BREAKING NEWS
latest

728x90

header-ad

468x60

header-ad

මානසික ආතතිය සහ ඉන් මිදෙන මෙන්න නියම මග

මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්‌මනින් ලක්‌වීමේ හැකියාවක්‌ ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක්‌ ඇතිවීමයි. මෙවන් තත්ත්වයක්‌ ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්‍රනලීන් සහ නොරෑ ඇඩ්‍රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ.

සජීවි පුද්ගලයෙක්‌ නිර්මාණයවී ඇත්තේ කය සහ මනස යන ද්විත්වයෙනි. කයෙහි ක්‍රියාකාරිත්වය නිවැරදිව පවත්වාගෙන යන්නේ මනසේ ක්‍රියාකාරිත්වය මගිනි. එනම් අපගේ චර්යාවන් තීරණය වන්නේ අපගේ සිතිවිලි අනුවය. මනස හෙවත් හිත ලෙසින් හඳුන්වන්නේ මොළයේ ක්‍රියාකාරිත්වයයි. විදුලි බුබුලක්‌ කය ලෙස ගතහොත් සිත වන්නේ විදුලියයි. මෙහිදී කය හෙවත් විදුලි බුබුල ඇසට පෙනුනත් විදුලිය ඇසට නොපෙනෙයි. නමුත් විදුලි බුබුලට විදුලිය ලබාදුන් වහාම එය දැල්වී ක්‍රියාත්මක වේ. තවත් ලෙසකින් පවසන්නේ නම් මිනිසා පරිගණකයක්‌ ලෙස සැලකුවහොත් එහි. දෘඪකාංග "කය" ලෙසටත් මෘදුකාංග "මනස" ලෙසටත් සැලකිය හැකිය. පරිගණකය ක්‍රියාත්මක කිරීම සඳහා මෘදුකාංග අත්‍යවශ්‍ය වේ. යොදනු ලබන මෘදුකාංග අනුව පරිගණකයේ ක්‍රියාකාරිත්වය වෙනස්‌ වනවා මෙන්ම අපගේ සිතිවිලි අනුව අපගේ හැසිරීමද වෙනස්‌වේ.

පරිගණකයක දෘඪකාංගයක්‌ හෝ මෘදුකාංගයක්‌ නිසි ලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එහි ක්‍රියාකාරිත්වය අඩාල වියහැකිය. එනම් පරිගණකය "ලෙඩ" විය හැකිය. මෙලෙසින්ම අපටද කායිකව මෙන්ම මානසිකවද රෝග ඇතිවේ. අවාසනාවකට මෙන් අප රටේ මෙම මානසික සුවය පිළිබඳව දක්‌වන සැලකිල්ල ඉතා අවම මට්‌ටමක ඇති බව දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලය ලෙස පුද්ගලයන් අතර ගැටීම් බහුලවීම මෙන්ම සියදිවි නසාගැනීම් ද සැලකිය යුතු මට්‌ටමකට ඉහළ ගොස්‌ ඇත.

මොළයේ ක්‍රියාත්මකවන රසායන ද්‍රව්‍යයන්වල සාන්ද්‍රනයන් විවිධ හේතුන් මත වෙනස්‌වීම හේතුවෙන් මානසික රෝග ඇතිවේ. මෙහිදී සියලු ශාරීරික රසායනාගාර පරීක්‌ෂණයන් සාමාන්‍ය තත්ත්වයෙන් පවතින අතර රෝග ලක්‌ෂණ අනුව රෝගය නිර්ණය කෙරේ. ඒ අනුව එම රෝගයට නියමිත ඖෂධ දිගුකලක්‌ අඛණ්‌ඩව නිසි වෛද්‍ය උපදෙස්‌ මත ලබාගැනීම මගින් අදාළ රෝග තත්ත්වයෙන් මිදිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් මෙම වර්ගයට අයත් දරුණු මානසික රෝග තත්ත්වයන්ට ගොදුරු වූවන්, දෙවියන්ගෙන් වරම් ගත් අය හෝ දේවාරූඪ ලබාගත් අය ලෙස සලකා වැඳුම් පිඳුම් කිරීමට, පේන බැලීමට ශාස්‌ත්‍ර ඇසීමට, මෙන්ම ගුරුකම් කිරීමට පෙළඹවීම නිසා එම රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර රෝගයේ මුල් අවධියේ දීම ලබා නොදීම හේතුවෙන් සුව කිරීමට අපහසු තත්ත්වයක්‌ බවට පසුකාලීනව පත්වේ.

මනස, කය මෙන් නොව දැඩි ආතතියකට ඉක්‌මනින් ලක්‌වීමේ හැකියාවක්‌ ඇත. මෙහිදී සිදුවන්නේ මනසට ඇතිවන නොයෙකුත් තදබල ගැටලු සඳහා පිළිතුරු සොයාගැනීමට අපහසුවීම හෝ ජීවත්වීමේදී ලැබෙන තර්ජනයන්, අභියෝගයන් හේතුවෙන් මනසට දැඩි පීඩනයක්‌ ඇතිවීමයි. මෙවන් තත්ත්වයක්‌ ඇතිවීම නිසා සිරුරේ ඇඩ්ඩි්‍රනලීන් සහ නොරෑඇඩ්‍රනලීන් වැනි ආතතිය ඇති කිරීමේ රසායනිකයන් වැඩියෙන් ශ්‍රාවය වේ. එවිට සිරුරේ නොයෙකුත් වෙනස්‌වීම් ඇතිවේ. හෘද ස්‌පන්දනය වැඩිවීම සහ හදවතේ ස්‌පන්දනය දැනීම, මාංශ පේශිවල තද ගතිය, හුස්‌ම ගැනීමේ වේගය වැඩිවීම වැනි ලක්‌ෂණ ඉන් ප්‍රධාන වේ. හිස මත බරක්‌ තබාගෙන සිටින්නාක්‌ මෙන් දැනෙනු ඇත ඔලුව පුරාම පැතිරුනු හිසරදයක්‌ නිරතුරුවම පැවතීම මානසික ආතතියේ තවත් ලක්‌ෂණයකි.

දිගුකලක්‌ මෙම මානසික ආතතිය පැවතීම නිසා සිරුරේ ප්‍රතිශක්‌තිය ද අඩුවේ. එවිට නොයෙකුත් බෝවෙන රෝගයන්ට නිරතුරුවම ගොදුරුවීම සිදුවේ. එපමණක්‌ නොව ඉන්සියුලින් හෝමෝනය ක්‍රමිකව අක්‍රිය කිරීමට ඉහත රසායනිකයන්ට හැකි බැවින් දියවැඩියාවට ගොදුරුවීමට මෙන්ම අධික රුධිර පීඩනය, රුධිරයේ මේදය අධිකවීම, හෘදයාබාධ වැනි බෝ නොවන රෝග ඇතිවීමේ සම්භාවිතාවද ඉතා ඉහළය. එපමණක්‌ නොව සිරුර පිළිකාවලට ගොදුරුවීමේ හැකියාවත් දිගුකාලීනව මානසික ආතතියෙන් පෙලෙන්නන් අතර බහුල බව පරීක්‌ෂණ වලින් සනාථ වී ඇත.

මෙවන් පුද්ගලයින් බොහෝ දෙනෙකු සමගාමීව මානසික අවපීඩනයෙන් ද පෙළෙනු ඇත. එවිට ජීවත්වීම කරදරයක්‌, දුකක්‌ ලෙස දැනෙනු ඇත. සියලු කරදර ඇතිවන්නේ තමන්ට පමණක්‌ බවත් තමන් තනිවී ඇති බවත් දැනෙනු ඇත. තමන් ජීවත්වන්නේ දරුවන්ට යුතුකම් ඉටුකිරීම සඳහා පමණක්‌ බව නිරතුරුව පවසනු ඇත. තමන් ගැන දක්‌වන අවධානය අඩුවේ. මෙහි අවසානය බොහෝවිට සිය දිවි නසාගැනීම විය හැකිය.

නිරතුරුවම මානසික පීඩනයෙන් පෙළෙන අය දක්‌වන තවත් රෝග ලක්‌ෂණයක්‌ වන්නේ මනෝ කායික රෝගයි. මෙහිදී එම පුද්ගලයාට විවිධ රෝග ලක්‌ෂණ ඇතිවන නමුත් එම රෝග ලක්‌ෂණ බොහෝවිට සත්‍ය රෝගයක පවතින එකිනෙක හා බැඳුන රෝග ලක්‌ෂණ නොව එකිනෙකට සබඳතා නොදක්‌වන වෙනස්‌ රෝග ලක්‌ෂණයි. එමෙන්ම ඒ සඳහා සිදුකරන රසායනාගාර සහ විකිරණ පරීක්‌ෂණයන් ද ඇතුළුව සියලු පරීක්‌ෂණයන් සාමාන්‍ය තත්ත්වයේ පවතිනු ඇත. උදාහරණයක්‌ ලෙස පාසලේ යම් ගැටලුවක්‌ හේතුවෙන් පාසල් යාම මනසින් ප්‍රතික්‌ෂේප කරන දරුවන් එය එළිදක්‌වන්නේ බොහෝ විට බඩේ කැක්‌කුම වමනය හෝ හිසරදය ලෙසින් වන අතර මෙය ඇතිවන්නේ උදෑසන පාසල් යැමට සූදානම් වන විටයි.

සමහර අය, විශේෂයෙන්ම කාන්තාවන් සිරුරේ විවිධ ස්‌ථානවල දැවිල්ලක්‌ හටගන්නා බව ප්‍රකශ කළත් නිශ්චිත තැනක්‌ නැතිව එක්‌ එක්‌ දිනවල විවිධ ස්‌ථානවල එන දැවිල්ලත් බොහෝවිට මේ හා සමානම වූ මනෝ කායික රෝගයකි.

මානසික ආතතිය ඇතිවීමේදී ක්‍රියාත්මක වන්නේ සිරුරේ ඉච්චානුග ස්‌නායු පද්ධතියයි. නමුත් අනිච්චානුග ස්‌නායු පද්ධතියෙන් සිදුකරන්නේ මෙහි විරුද්ධ ක්‍රියාවයි.එනම් අනිච්චානුග ස්‌නායු පද්ධතිය ක්‍රියාත්මකවීම මගින් හෘද ස්‌පන්ධනය අඩුවේ. ආශ්වාස ප්‍රාශ්වාස ශීඝ්‍රතාව අඩුවේ. මාංශ පේශිවල තද ගතිය අඩුවී ඉහිල් බවට පත්වේ. හිස තුළ සැහැල්ලු බවක්‌ ඇතිවී සුව නින්දක්‌ ලැබේ. එම නිසා මානසික පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් නිරතුරුව මෙම අනිච්චානුග ස්‌නායු පද්ධතිය ක්‍රියාත්මකව තබාගැනීම සුබදායක වේ. 

මේ සඳහා ආනාපානසති භාවනාව වැනි සිත එකඟ කර ගැනීමේ භාවනාවන්, සිරුර ඉහිල් කිරීමේ ව්‍යායාම කිරීම, මානසික ඉහිල්වීම ඇති කරන සංගීත ඛණ්‌ඩවලට සවන්දීම, කුඩා දරුවන් හෝ සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීම, විනෝද චාරිකාවලට සහභාගිවීම, පරිසරයේ සුන්දරත්වය විඳීම මෙන්ම සිරුර සම්බාහනය කිරීම සහ ("ස්‌පා") කිරීම සාර්ථකව යොදාගත හැකිය. දුම්පානයෙන්, කෝපී පානයෙන් වැළකීම, මෙන්ම කොල පැහැති එළවළු සහ පලතුරු වැඩියෙන් ආහාරයට ගැනීමත් ආතතිය වළක්‌වාගැනීමට උපකාරී වේ. ලොකු මාලු සහ ආර්මන්ඩ් ඇට ආහාරයට ගැනීමත් සුදුසුවේ. වේලාවට සහ පිළිවෙලට වැඩ කිරීම, තම වටපිටාව සරලව සහ පියකරුව තබාගැනීමත් ලැවැන්ඩර් සුවඳ හමන මල් හෝ වායු සුවඳකාරක යොදා නිදන කාමරය සුවඳවත්ව තබාගැනීමත් මානසික පීඩනවලින් මිදී සිටීම සඳහා උපකාරී වන බව පරීක්‌ෂණ වලින් තහවුරු වී ඇත.

වෛද්‍ය පාලිත බණ්‌ඩාර සුබසිංහ
MBBS (PERADENIYA)
වෛද්‍ය නිලධාරි
ශික්‌ෂණ මහ රෝහල
මහනුවර



« PREV
NEXT »

Facebook Comments APPID

About Us

logo

fbtemplates in Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Nunc interdum metus vitae dui tempus ornare. Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.

Nulla facilisi. Vivamus id eros sit amet lorem condimentum ultrices. Phasellus imperdiet, magna at sodales dictum, nibh mauris tempor nulla, in consequat est purus eget.