BREAKING NEWS
latest

728x90

468x60

එළඹෙන පස්වැනිදා සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්

දෙසැම්බර් 05 දින සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදැළි කර තිබෙනවා.

ඒ අනුව දැනට දකුණු අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවයි පෙන්වා දෙන්නේ.

ලක්ෂ අසූවේ ඉඩමට පෙම්බැඳි අනියම් සැමියා දෙදරු පියාට කැකිරාව උසාවිය අසලදී කළ අපරාධය

සිය බිරිඳගේ අනියම් සැමියා විසින් කැකිරාව උසාවිය අසලදී ලොරියකට යටකර මරා දැමීමට තැත් කළැයි පවසන පුද්ගලයකු පෙරේදා (30) තුවාල ලබා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙසේ තුවාල ලබා ප්‍රතිකාර ලබනුයේ කැකිරාව මහකැකිරාව යන ලිපිනයේ පදිංචි දිසානායක රාළලාගේ වසන්ත ප්‍රභාත් දිසානායක නමැති 41 හැවිරිදි දෙදරු පියෙක්.

ලෝකය වෙනස් කළ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් මරණ මංචකයේදී කියූ සංවේදී කතාව

ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තටම නැගි ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 56 හැවිරිදි වියේදී මිය ගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් දුක් විඳීමෙන් අනතුරුවයි. 2011 ඔක්තොම්බර් 06 වෙනිදා මිය යන විට ස්ටීව් පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ අසහාය මිනිසකු විය.

ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌ අන්තර්ජාල වෙබ් අඩවි පුරා සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

පහස විඳින්න සිරි නරඹන්න - සුන්දර බෝඹුරු ඇල්ල වනසන්න එපා

බෝඹුරු ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා මේ වන විට ඉතාමත්ම සුන්දර බෝaඹුරු ඇල්ල දියඇල්ල මෙන්ම ඒ අවට සුන්දර පරිසර පද්ධතියද විනාශ වෙමින් පවතී.

නුවරඑළිය සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර් පහළොවක්‌ දුරකින් ඌව පරණගම පේරවැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල පේරවැල්ල ඇල්ල නමින්ද හඳුන්වනු ලැබේ.

මේ වනවිට මධ්‍යම කඳුකරයට ඇද හැළෙන වර්ෂාපතනයත් සමඟ සක්‍රිය වී තිබෙන මෙම ඇල්ලේ ජලය විශාල ලෙස පැවතීම නිසා මෙම ඇල්ලේ දියනෑම ඉතාමත්ම අනතුරුදායක වී ඇතැයි අඹගස්‌දෝව පොලිසිය කියයි.

පාසල් නිල ඇඳුම් වවුචර් ඉදිරි සතියේදී දරුවන් අතට

පාසල් සිසුන් සඳහා නිකුත් කෙරෙන නිල ඇඳුම් වවුචර් පත් දැනටමත් සියලුම පළාත්වලට බෙදා අවසන් කර ඇති බවත් මෙම වවුචර පත් ඉදිරි සතියේදී පාසල් සිසුන් අතට පත් කිරීමට නියමිත බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

රෝගාතුර විදේශ නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහාය - වීඩියෝ


නාවික හමුදාවට ලැබුනු තොරතුකට අනුව CMA CGIM Orfeo නම් බහාලුම් නෞකාවේ සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව අද (නොවැම්බර් 28) උදෑසන කටයුතු කරන ලදී.

සෞදි අරාබියේ ජෙඩා වරායේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයෙකු සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු ලද විගස දකුණු නාවික විධානයට අනුයුක්ත පී 432 වේග ප්‍රහාරක යාත්‍රාව රෝගියා රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

කාලගුණයෙන් රතු නිවේදනයක්‌ - දිවයිනේ ප්‍රදේශ ගණනාවකට තද සුළං සහ විදුලිය බිඳ වැටීම්

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29 දා) පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි 'රතු නිවේදනයක්‌' නිකුත් කළේය.

ගාල්ල, මාතර, හබරාදූව, හීනටිගල, කළුතර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට දැඩි සුළං තත්ත්වයක්‌ ද පැවති අතර ප්‍රදේශ ගණනාවකින් විදුලිය බිඳ වැටීම්ද වාර්තා විය.

පියාගෙන ආ ගංජා තිසර පටෙන් එළිගෙත් කෙල්ළ කොටුවෙයි

පියා විසින් මාවනැල්ල ප්‍රදේශයේ සිට ගෙන එනු ලබන කේරළ ගංජා 21 හැවිරිදි දුව තිසර පට අස්‌සේ සඟවා ප්‍රදේශයටම අලෙවි කරන ජාවාරමක්‌ වෙලම්බොඩ පොලිසිය විසින් අල්ලා ගෙන ඇත.

මෙම ජාවාරම සඳහා මෙම දියණියගේ මවද සම්බන්ධ බවට පොලිස්‌ පරීක්‌ෂණ වලින් අනාවරණය වී ඇති අතර මොවුන්ගේ නිවසේ දර ළිප තුළ වළලා තිබූ තවත් කේරළ ගංජා ග්‍රෑම් 180 ක්‌ද සොයා ගෙන ඇත.

රට ඉඳන් ආවේ පෙරේදා සුපිරි රිය විදුලි කණුවේ හැපී ඉංජිනේරුවා මරුට

අධික වේගයෙන් ධාවනය වූ සුපිරි මෝටර් රථයක්‌ එහි වේගය පාලනය කරගත නොහැකිව පන්නිපිටිය මහල්වරාව හන්දියේදී මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් රථය පැදවූ තරුණ නාවික ඉංජිනේරුවරයකු මරුමුවට පත්වී රථයේ ගමන් ගත් තවත් පස්‌දෙනකු තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඊයේ (29 වැනිදා) අලුයම 3.05 ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස්‌ ඇත්තේ කොට්‌ටාව, පන්නිපිටිය, කටුකුරුන්ද පදිංචිව සිටි අලුත්ගමආරච්චිගේ ලුමාල් මධුසංඛ (24) නමැති අයෙකි.

රටම කැළඹූ ඝාතනය කල “දළ පූට්ටුවා“ ගේ සිරුර හමුවෙයි

රටම කම්පා කරමින් පසුගියදා ඝාතනය කෙරුණු ගල්ගමුවේ දළ පූට්ටුවා පිළිබඳව මුළු රටේම කතා බහට ලක්වුනා.

දින කිහිපයක් පුරාවටම මෙම හස්ථියාගේ සිරුර පිළිබඳව තොරතුරු සෙවූවද එය අසාර්ථක වුනා.

කෙසේ නමුත් පසුගියදා කුරුණෑගල පොල්පිතිගම ප්‍රදේශයේදී සොයා ගැනුනු ඇත්දළ යුගලය සහ ගජමුතු කිහිපය ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට තහවුරු වීමත් සමඟ මේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට පරිසරවේදීන් විශාල උත්සාහයක් ගත්තා.

හැමදාම ගුටිකන්න බැරි නිසා පිහියෙන් ඇන්නා - සැකකාර සිසුවාගේ පාපොච්චාරනය

කොස්‌ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ 10 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළේ යෑයි කොස්‌ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පාසල් සිසුවා දෙසැම්බර් මස 13 වැනිදා දක්‌වා ගාල්ල, කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මෙනවිය 27 දා නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්‌ගොඩ පොලිසිය බළපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

මෙසේ කිතුලම්පිටිය රැඳවුම් නිවාසයේ රඳවා තබන ලද්දේ ගල්කන්ද, කොස්‌ගොඩ පදිංචි ග/ හෑගල්ල මහා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

මයිකල් විජේසුරිය රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය ක්ෂේත්‍රයේ වසර 25ක සේවයට ජනපති අතින් සම්මාන

මයිකල් විජේසුරිය කියන්නෙ මෙරට රූපලාවණ්‍ය සහ මොස්තර නිරෑපන ‍ක්ෂේත්‍රයේ නමගිය නිහඩ චරිතයක්.

මෙරට ජනප්‍රිය නිරෑපනශිල්පි ශිල්පිනියන් බිහිකල එතුමාට පසුගයදා සම්මානයක් හිමිවුබවට ආරංචියක් පැතිරුනත්, එහෙත් එය මාධ්‍යතුල දකින්නට නොලැබුන නිසාවෙන් අප මයිකල් විජේසුරිය මහතාගෙන් විමසීමක් සිදු කරන්නට වුනා.

මංගල උළෙලකදී හමුවූ තරුණ කතකගේ පින්තූර මුහුණපොතේ දමනවා යෑයි මුදල් ගැරූ අයෙක්‌ දැලේ

මංගල උත්සවයකදී මුණ ගැසීමෙන් පසුව හිතවත්කමක්‌ පෙන්වා සිය ජංගම දුරකථනයෙන් ලබාගනු ලැබූ විවාහක කාන්තාවකගේ ඡායාරූප මුහුණ පොතේ පළ කරන බවට බිය ගන්වා අවස්‌ථා දෙකකදී ඇයගෙන් රුපියල් විසිහතර දහසක මුදලක්‌ ලබා ගත් බව කියන තරුණයෙකු බියගම පොලිසිය මගින් පසුගිය 07 දා පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.

මේ ආකාරයටම මේ කාන්තාවගෙන් තුන්වන වතාවටත් තවත් රුපියල් දස දහසක මුදලක්‌ ඉල්ලා එය ලබා ගැනීමට ගිය අවස්‌ථාවේ බියගම, බණ්‌ඩාරවත්ත හන්දියේදී මේ සැකකරු අත්අඩංගුවට පත්විණි.

එම විවාහක කාන්තාව මල්වානේ රස්‌සපාන ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණ විවාහක කාන්තාවක්‌ වන අතර සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙකු වේ. මේ දෙදෙනාම මුස්‌ලිම් ජාතිකයෝ වෙති.

පුංචි අම්මට අතවර කරන්න ගිහින් පුතා කූඩුවේ

අතුරුගිරිය පොලිස්‌ බලප්‍රදේශයේ පුංචි අම්මා කෙනකුට අතවර කළ පුතෙකු පොලිසිය මගින් පසුගිය සිකුරාදා (24 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අතුරුගිරිය ජයන්ති පාරේ පදිංචිකරුවකු වූ 28 හැවිරිදි දෙදරු පියෙකි. 54 හැවිරිදි පැමිණිලිකාර පුංචි අම්මාට අයත් දේපළ භුක්‌ති විඳිමින් සිටින පුත්‍රයා ඇයට අතවර කර ඇත.

මානසික ආතතිය සහ ඉන් මිදෙන මෙන්න නියම මග

මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්‌මනින් ලක්‌වීමේ හැකියාවක්‌ ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක්‌ ඇතිවීමයි. මෙවන් තත්ත්වයක්‌ ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්‍රනලීන් සහ නොරෑ ඇඩ්‍රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ.

සජීවි පුද්ගලයෙක්‌ නිර්මාණයවී ඇත්තේ කය සහ මනස යන ද්විත්වයෙනි. කයෙහි ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යන්නේ මනසේ ක්‍රියාකාරිත්වය මගිනි. එනම් අපගේ චර්යාවන් තීරණය වන්නේ අපගේ සිතිවිලි අනුවය. මනස හෙවත් හිත ලෙසින් හඳුන්වන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයයි. විදුලි බුබුලක්‌ කය ලෙස ගතහොත් සිත වන්නේ විදුලියයි. මෙහිදී කය හෙවත් විදුලි බුබුල ඇසට පෙනුනත් විදුලිය ඇසට නොපෙනෙයි. නමුත් විදුලි බුබුලට විදුලිය ලබාදුන් වහාම එය දැල්වී ක්‍රියාත්මක වේ. තවත් ලෙසකින් පවසන්නේ නම් මිනිසා පරිගණකයක්‌ ලෙස සැලකුවහොත් එහි. දෘඪකාංග "කය" ලෙසටත් මෘදුකාංග "මනස" ලෙසටත් සැලකිය හැකිය. පරිගණකය ක්‍රියාත්මක කිරීම සඳහා මෘදුකාංග අත්‍යවශ්‍ය වේ. යොදනු ලබන මෘදුකාංග අනුව පරිගණකයේ ක්‍රියාකාරිත්වය වෙනස්‌ වනවා මෙන්ම අපගේ සිතිවිලි අනුව අපගේ හැසිරීමද වෙනස්‌වේ.

දොස්‌තරයි බිරිඳයි හමුදා නිලධාරියයි චේන් කඩලා රිමාන්ඩ්

"හයිබ්‍රිඩ්" වර්ගයේ වාහනයකින් පැමිණ මහමඟ ගමන් ගත් කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක්‌ කොල්ලකෑමේ චෝදනාව මත අධිකරණය වෙත ඉදිරිපත් කළ වෛද්‍යවරයෙක්‌, හිටපු හමුදා නිලධාරියෙක්‌ සහ කාන්තාවක්‌ 29 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස අත්තනගල්ල මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ලක්‌මාල් පෙරේරා මහතා නියෝග කළේය.

කිලිනොච්චියේ මහවිරු සැමරුමට කනකපුරම් විදුහලේ ඩෙස්‌ පුටු ලබාදීල

කිලිනොච්චියේ කනකපුරම් ක්‍රීඩාංගණයේ ඊයේ (27 දා) සවස පැවති මහ විරු උළෙල සඳහා කනකපුරම් රජයේ විද්‍යාලයේ ඩෙස්‌, පුටු හා බංකු 300 ක්‌ ලබා දී තිබේ.

මේ දිනවල එම විදුහලේ වර්ෂාවසාන විභාග කටයුතු පැවැත්වෙන නමුත් එය ද නොතකා මෙම ඩෙස්‌, පුටු හා බංකු තොගය ලබාදී තිබේ. අවශ්‍ය වුවහොත් පාසලේ සියලුම ඩෙස්‌ පුටු පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඉල්ලීම මත ලබාදීමට කිළිනොච්චිය කනකපුරම් විදුහලේ විදුහල්පතිවරයා කැමැත්ත පළ කොට තිබේ.

තිසුරි යුවනිකා, මහ දවල් දෙවරක් වලේ

එකම ඇඳුමෙන් දෙවතාවක් වතුරට වැටුණ කෙනෙක් ගැන අහලා තියෙනවද, එහෙම කෙනෙක් ඉන්නවා. නම තිසුරි යුවනිකා. ඇය තමයි මේ වගේ අකරතැබ්බයකට මුහුණ දුන්නේ. ඉකුත් දිනයකදී ඇය රංගනයෙන් දායක වූ මියුසික් වීඩියෝවක් රූගත කළා.

SLIM වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය මෙවර සිවිලිමට…!

වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයකනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළේලේදියි.

මව පියා සහ එක්‌ පුතෙක්‌ වියනා ඇලේ ගිලේ - නිවුන් පුතෙක්‌ තනිවූ කදුළු කතාව

ලොග්ගල් ඔය ජලාශයේ පිටවානෙන් පිට පනින ජල කඳ මරුවාගේ හෙවනැල්ලෙන් වැසී ඇති වග තවමත් ඒ හරහා ගමන් කරන පිරිස්‌ නොදන්නා බව දකින්නට ඇත්තේ, පිට පිටම එක දිගට මරු සමඟ යන ජනගඟ දකින විටය. මේ වසර තුළ පමණක්‌ දසදෙනකුට ආසන්න පිරිසකගේ හුස්‌ම පොද දිය යට සඟවා ගනිමින් ජීවත්වන්නවුන්ට දරා ගත නොහැකි කම්පාවක්‌ හිමිකර දුන් මහවැලි අන්තර් නිම්න ඇළ මාර්ගය හෙවත්, වියානා ඇළ තමන් රුදුරු බව යළිත් සිහිකර ඇත්තේය. 

එකම ලෙයින් බැඳි මව පියා සහ පුතුගේ ජීවිත සඟවා ගැනීමට තරම් සාහසික වූ වියානා ඇළ ජලකඳ හේමරත්න පවුලට පමණක්‌ නොව කන්ද උඩරටම දුක්‌ ගංඟාවක ගිල්වන්නට මඟ පෑදුවේය. එකම බඩවැල කඩාගෙන එක්‌ව වෙසෙන්නට පෙරුම්පුරා උපන් නෙත්වින අකේෂ් සහ මෙත්වින අකේෂ් සහෝදරයන් මේ භවයේදී වෙන් කරන්නටත්, මෙත්වින අකේෂ්ට ජීවිත කාලය පුරාවටම මැරි මැරී උපදින තරම්ම මහා දුකක්‌ ඉතිරි කර දෙන්නටත් වියානා ජල කඳ දරුණු වූයේය. 

පොලු පහරයි බිරිඳ ඉවරයි මීගමුවේ කපිතාන්ගේ නරුම නැටුම

පසුගියදා (19 දා) මීගමුව දුන්ගල්පිටිය වෙරළ ප්‍රදේශයේදී හමුවූ කාන්තා මළ සිරුරක්‌ පිළිබඳ තොරතුරු පැතිර යාමත් සමඟම යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හෝරා කීපයක්‌ ඇතුළත එම කාන්තාව ඝාතනය කළ ඇගේ සැමියා වන හිටපු යුද හමුදා කපිතාන්වරයකු වූද, වර්තමානයේ ක¹න ප්‍රදේශයේ රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ තිස්‌ස හේරත් බණ්‌ඩාර නමැති සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

ATM කාඩ් දත්ත හොරකම් කරළා ගහන ගේමක් අතේ කෝට් - පොලිසිය මහජන සහය පතයි (Video)

ATM කාඩ්පත් වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගනුදෙනු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මහජන බැංකු මුලස්ථානයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලි කර තිබේ.
ඒ අනුව, සැක කරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි.

හදිස්සියේම නෙලුම් කුළුණ එලිය වුනු හැටි

නෙලුම් කුළුණ Lotus Tower Colombo දකුණු ආසියාවේ උසම ඉදිකිරිම.

මෙම ඉදිකිරිම මුළු ලංකාවේම කතා බහට ලක්වූ ඉදිකිරීමක්.

ඊයේ (26) කොළඹ අවට අයට අදහාගත නොහැකි සිදුවීමක් සිදුවුණා. ඒ තමා හදිස්සියේම නෙලුම් කුළුණ දිශාවෙන් ආලෝකයක් දිස්වීම.