මින්නේරිය දේවාලයේ පිං කැටය බිඳ එහි මුදල් රැගෙන පළා යමින් සිටි පුද්ගලයෙකු දඹුල්ල කණ්ඩලම මාර්ගයේ දී රිය අනතුරකට ලක්ව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ සැකකරුවා රෝහල් ගත කළ බවයි දඹුල්ල පොලිසිය පැවසුවේ.
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් සහ ත්‍රීරෝද රථයක් අනතුරකට ලක්ව ත්‍රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.
එහිදී දඹුල්ල පොලීසිය ත්‍රීරෝද රථය පරීක්ෂා කර බැලීමේදී ත්‍රීරෝද රථයේ විසිවී ගිය පොහොර බෑගයක දැමූ කාසි සහ නෝට්ටු තොගයක් සහිත මල්ලක් දැක තිබෙනවා.
මේ පිළිබඳව සැක සිතූ පොලිසිය වහා සැකකරුගෙන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු ප්‍රථමයෙන් සඳහන් කර ඇත්තේ සිය නිවසේ තිබූ කැටයක් බිඳ එහි මුදල් රැගෙන ගිය බවයි. එය සනාථ කර ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එසැනින් ඔහුගේ නිවසට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමේදී එය සාවද්‍ය ප්‍රකාශයක් බවට සනාථ වී තිබෙනවා.
පසුව නැවතත් තුවාලකරුගෙන ප්‍රශ්න කිරීමේදී සඳහන් කර ඇත්තේ සිය පියා ගලේවෙල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙකු බවත් එම දේවාලයේ මුදල් තමන්ට ලබාදුන් බවයි.
මේ පිළිබඳව දිගින් දිගටම සැක සිතූ පොලිසිය ප්‍රදේශයේ විහාර සහ දේවාල පිළිබඳව තත්ත්වයන් සොයා බලා ඇති අතර එහිදී කණ්ඩලම වැව් බැම්මේ පිහිටි දේවාලයේ පිහිටි පිං කැටය බිඳ දමා ඇති බවට අනාවරණය වී තිබෙනවා.
ඉන් අනතුරුව සැකකරු සත්‍ය අනාවරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.