකදී අත්අඩංගුවට ගත් බව බණ්‌ඩාරගම පොලිසිය කියයි.

සංඝමිත්තා මාවතේ නිවෙසක කාන්තාවන් දෙදෙනකු ගුටි කෙළියක යෙදෙන බවට බණ්‌ඩාරගම පොලිසියට 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංශය හරහා එක දිගට ලද පණිවිඩ අටක්‌ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ කොස්‌තාපල් අමිල මහතා එම නිවෙස සොයා ගිය බව පොලිසිය කියයි.

එහිදී පොලිස්‌ නිලධාරියාට දැනගත හැකිවී ඇත්තේ කාන්තාවන් දෙදෙනකු එකිනෙකා පරදා බහින්බස්‌ වෙන අයුරුත් ඒ අසලම පිරිමි පුද්ගලයකු ඔවුන් දෙදෙනා අස්‌ වසාලීමට වෙහෙසන අයුරුත්ය.

තිදෙනාම පොලිසියට කැඳවාගෙන ඒමෙන් පසු සිදුකළ ප්‍රශ්න කිරීමේදී කාන්තාවන් දෙදෙනාම පිරිමි පුද්ගලයාට අයිතිවාසිකම් කියන්න වූයේ ඔවුනොවුන්ගේ විවාහ සහතික ඉදිරිපත් කරමිනි.

ව්‍යාජ නම්වලින් ව්‍යාජ උප්පැන්න සහතික සාදා කාන්තාවන් දෙදෙනා මුළාකර විවාහ දෙකක්‌ කරගෙන ඇති බව පරීක්‍ෂණවලදී හෙළිකරගත් පොලිසිය බහු විවාහ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගැනීමත් සමග සැකකරු හා මෑතකදී විවාහ වූ බවට විවාහ සහතිකයක්‌ ඉදිරිපත් කරමින් තවත් කාන්තාවක්‌ පැමිණි බව පොලිසිය කියයි.

ඒ අනුව එකිනෙකාට හොර රහසේ ව්‍යාජ උප්පැන්නයක්‌ සාදා විවාහ තුනක්‌ කරගත් සැකකරුට දාව කාන්තාවන් දෙදෙනකුට දරුවන් දෙදෙනා බැගින් දරුවන් සිවු දෙනෙකුත් අනෙක්‌ කාන්තාව දරුවකු පිළිසිඳගෙන ගබ්සාවට ලක්‌වූ කාන්තාවක බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

එක්‌ කාන්තාවක්‌ සැකකරු සමග විවාහවී ඇත්තේ දරුවන් තිදෙනකු අතහැරදමා පැමිණ බවද වැඩිදුරටත් හෙළිවී ඇත.

සැකකරු මේ අයුරින් පානදුර හා අලුබෝමුල්ල හා බලන්ගොඩ කාන්තාවන් තිදෙනකු විවාහ කරගෙන තිබූ බව පොලිසිය කියයි.

39 හැවිරිදි වියේ පසුවන සැකකරු කාන්තාවන් තිදෙනකු විවාහකර ගැනීමේ චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කෙරේ. බණ්‌ඩාරගම පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.

කැස්‌බෑව - ලෙනාඩ් ජයසේකර
« PREV
NEXT »

Facebook Comments APPID