BREAKING NEWS
latest

728x90

468x60

පුංචි අම්මට අතවර කරන්න ගිහින් පුතා කූඩුවේ

අතුරුගිරිය පොලිස්‌ බලප්‍රදේශයේ පුංචි අම්මා කෙනකුට අතවර කළ පුතෙකු පොලිසිය මගින් පසුගිය සිකුරාදා (24 දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ අතුරුගිරිය ජයන්ති පාරේ පදිංචිකරුවකු වූ 28 හැවිරිදි දෙදරු පියෙකි. 54 හැවිරිදි පැමිණිලිකාර පුංචි අම්මාට අයත් දේපළ භුක්‌ති විඳිමින් සිටින පුත්‍රයා ඇයට අතවර කර ඇත.

පසුගිය (23 දා) බ්‍රහස්‌පතින්දා දහවල් සිය බිරින්දෑ නිවසේ නොසිටි අවස්‌ථාවේ මොහු පුංචි අම්මා සමඟ බහින්බස්‌ වී ඇත. දරුවන් ද පාසල් නිමවී නිවසට පැමිණ සිට ඇති අතර ඔවුන් ද මඟහැර පුංචි අම්මා දිවි ගෙවන ගරාජය තුළට රිංගා ඇයට බලහත්කාරයෙන් බරපතළ ලෙස අතවර කර ඇති බව පොලිසිය පවසයි.

අනතුරුව පැමිණිලිකාරිය නිවසින් පැනගොස්‌ රාත්‍රිය වෙනත් ස්‌ථානයක ගතකර පසුදා අතුරුගිරිය පොලිසිය වෙත ගොස්‌ පැමිණිලි කිරීමෙන් අනතුරුව ඇය ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහල වෙත ඇතුළත් කර තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සැකකරු මීට පෙර ද කාන්තාවකට අතවර කිරීමට ගොස්‌ අකරතැබ්බයකට පත්වූවකු බව ද වාර්තා වේ. අතුරුගිරිය පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක උපුල් අලවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදුකෙරේ.
« PREV
NEXT »

Facebook Comments APPID