BREAKING NEWS
latest

728x90

468x60

පහස විඳින්න සිරි නරඹන්න - සුන්දර බෝඹුරු ඇල්ල වනසන්න එපා

බෝඹුරු ඇල්ල නැරඹීම සඳහා පැමිණෙන දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නොමනා ක්‍රියා කලාපයන් නිසා මේ වන විට ඉතාමත්ම සුන්දර බෝaඹුරු ඇල්ල දියඇල්ල මෙන්ම ඒ අවට සුන්දර පරිසර පද්ධතියද විනාශ වෙමින් පවතී.

නුවරඑළිය සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවලට මායිම්ව වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර් පහළොවක්‌ දුරකින් ඌව පරණගම පේරවැල්ල ප්‍රදේශයේ පිහිටි මෙම සුන්දර දිය ඇල්ල පේරවැල්ල ඇල්ල නමින්ද හඳුන්වනු ලැබේ.

මේ වනවිට මධ්‍යම කඳුකරයට ඇද හැළෙන වර්ෂාපතනයත් සමඟ සක්‍රිය වී තිබෙන මෙම ඇල්ලේ ජලය විශාල ලෙස පැවතීම නිසා මෙම ඇල්ලේ දියනෑම ඉතාමත්ම අනතුරුදායක වී ඇතැයි අඹගස්‌දෝව පොලිසිය කියයි.

මේ වන විට මෙම ඇල්ල නැරඹීමට එන දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ඔවුන් රැගෙන එන පොලිතීන්, බත්පැකට්‌, මත්පැන් බෝතල්, ප්ලාස්‌ටික්‌ ආදී දිරා නොයන දෑ දියඇල්ල හා අවට සුන්දර පරිසරයේ අතහැරයැම නිසා මේ වන විට මෙම පරිසරය අපවිත්‍ර වෙමින් තිබේ. දිය ඇල්ල අවට සහ මෙම බෝඹුරු ඇල්ල රක්‌ෂිත ප්‍රදේශයේ ගෝනුන් බහුල ලෙස ජීවත් වන අතර සංචාරක පිරිස්‌ දිරා නොයන පොලිතීන් ආදිය මෙහි දමායැම නිසා ඒවා ආහාරයට ගනු ලබන ගෝනුන්ගේ ජීවිතවලට අවදානමක්‌ද මතුවී ඇත.

තවද මේ වන විට මෙම ප්‍රදේශයට පමණක්‌ම ආවේණික බිම්මල් වර්ග බෝහෝමයක්‌ වර්ෂාවත් සමඟ දක්‌නට ලැබෙන අතර සංචාරක පිරිස්‌ ඒවා විනාශ කිරීම සිදු කරති පරිසරවේදීහු කියති. අනාගත පරපුර උදෙසා මෙම සුන්දර දියඇල්ල මෙම පරිසරයද ආරක්‌ෂා කර ගැනීම අප කාගේත් වගකීම හෙයින් මෙම ඇල්ල සහ අවට පරිසරය පිරිසිදුව තබාගැනීම සඳහා කටයුතු කරන්නැයි බෝඹුරු ඇල්ල සුරැකීමේ සංවිධානය බෝඹුරු ඇල්ල නැරඹීමට පැමිණෙන සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

« PREV
NEXT »

Facebook Comments APPID