BREAKING NEWS
latest

728x90

468x60

එළඹෙන පස්වැනිදා සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය ගැන දැනුම්දීමක්

දෙසැම්බර් 05 දින සිට ශ්‍රී ලංකාවට බලපෑමට ඉඩ ඇති කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැහැදැළි කර තිබෙනවා.

ඒ අනුව දැනට දකුණු අන්දමන් දූපත් ආසන්නයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වී ඇති බවයි පෙන්වා දෙන්නේ.

දිවයිනට කි.මි 1700 පමණ නැගෙනහිර දෙසින් ගිණියකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ එය පවතින බවයි සඳහන් කරන්නේ.

එම අඩු පීඩන කලාපය ඉදිරි දිනවලදී වර්ධනය වෙමින් මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා ඉන්දියානු ගොඩබිම වෙත ඇතුලුවනු ආකාරයක් දැනට පවතින ගෝලීය ගණිතමය ආකෘතිවලට අනුව පුරෝකථනය කර ඇති බවද වැඩි දුරටත් වාර්තා කරනවා.

ඒ අනුව දෙසැම්බර් මස 5 සහ 6 වැනිදා වනවිට මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට තරමක් ආසන්නයෙන් ගමන් කරනු ඇතැයි ද අනුමාන කෙරෙනවා.

වායුගෝලීය තත්ත්වය වෙනස් වීම මත මෙහි ගමන් මාර්ගයද වෙනස් විය හැකි බවයි අවධාරණය කරන්නේ.

ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දන්වා සිටින්නේ කාලගුණයේ මෙම තත්ත්වය පිළිබඳව සිය අංශ නිරන්තර අවධානයෙන් සිටින බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID