Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

Advertisements

Loading...

Mini Gossip

VIDEO PORTAL

FACEBOOK

ව්‍යාපාරික ලෝකයේ හිනි පෙත්තටම නැගි ඇපල් සමාගමේ සම නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් 56 හැවිරිදි වියේදී මිය ගියේ දරුණු අගන්‍යාස පිළිකාවකින් දුක් විඳීමෙන් අනතුරුවයි. 2011 ඔක්තොම්බර් 06 වෙනිදා මිය යන විට ස්ටීව් පරිගණක ක්‌ෂේත්‍රය හා දුරකථන ක්‌ෂේත්‍රය ඇතුළු ලෝකයේ මිනිස්‌ ජීවිත වෙනස්‌ කරන සුළු ක්‌ෂේත්‍ර ගණනාවක්‌ බරපතළ ලෙස වෙනස්‌කම්වලට භාජනය කරන්නට සමත් වූ අසහාය මිනිසකු විය.

ඔහු මියගිය පසුව 2015 අවුරුද්දේදී ඔහු විසින් සිය මරණ මංචකයේදී කළේ යෑයි කියන ප්‍රකාශයක්‌ අන්තර්ජාල වෙබ් අඩවි පුරා සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. මේ ඔහු විසින් කරන ලදැයි කියවෙන ඒ අවසන් ප්‍රකාශයයි.

මම ව්‍යාපාර ලෝකයේ ජයග්‍රහණයේ මුදුන් හිණිපෙත්තටම පැමිණි අයෙක්‌මි. බොහෝ අය දකින පරිදි මගේ ජීවිතය ජයග්‍රහණය පිළිබඳවම වූ සංකේතයකි.

එහෙත්, වැඩ කිරීමෙන් ලද සතුටට අමතරව මා ජීවිතයෙන් ලද සතුටක්‌ ඇතිනම් ඒ ඉතා ස්‌වල්ප වශයෙනි. මා මේ ජීවිතයෙන් ලබා ගත් එකම සතුට ධනවත් වීම පමණකි.

මේ මොහොතේ මේ ගිලන් ඇඳේ වැතිරී ඉඳිමින් මම මගේ මුළු ජීවිතයම මෙනෙහි කරමි. ළඟ ළඟම එළඹෙන මරණය හමුවේ මා මෙතෙක්‌ ආඩම්බරයෙන් දරා උන් ධනවත් බවෙහිත් කීර්තියේත් දීප්තිමත් බව කෙමෙන් දියවී යන අයුරු මට පෙනෙයි.

අද මගේ පණ නල රැඳී තිබෙන්නේ මගේ සිරුරට සවි කර ඇති මේ යන්ත්‍රවල පිහිටෙනි. ඒ යන්ත්‍රවල මුණු මුණුවත්, ඒවායේ කොළ පැහැ එළිත් අඳුරේදී දකින මට මරණයේ දේවතාවන්ගේ හුස්‌ම හඬ කෙමෙන් ළං වෙන්නාක්‌ මෙන් දැනෙයි.

ජීවත් වෙන්නට ප්‍රමාණවත් තරම් මුදල් උපයා ගත් විට ධනවත්කම හා බැඳීමක්‌ නැතත් ජීවිතය හා බඳීමක්‌ ඇති අනෙකුත් කාරණා ඉටු කරගන්නට කටයුතු කළ යුතු බව මට දැන් දැනෙයි. ඒවා ධනවත්කම තරමටම ජීවිතයට වැදගත්ය.

අපේ සමීපතමයන් හා ඇති බැඳීම, කලාව, ළමාවියේදී අප මැවූ සිහින. මේවා ධනවත්කමට වඩා ජීවිතයට වැදගත්ය. මේ සියල්ල අත්හැර ධනය පසුපසම හඹා යැමෙන් වනුයේ මා වැනි පැටලුම් සහගත පීඩිත මිනිසෙකු නිර්මාණය වීමය.

දෙවියන් අපට සිතන්නට ශක්‌තිය දුන්නේ අන් අයගේ සිත්හි ඇති ආදරය කරුණාව දකින්නට මිස ධනය විසින් මැවූ මායාවේ දීප්තිය පමණක්‌ දකින්නට නොවේ.

මා විසින් උපයා ගත් සීමාන්තික ධනයෙන් කිසිවක්‌ අද මට ගෙනයන්නට නොහැකිය. මට ගෙනයන්නට හැක්‌කේ මගේ සිතෙහි රැඳුණු ආදරය පිළිබඳ මතකයන් පමණකි.

අපට උපයා ගත හැකි සැබෑ ධනවත්කම් ඒවාය. ජීවිතයට ආලෝකයත් ශක්‌තියත් ලබා දෙන්නේ ඒ ධනවත්කම් මගින් පමණකි. ජීවිතයේදීත් මරණයේදීත් අප හා රැඳී සිටින්නේත් ඒ මතකයන්ගෙන් සැදුම්ලත් ධනය පමණකි.

ආදරයට සැතපුම් දහස්‌ ගණන් දුර යා හැකිය. ජීවිතයට සීමා මායිම් නැත. ඒ නිසා ජීවිතය තුළ සැරිසරන්න. ඔබට හැකි තරම් ඉහළ ඉලක්‌කයකට ගමන් කරන්න. ඒ සියල්ලට ශක්‌තිය ඇත්තේ ඔබේ හදවතේ හා ඔබේ දෑතෙහිය.

මේ ලොව මිල අධිකම ඇඳ කුමක්‌ද? ඒ ගිලන් ඇඳයි.

ඔබට ඔබේ වාහනය ඔබ වෙනුවෙන් පදවාගෙන යන්නට කෙනෙකු මුදලට සොයා ගත හැකිය. එහෙත් ඔබ වෙනුවෙන් ඔබේ රෝගී බව දරාගනිමින් ගිලන් ඇඳක සැතපෙන්නට කෙනෙකු කොතරම් මුදල් ගෙවාවත් සොයා ගන්නට නොහැකිය.

නැති වෙන විනාශ වෙන භෞතික දේවල් නැවත ලබා ගන්නට හැකිය. එහෙත් නැති වී ගිය ජීවිතයක්‌ නැවත ලබා ගන්නට කවමදාකවත් නොහැකිය.

ඔබ කොතරම් පොත් පත් කියවා ඇති අයකු වුවත් ඔබට කියවන්නට නොහැකි වූ තවත් එක්‌ පොතක්‌ ඇති බව ශල්‍යාගාරයට ඔබව ගෙනයන මොහොතක ඔබට මතක්‌ වනු ඇත. ඒ නිරෝගී ජීවිතයකට මාර්ගය නම් පොතයි.

අප ඉන්නේ ජීවිතයේ කුමන අවධියක වුවද ජීවිත කතාවේ තිරය වැසෙන දිනය ඕනෑම මොහොතක එළඹිය හැකිය. ජීවිතය එබඳු අවිනිශ්චිත නාට්‍යයකි.

එබැවින් ඔබේ පවුලට, සැමියාට බිරිඳට, මිතුරු මිතුරියන්ට ආදරය කරන්න. ඔබට ආදරය කරන්න. ඔබව මෙන්ම අනෙක්‌ අයවත් ආදරයෙන් රැක බලා ගන්න.

If You Like To Help Us
Gossip Lanka - Gossip99
wmf.a kj;u mqj;a my;ska n,kak
gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

GOSSIP99

Advertisements

Loading...

GALLERY