BREAKING NEWS
latest

728x90

468x60

හැමදාම ගුටිකන්න බැරි නිසා පිහියෙන් ඇන්නා - සැකකාර සිසුවාගේ පාපොච්චාරනය

කොස්‌ගොඩ හෑගල්ල මහා විද්‍යාලයේ 10 වැනි වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනකුට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළේ යෑයි කොස්‌ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලද පාසල් සිසුවා දෙසැම්බර් මස 13 වැනිදා දක්‌වා ගාල්ල, කිතුලම්පිටිය ළමා රැඳවුම් නිවාසයේ රඳවා තැබීමට බළපිටිය මහෙස්‌ත්‍රාත් රජින්ද්‍රd ජයසූරිය මෙනවිය 27 දා නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්‌ගොඩ පොලිසිය බළපිටිය මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබේ.

මෙසේ කිතුලම්පිටිය රැඳවුම් නිවාසයේ රඳවා තබන ලද්දේ ගල්කන්ද, කොස්‌ගොඩ පදිංචි ග/ හෑගල්ල මහා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

ප්‍රහාරය සඳහා යොදා ගත් බව කියන පිහිය ද කොස්‌ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි තලය සෙන්ටිමීටර් 08 කි. මිට සෙන්ටිමීටර් 11 කි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කොස්‌ගොඩ, හතරමංහන්දියේ පදිංචි මිහිසර (15) සහ සනෝල් (15) නමැති ගා/හෑගල්ල මහා විද්‍යාලයේ 10 වන ශේ්‍රණියේ සිසුන් දෙදෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා බළපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පිහි ඇනුමින් මිහිසර (15) නමැති සිසුවාගේ අක්‌මාව පවා තුවාල වී තිබෙන බවත් ශල්‍ය කර්මයකට පවා ඔහු භාජනය කර තිබෙන බවත් කොස්‌ගොඩ පොලිසිය කියයි. එම සිසුවා බළපිටිය මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ. සනෝල් (15) නමැති අනෙක්‌ සිසුවාගේ අතකට පිහි ඇනුමින් තුවාල සිදුව තිබේ.

27 දා පෙ.ව. 7.45 ට පමණ මෙම පිහි ඇනුම සිදුව තිබේ. පෙ.ව. 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ වර්ෂාවසාන වාර විභාගයට පෙනී සිටීම සඳහා පැමිණි හෑගල්ල මහා විද්‍යාලයේ එකම පන්තියේ අධ්‍යාපනය ලබන සිසුන් කණ්‌ඩායම් දෙකක්‌ අතර ඇති වූ ගුටිබැට හුවමාරුවකින් පසුව මෙම පිහි ඇනුම සිදුව තිබෙන බව කොස්‌ගොඩ පොලිසිය මෙතෙක්‌ කරන ලද පොලිස්‌ පරීක්‌ෂණවලදී තහවුරු වී තිබේ. පිහි ඇනුම සිදු කරන ලද සිසුවා තුවාල ලැබූ සිසුවාට වඩා වසරකින් වැඩිමහල්ය. ඔහු එක්‌ පංතියකදී වසරක්‌ අසමත්ව ඇත.

සෑම දිනකම පාහේ තමාට තුවාල ලැබූ සිසුන් දෙදෙනා හා තවත් සිසුන් එක්‌ව පහරදීම පුරුද්දක්‌ වශයෙන් කළ බවත් දිනපතාම ගුටිකෑම ඉවසිය නොහැකි තැන නිවසින් පිහියක්‌ සාක්‌කුවේ දමාගෙන පැමිණ මෙසේ පිහියෙන් ඇන්න බවත් සැකකාර සිසුවා පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

කොස්‌ගොඩ පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‌ෂක උදයසිරි සිරිමාන්න, අපරාධ අංශයේ ස්‌ථානාධිපති පී. එම්. ඉරාන් යන මහත්වරුන්ගේ මෙහෙයවීම මත පොලිස්‌ සැරයන් රංජන් (21930) සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් නඩු කටයුතු මෙහෙයවීය.
« PREV
NEXT »

Facebook Comments APPID