BREAKING NEWS
latest

728x90

468x60

ඩෝසර් කළ සූඩයිකුඩා දාගැබට පුරාවිද්‍යාව අත ගසයි

පසුගියදා කිසියම් පිරිසක්‌ විසින් විනාශ කර දමන ලද සාම්පූර් සුඩයිකුඩා ප්‍රදේශයේ පිහිටි දාගැබ ඇතුළත් ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගෙන සංරක්‌ෂණයට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය පී. බී. මණ්‌ඩාවල මහතා පවසයි.

ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමෙන් අනතුරුව වසර ගණනාවක්‌ තිස්‌සේ උතුරු, නැගෙනහිර පුරාවස්‌තු සංරක්‌ෂණය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කර නොතිබූ අතර 2015 වසරෙන් පසුව මේ සඳහා විශේෂ වැඩසටහන් කිහිපයක්‌ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක කර තිබෙන බවද හෙතෙම සඳහන් කරයි.

අදාළ විනාශයට සම්බන්ධ වූවන්ට එරෙහිව පුරාවිද්‍යා ආඥ පනතේ විධි විධානයන්ට යටත්ව උපරිම දඬුවම් හිමිවන බවත් ඉපැරණි බෞද්ධ උරුමයක්‌ ලෙස හඳුනාගෙන ඇති අදාළ දාගැබ පිහිටි ප්‍රදේශය පුරාවස්‌තු ආඥ පනතේ විධිවිධාන අදාළව ඉදිරියේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට ගැනීමටත් එම ප්‍රදේශයේ ඉදිරි කැණීම් කටයුතු සහ සංරක්‌ෂණ කටයුතු සිදු කිරීමටත් බලාපොරොත්තු වන බවත් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
« PREV
NEXT »

Facebook Comments APPID