BREAKING NEWS
latest

728x90

468x60

උසස් පෙළ ප්‍ර‍තිඵල නිකුත්වෙයි ප්‍රථමයන් මෙන්න

2017 වසරට අදාළ ව පැවැත් වූ අ.පො.ස.(උ/පෙළ) විභාගයේ ප්‍රතිඵල අද (28) අන්තර් ජාලයට නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව  විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම ප්‍රතිඵල ලබාගත හැකිය.

මෙවර විභාගයේ ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය, මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත්, වාණිජ අංශයේ පළමු ස්ථානය එම විද්‍යාලයේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව තිබිම විශේෂත්වයකි. 



ජීව විද්‍යා පළමු ස්ථානය දිලිනි


වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි. 

භෞතික විද්‍යා පළමු ස්ථානය ශ්‍රීධරන්ට

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් විසින් දිනාගන්නා ලදි.

වාණිජ පළමු ස්ථානය දුලානි

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව වාණිජ අංශයේ දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දුලානි රන්තිකා ශිෂ්‍යාව විසින් අත්කරගන්නා ලදි.

කලා පළමු ස්ථානය පත්බේරියේ මුනින්දවංශ හිමිට

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් විසින් අත්කරගන්නා ලදි. මෙහි විශේෂත්වය වන්නේ උසස් පෙළ කලා අංශයේ පළමු ස්ථානය හිමිනමක් විසින් හිමිකරගන්නා ලද පළමු අවස්ථාව මෙයයි. 

ඉංජිනේරු තාක්‍ෂණවේදය පළමු ස්ථානය රන්සිරිනිට

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි.

ජෛව තාක්‍ෂණවේදය පළමු ස්ථානය ලක්ෂිතට

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජෛව තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ලක්ෂිත චතුරංග මැදලගම  විසින් දිනාගන්නා ලදි.

පොදු විෂයධාරා පළමු ස්ථානය හිරුණිට

වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව පොදු විෂයධාරා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය  කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ හිරුණි ශාක්‍යා අබේතුංග ශිෂ්‍යාව විසින් දිනාගන්නා ලදි.



« PREV
NEXT »

Facebook Comments APPID