BREAKING NEWS
latest

728x90

468x60

පොලු පහරයි බිරිඳ ඉවරයි මීගමුවේ කපිතාන්ගේ නරුම නැටුම

පසුගියදා (19 දා) මීගමුව දුන්ගල්පිටිය වෙරළ ප්‍රදේශයේදී හමුවූ කාන්තා මළ සිරුරක්‌ පිළිබඳ තොරතුරු පැතිර යාමත් සමඟම යුහුසුළුව ක්‍රියාත්මක වූ පොලිසිය හෝරා කීපයක්‌ ඇතුළත එම කාන්තාව ඝාතනය කළ ඇගේ සැමියා වන හිටපු යුද හමුදා කපිතාන්වරයකු වූද, වර්තමානයේ ක¹න ප්‍රදේශයේ රජයේ පාසලක ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස සේවය කළ තිස්‌ස හේරත් බණ්‌ඩාර නමැති සැකකරුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.

තිස්‌ස හේරත් බණ්‌ඩාර අධ්‍යාපනයේ ඉහළ දැනුම් සම්භාරයක්‌ හිමිකරගෙන කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වුවද ඔහුගේ යුග දිවිය සාමකාමීව සහජීවනයෙන් යුතුව පවත්වා ගෙන යැමට අසමත්වීම දෛවයේ සරදමකි. ඔහු මහනුවර විද්‍යාලයකින් අධ්‍යාපනය ලබා කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු ලෙස සමාජයට පැමිණ 1992 වර්ෂයේදී රජයේ ඉංග්‍රීසි ගුරු පත්වීමක්‌ ලබා තම රැකියාව ගුරු සේවාව ලෙස ආරම්භ කර ඇත. ගුරු වෘත්තියේ නියෑළෙමින් සිටින අතරතුර රට තුළ පැවැති යුද වාතාවරණය හේතුවෙන් සේවා අවශ්‍යතා මත ශ්‍රී ලංකා යුද හමුදාවේ 7 වන සන්නාහ සන්නද්ධ බළකායේ දෙවන ලුතිනන්වරයකු ලෙස එක්‌වී දියතලාව පුහුණු කඳවුරේදී යුද පුහුණුව ලබා පසුව දිවයිනේ ප්‍රදේශ ගණනාවක සේවය කළ රණවිරුවෙකි. යුද හමුදා සක්‍රීය ක්‍රියාන්විත රාජකාරියේදී සතුරු පාර්ශ්වයේ වෙඩි උණ්‌ඩයට පවා මුහුණ දුන් හේරත් බණ්‌ඩාර නාරාහේන්පිට යුද හමුදා පාසලේ ඉංග්‍රීසි ගුරු උපදේශකයකු ලෙස පත්වන්නේ තම නිලය කපිතාන් දක්‌වා උසස්‌ කරගෙනය. තම අනාගත සැලසුම සකස්‌ කරගනු පිණිස පුවත්පත් දැන්වීමකට අනුව සෞම්‍යා දිල්රක්‌ෂි සමඟ විවාහ වී ජාඇල ප්‍රදේශයට ස්‌ථිර පදිංචියට පැමිණෙන්නේ සෞම්‍යයාගේ ගම් පියස ජාඇල ප්‍රදේශය වූ බැවිණි. විවාහවී ටික කලක්‌ යනවිට දෙන්නා අතර ගැටුම් ඇති වන්නේ යුග දිවියේ නීරස පැත්තක්‌ ද දෙදෙනා අතර මතුවීම නිසාවෙනි. මෙම පවුල් ආරවුල අවස්‌ථා කීපයකදී පොලිස්‌ පොතේ ලියෑවෙන්නේ තම ගැටලුව තමන්ට බේරා ගැනීමට දෙපාර්ශ්වය අපොහොසත් වූ නිසා විය හැකිය. මෙම අරගල මධ්‍යයේ දයාබර පුතෙකු උපදින්නේ සෙනෙහවන්ත මවුපිය සම්බන්ධය වැඩිකිරීමට වුවද දෛවයේ සරදමක්‌ ලෙස මෙම ගැටුම නොනැවතී ඉදිරියට ගොස්‌ ඇත්තේ දරුවාට ද යම් පීඩනයක්‌ එල්ල කරමිනි. 16 හැවිරිදි පුතණුවන් හේරත් බණ්‌ඩාරට විශේෂ ලැදියාවක්‌ තිබූ බව ද පැවසේ. මෙම ආරවුල දිගින් දිගටම පවතින අතරතුර හේරත් බණ්‌ඩාරගේ තීරණය වුයේ යුද හමුදා සේවයෙන් නැවත ගෞරවණීය ගුරු සේවයට අනුයුක්‌තවී කටයුතු කිරීමටයි. ඒ අනුව නැවත මීගමුව අධ්‍යාපන කලාපයේ ජාඇල අධ්‍යාපන කොට්‌ඨාසයේ පිහිටි ක¹න රජයේ පාසලක ඉංගී්‍රසි විෂයභාර ගුරුවරයකු ලෙස 2013 දී නැවත සේවාව ආරම්භ කළේය.

ආරවුල් මැද යුගදිවිය ගෙවූ මෙම යුවළගේ අමිහිරි දිනය උදාවූයේ ඉකුත් 16 දාය. ගණේමුල්ල බොල්ලත මෝල හන්දිය ප්‍රදේශයේ තිබූ නිවසේ අලුත්වැඩියා කටයුත්තක්‌ සඳහා භාණ්‌ඩ රැගෙන ඒමට කැබ් රථයකින් පැමිණෙන හේරත් බණ්‌ඩාර නැවත පෙ.ව. 10.30 ට පමණ නිවසට පැමිණියේ නිවස අලුත්වැඩියා කිරීමේ අපේක්‌ෂාවෙනි. හේරත් බණ්‌ඩාර කටඋත්තර ලබාදී ඇති පරිදි එම අවස්‌ථාවේ නිවසේ සිටි පුද්ගලයකු ජංගම දුරකථයක්‌ හසුරවමින් සිට ඇත. ඔහු කවුරුන්දැයි හේරත් බණ්‌ඩාර විමසූ විට ඔහු නිවසින් පිටව ගොස්‌ ඇත්තේ නිහඬවයි. මේ සිද්ධිය හරහා හටගන්නා අඩදබරය නිසා සෞම්‍යා බණ්‌ඩාරට පහරදීමට පොල්ලක්‌ ගන්නා විට එම පොල්ල උදුරා ගන්නා බණ්‌ඩාර පෙරළා වැරෙන් එල්ල කළ පොලු පහර සෞම්‍යයාගේ හිසට වැදී ඇත්තේ සියල්ල හමාර කරමිනි. පසුව නිවසේ ඉහළ මහලට ගමන් කරන බණ්‌ඩාර නැවත පැය 1/2 කට පසු පහලට විත් විපරම් කිරීමේදී ලේ විලක්‌ මැද මියගොස්‌ සිටි සිය බිරිඳ දැක හේරත් බණ්‌ඩාර තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට මෘත දේහය ඉහළ මාලයට ගෙන ගොස්‌ එහි තිබූ ඇඳුම් පෙට්‌ටියකට දමා සඟවා තබයි. එදින පාසල නිමවී පැමිණෙන තම පුතා තම මව ගැන විමසූවිට බණ්‌ඩාර තම පුතාට පවසන්නේ මව මාමලාගේ ගෙදර ගිය බවය. දින දෙකක්‌ උඩු මහලේ තබා තිබූ දේහය බණ්‌ඩාර මුහුදු වෙරළට ගෙනගොස්‌ දැමීමට තීරණය කරයි. පසුව මහනුවර සිටි තම සහෝදරයකුව ද ගෙන්වා ගෙන 18 දා රාත්‍රී මළ සිරුර මීගමුව දුන්ගල්පිටිය මුහුදු තීරයට කැබ් රථයෙන් ගෙන ගොස්‌ දමා අතහැර නැවත පැමිණෙන්නේ අපරාධය සදහටම වැළලෙනු ඇතැයි සිතමිනි. 19 දා උදෑසන කැබ් රථයෙන් ජාඇලට පැමිණි බණ්‌ඩාර බස්‌ නැවතුම්පළෙන් තම සහෝදරයාව නැවත නුවරට පිටත්කර හරිනු ලබයි.

පසුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ මුහුදු වෙරළෙන් හමුවූ මෙම මළ සිරුර පිළිබඳ තොරතුරු පැතිර යැමත් සමඟ යුහුසුළුව බණ්‌ඩාරව සොයා පොලිසිය පැමිණෙන්නේ ලද තොරතුරු ඔස්‌සේය. පසුව අපරාධයේ සුලමුල පොලිසිය සොයා ගන්නේ ඔවුන්ගේ තීක්‍ෂණ බුද්ධිය නිසාය.

ඝාතනයට ලක්‌වූ සෞම්‍ය, දිල්රුක්‌ෂි හෙට්‌ටිආරච්චි (36) එක්‌දරු මවගේ සීල් තබනලද මෘත දේහය ජාඇල කපුවත්ත පොදු සුසාන භූමියේදී ක්‍රිස්‌තියානි ආගමික කටයුතු මධ්‍යයේ සවස භූමිදාන කරන ලදී.


රුක්‌මන් පින්තු
« PREV
NEXT »

Facebook Comments APPID