BREAKING NEWS
latest

728x90

468x60

ලක්ෂ අසූවේ ඉඩමට පෙම්බැඳි අනියම් සැමියා දෙදරු පියාට කැකිරාව උසාවිය අසලදී කළ අපරාධය

සිය බිරිඳගේ අනියම් සැමියා විසින් කැකිරාව උසාවිය අසලදී ලොරියකට යටකර මරා දැමීමට තැත් කළැයි පවසන පුද්ගලයකු පෙරේදා (30) තුවාල ලබා කැකිරාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දඹුල්ල මූලික රෝහලට මාරුකර යවා තිබෙනවා.

මෙසේ තුවාල ලබා ප්‍රතිකාර ලබනුයේ කැකිරාව මහකැකිරාව යන ලිපිනයේ පදිංචි දිසානායක රාළලාගේ වසන්ත ප්‍රභාත් දිසානායක නමැති 41 හැවිරිදි දෙදරු පියෙක්.

සිය බිරිඳ ද සැමියාගෙන් වෙන්ව ජීවත්වන අතර සිය බිරිඳට අයත් ලක්ෂ අසූවක්‌ පමණ වටිනා ඉඩමක්‌ අයිතිකර ගැනීමේ අවශ්‍යතාවය මත ඇයගේ අනියම් සැමියා තමා මෙසේ මරා දැමීමට තැත් කර ඇතැයි පවසනවා. 


තුවාලකරුගේ බිරිඳ පාසල් ගුරුවරියක්‌ බවත් කැකිරාව පොලිසියේ මේ සම්බන්ධයෙන් පැමිණිලිකොට ඇති අතර එම නඩුවට පෙනී සිටීමට කැකිරාව උසාවියට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ.

මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා මේ වනවිට ප්‍රදේශයෙන් පලා ගොස්‌ ඇති අතර කැකිරාව පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.
« PREV
NEXT »

Facebook Comments APPID