BREAKING NEWS
latest

728x90

468x60

රුසියාව පවවා තිබූ තේ ආනයන තහනම ඉවතට

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රුසියාව තීරණය කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා. 


විශේෂයෙන් තේ සඳහා පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරට තාක්ෂණික කණ්ඩායමක් ඊයේ දිනයේ රුසියාව බලා පිටත්ව ගිය අතර, ඔවුන් එරට බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන ඇති බවයි අමාත්‍යවරයා  සඳහන් කළේ. 

9 දෙනෙකුගෙන් යුත් මෙම තාක්ෂණික කණ්ඩායමට තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් ද ඇතුළත් වුණා. 

ඔවුන් රුසියානු මධ්‍යම රජයේ පශු සම්පත් සහ ශාක ආහාර සෞඛ්‍යය පිළිබඳ සේවාවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවයි මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

රුසියානු තේ ඉල්ලූමෙන් සියයට 23ක් සපුරලන ශ්‍රී ලංකාවේ තේ ආනයනය පසුගියදා 18 වනදා සිට තහනම් කිරීමට එරට පියවර ගත්තේ තේ අසුරන ලද බහාලූමක කුරුමිණියෙකු සිටි බවට පවසමින්.

මේ අතර, රුසියාවෙන් මෙරටට ආනයනය කරනු ලබන ඇස්බැස්ටෝස් නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම සඳහා අමාත්‍යාංශ 05ක නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (25) රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා රජය විසින් ලබන වසරේ සිට ඇස්බැස්ටෝස් තහනම් කිරීමට තීරණය කර තිබූ නමුත්, එය පසුගියදා තාවකාලිකව ඉවත් කෙරුණා. 

මෙම කණ්ඩායම රුසියාවේ ඇස්බැස්ටෝස් නිෂ්පාදන කර්මාන්තශාලා සහ පර්යේෂණාගාර වෙත ගොස් ඒ පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.

« PREV
NEXT »

Facebook Comments APPID