BREAKING NEWS
latest

728x90

468x60

බියුටි සැලොනයකදී සුරූපිනියගේ මාරයා ආවේ විදුලි වයරය දිගේ ද?

ජීවිතය තණ අග රැඳි පිනි බිඳුවක් වැන්න. එය කවරදා කොයි මොහොතේ අතැර යාමට සිදුවේදෝයි කාටවත් කියන්නට බැරිය.

මීරිගම කිතලවලාන මුත්තෑවත්තේ පදිංචිකාරියක වූ එක් විසි වියේ පසුවූ රූමත් තරුණිය ‘බියුටි සැලෝන්’ එකකදි මිය ගිය පුවත ඉකුත් සතියේ රට හෙල්ලූ කම්පනීය සිද්ධියක් විය.

ඇය නම්වර ලබන්නේ දිනේෂා චතුරංගනී නමිනි. ගිරිඋල්ල වික්‍රමසිංහ ජාතික පාසලේ අධ්‍යාපනය ලැබූ ඇය රූපලාවන්‍ය පාඨමාලාවක් හදාරා මේ ‘බියුටි සැලොන්’ එකට රැකියාවට ආවේ තම පියාට හා මවගේ ජීවන අත්වැලට සහායක් ලබාදෙන අරමුණිනි.

චීනයෙන් හමුවූ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ධාතූන් වහන්සේලා..?

ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ධාතූන් වහන්සේලා යැයි සදහන් වන අස්ථි තැන්පත් කර ඇති මංජුසාවක් චීනයේ ජින්චුවාන් ප‍්‍රාන්තයේ, මංජුසිරි විහාරස්ථානයෙන් හමු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පිඟන් මැටිවලින් නිපදවා ඇති එම මංජුසාව කි‍්‍ර.ව. 1013 ජුනි 22 වැනි දින පොළොව අභ්‍යන්තරයේ තැන්පත් කළ බව සහ එහි බහා තිබෙන අස්ථි කොටස් ගෞතම බුදුන් වහන්සේට අයත් බවත් ලියන ලද ශිලා ලේඛණයක්ද එ් සමඟම තිබී හමු වී ඇත.

එම ස්ථානයේම තිබී අඩි 6.6ක් පමණ උසැති බුදු පිළිම වහන්සේලා 260ක් පමණ හමුවී තිබීමද විශේෂත්වයකි.

ආවා කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නෑ

උතුරු පළාතේ ක්‍රියාත්මක ‘ආවා’ නැමති පාතාල කල්ලිය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

උතුරු පළාතේ ක්‍රියාත්මක ‘ආවා’ නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වුණා. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ. පසුගිය දවස් 02 ඇතුළත මීට අදාළ සිද්ධි 08ක් වාර්තා වුණා. ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනකු මේ වනවිට අත්අඩංගුවට අරන් තියෙනවා.

පිටතින් පැමිණි පිරිස් ගිංතොට ගැමියන්ට පහර දෙති

ගිංතොට ප්‍රදේශයට පිටතින් පැමිණි පුද්ගලයන් පිරිසක් විසින් අද (17) රාත්‍රී කාලයේ කඩ සහ නිවාස කිහිපයකට දැඩි අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය පවසයි. පහරදීමට පැමිණි ඇතැම් පුද්ගලයන් මුහුණු ආවරණය කරගෙන සිටි බව ද ගැමියෝ කියති.


⁣මීට ටික වේලාවකට පෙර ගිංතොට ප්‍රදේශයේ වෙඩි ශබ්ද ඇසුණු බවත් කියැවේ . හෙට (19 වැනිදා) පෙරවරු 9.00 දක්වා ගිංතොට ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. කුරුඳුවත්ත, මහ හපුගල, වැලිපිටිමෝදර, උක්වත්ත සහ පියදිගම ග්‍රාමසේවා වසම් වලට මෙම ඇඳිරිනීතිය බලපැවැත්වේ.

මෝටර් කාර් ලීසිං අනුපාතවල වෙනසක් - වාහන ගැන සුබ ආරංචියක්

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ පුද්ගල ආනයනකරුවන්හට අවසර දෙනු ලැබේ.

ලේලිට අතවර කරන්න ගොස් පුතාගේ අතටම අසුවූ පියා කරගත්ත දේ

පුතාගේ බිරිඳට අතවර කිරීමට ගොස් එය හසුවීම නිසා සිය දිවි නසාගත් පියෙකු ගැන ගම්පොළ වත්තේගෙදර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

52 හැවිරිදි තිදරු පියෙකුයි මෙලෙස මියගොස් තිබෙන්නේ.

එමෙන්ම මියගිය පුද්ගලයා නිවෙස අසළ දේවාලයක් පවත්වාගෙන ගිය කපුවෙකු බවටත් වාර්තා වනවා.


පසුගිය 11 වන දින සිය 22 හැවිරිදි වැඩිමහල් පුතාගේ බිරිඳ දේවාලය පිරිසිදු කිරීම සඳහා පැමිණ අවස්ථාවේ මෙම පුද්ගලයා ඇය බිම පෙරළාගෙන අතවර කිරීමට තැත්කර තිබෙන අතර බිරිදගේ කෑ ගැසීම ඇසී නිවසේ වඩු වැඩ කරමින් සිටි ඇයගේ සැමියා දේවාලයට පැමිණ තිබෙනවා.

තරුණියන් ඇන්දූ රුවන්වැලි සෑ පුදබිමේ දරුවන් පතා භාවනා කරන තරුණියන්ට දරුඵල ලබාදෙන අමුතු විදියේ කපුමහත්තයෙක්

අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ ප්‍රතිකාරයක් කල නොච්චියාගම ප්‍රදේශයේ කපුමහතෙකු ගැන තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මහා බලසම්පන්න දේවාලයක් තිඛෙන බව පවසමින් විවාහක තරුණ කාන්තාවන් රවටා ‍නොචියාගම ‍පොලිස් වසමේ සිටින කාමාතුර කපුවෙකුගේ කාමාශාව සංසිඳුවා ගැනීමට රැගෙනයන සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් සිටින බව පසුගියදා අනාවරණය වී තිබුණා.

ගවුමේ වාටිය ලෙහන්න කියූ ගුරුවරියට දේශපාලන බෑනාගෙන් තර්ජන

පාසල් සිසුවියකට ගවුමේ වාටිය ලිහා දමන ලෙස අවවාද කළ විනය බාර ගුරුවරියකට එම පාසල තුළට පැමිණ බැන වැදී තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය විමර්ශණයක් ආරම්භ කර තිඛෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය 13 වැනිදායි.

අදාළ සිද්ධියට මුහුණ පා ඇත්තේ මදුරන්කුලිය - කිව්ලකැලේ මහා විද්‍යාලයේ සේවය කරන ආර්.එම්.පී.රත්නායක ගුරුතුමිය මේ සම්බන්ධයෙන් පුත්තලම පොලිසියට පැමිණිළි කර තිඛෙනවා.

නව විභාග කොමසාරිස්‌ පූජිත අද වැඩ භාරගනී

නව විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා අද (16) සිය ධුරයේ වැඩ භාර ගනී.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශේ්‍රණියේ නිලධාරියකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවද ලබා තිබෙන ඒ මහතා කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් විභාග ඇගයීම් පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ද ලබා ගෙන තිබේ.

බ්‍රිතාන්‍යය ප්‍රබල ලාංකික කත ෂෙරී ඇචේසන් උපත දුන් මව හමු වූ සංවේදී මොහොත


උපතින් ශ්‍රී ලාංකිකයෙකු වන ශෙරී ඇචේසන් බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්‍රයේ ප්‍රබලතම කාන්තාවන් 35 දෙනා අතුරින් අයෙකි.

පසුගියදා ඇය මෙරටට පැමිණෙන්නේ තමාට උපත දුන් මව සොයා ගෙනයි.

මේ අතර ඇචේසන් අද පෙරවරුවේ අප ප්‍රවෘත්ති අංශයට පැමිණියා ය.

එහෙත් ඇයට උපත දුන් මව ඇය වෙනුවෙන් ම මෙහි රැඳී සිටින බව ඇය දැන නොසිටියා ය.

ශෙරී බලාපොරොත්තු නොවුණ දේ ඒ මොහොතේම සිදුවිය.

බුදුරුව සහිත පච්චයක් කොටා මෙරට පැමිණි බ්‍රිතාන්‍ය කතට වන්දි

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටාගෙන මෙරටට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික හෙදියක්වන නයෝමී කෝල්මන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක ප‍්‍රසිද්ධ කිතුල්ගල පාරිසරික පද්ධතිය අනතුරේ

වනාන්තර, ජලාශ, ගංගා සහ දිය ඇළි යන මහා සම්පත් වලින් මේ සුන්දර දිවයින නිර්මාණය වී ඇත. ශ්‍රී ලංකාව තුළ මිනිස්වාසය ආරම්භ වීමත් සමඟ මිනිසා සහ පරිසරය අතර බැඳීම අයහපත් වීම නිසා පරිසරයේ ස්භාවික සමතුලිතතාවය ක්‍රමක්‍රමයෙන් බිඳ වැටීම ආරම්භ විය. අද වන විට මේ පුංචි දිවයින තුළ හරිත වර්ණයෙන් බැබලෙන මනරම් කඳු පන්ති මෙන්ම කසල කඳු බිහිවීමට තරම් මිනිසාගේ සහ පරිසරයේ බැඳීම අයහපත් වී ඇත.

ඉතාමත් සුළු ලාභයක් වෙනුවෙන් කෙටිකාලීන විසඳුමක් සඳහා මිනිසා විසින් ඉතා ඉහල ජෛව විවිධත්වයකට උරුමකම් කියන්නා වූ පරිසරය සමඟ ගැටෙන්නේ ඉතා කුරිරු අයුරිනි. තවත් එවැනි අවධානම් තත්වයක් අතිශය සංවේදී රක්ෂිත කලාපයකට මේ වන විට එල්ල වෙමින් පවතී. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ යටියන්තොට ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ බණ්ඩාර රක්ෂිතයට මායිම්ව කැළණි ගගෙහි ප්‍රේරක කලාපය තුල පිහිටි සුවිශේෂී ජෛව පද්ධතියට උරුමකම් කියන්නා වූ කිතුල්ගල රක්ෂිත ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත කිතුල්ගල පෞද්ගලික කුඩා ජල විදුලි බලාගාරය එම පරිසර පද්දතියේ මාරයා බවට පත්ව තිබේ.

රත්දොළුගම පොලීසිය මහ රෑ සමාජ ක්‍රියාකාරීකයෙකුට පහරදෙයි - පොලිස්පති තුමනි ඔබේ අවධානය පිණිසයි

පොලිස් පහරදීමක් හේතුවෙන් සමාජ ක්‍රියාකාරීකයෙක් සහ ව්‍යාපාරිකයෙක් වන ප්‍රභාත් නිරෝෂන් බණ්ඩාර මහතා රෝහල් ගත කර ඇතැයි වාර්තා වේ.

සමාජ මාධ්‍යවේදියෙකුද වන ඔහු මෙසේ රෝහල් ගත කර ඇත්තේ පසුගිය 11වෙනිදා අලුයම 1.30ට පමණ රද්දොලුගම පොලිස් ස්ථානයේ දී පොලිස් උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු නිලධාරීන් 4 දෙනෙක් එක්ව කල පහර දීමක් හේතුවෙනි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ ඒ මහතා,

උපකාරක පංති පැමිණ පෙම්වතා සමග කැලෑවැද සිටි තරුණිය සමුහ දූෂණයට ලක්‌කරලා

උපකාරක පංති යන මුවාවෙන් පැමිණ කැලෑවැද සිටි පෙම් යුවළක්‌ බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය සමුහ දූෂණය කළ තරුණයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගන පොලිසිය පවසයි.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20 ක තරුණයකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17 ක තරුණියක්‌ මහියංගන දියබානා වැව ප්‍රදේශයේ වන ළැහැබක පෙම් සුව විඳිමින් සිටියදී ප්‍රදේශයේ තරුණයන් තිදෙනකු පැමිණ පෙම් යුවළට බලපෑම් කර බියවද්දා පෙම්වතාට පහරදී පෙම්වතිය බලහත්කාරයෙන් කැළය මැදට රැගෙන ගොස්‌ බරපතළ අපයෝජනය කර සමුහ දූෂණයට ලක්‌කර ඇත. තරුණිය සති අන්ත පන්ති යන මුවාවෙන් පෙම්වතා සමඟ මෙලෙස පැමිණ සිටියදී මෙලෙස සමුහ දූෂණයට ලක්‌ව ඇත. 

බ්‍රිතාන්‍යයේ ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් සිය සැබෑ මව හමුවීමට ශ්‍රී ලංකාවට පැමිණෙයි


ලංකාවේ අම්මා සෙවූ බ්‍රිතාන්‍ය ප්‍රබල කාන්තාව ෂෙරී ඇචේසන් අද පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණියේය.

වසර 26 කට පසු හෙට ඇය තමන්ට උපත දුන් මව හමුවීමට නියමිත ය.

ලන්ඩනයේ හිතෘ ගුවන් තොටුපොළෙන් ෂෙරී ඇචේසන් ලංකාවට පැමිණීමට ඊයේ යූ.එල්. 504 ගුවන් යානයට ගොඩවෙත්ම ඇයට එහි සිටි ශ්‍රී ලාංකිකයින්ගෙන් හිමිවුණේ උණුසුම් පිළිගැනීමකි.

ඇය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළට ළඟා වූ අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇය වෙත විශේෂ පිළිගැනීමක් සුදානම් කර තිබුණි.

ඇළට වැටී මරු හා සටන් කළ මාස අටක වසු පැටියා බේරාගනී

සෙවනපිටිය ඉසෙඩ් ඩී. ඇළට වැටී සිටි වසු පැටියෙකු බේරා ගැනීමට එම ප්‍රදේශයේ තරුණයෙකු සමත් විය. මාස අටක්‌ වයසැති මෙම වසු පැටියා ඇළට වැටී සිටි අයුරු දැක තිබෙන ඔහු පසුව ටයර් ටියුබයක්‌ යොදා මහත පරිශ්‍රමයකින් වසු පැටියා ගොඩගනු ලැබීය.

රත්තරන් තාත්තාට වකුගඩුවක් දන් දුන් රත්තරන් දියණිය

ම්මා තාත්තගේ සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් මේ ලෝකේ නැහැ.

“මම දන්නවා ඔයා මට කොයි තරම් නම් ආදරේද කියල…. මට මතකයි මගේ තාත්තේ.

පුංචි කාලේ ඔයා මාව ඔයාගේ ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. ඔයා ඒ හැමදාකම කිව්වා මම තමයි ඔයාගේ ලෝකේ ඉන්න සුරංගනාවී කියල.

ඔයාට මතකයි නේද තාත්තේ අම්ම මට හැමදාම කිව්වේ මම අම්මට වඩා මගේ සුදු තාත්තට ආදරේ කරනවා කියලා.

මට මතකයි අම්ම මෙහෙමත් කියනවා කෙල්ලන්ට කොයි තරම් අම්මලා ආදරේ කළත් කෙල්ලෝ ආදරේ තාත්තලට කියල..කොල්ලෝ තමයිලු අම්මලට ආදරේ….කියල.

ඉස්ලාම් පවුලක ඉපිද කුඩා කලදීම බුදු සසුන ගැන පැහැදුණු පුංචි මොහොමඩ් ඉසඩ් මාලිගාවත්තේ චන්දකිත්ති හිමි නමින් පැවිදි වූ වූ හැටි


බුදුදහම සිංහලයන්ට පමණක්‌ සීමා උරුම කම් ඇති ආගමක්‌ බවට අද අපේ රටේ බොහෝ දෙනකු තුළ මුල් බැසගෙන තිබෙන මතවාදය මිත්‍යාවක්‌ බවට පත්කරණ අපූර්ව දුර්ලභ ගනයේ සිදුවීමක්‌ පිළිබඳව පසුගිය දිනක සාමසර කන්ද පාමුල පිහිටි අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදි අපට සියෑසින් දැකබලා ගන්නට ලැබුණි.

එම සිදුවීම නම් මුස්‌ලිම් ජාතික දරුවකු සම්බුද්ධ ශාසනය වැළඳගෙන පැවැදි දිවියට එළබීමේ මහා පුණ්‍ය ක්‍රියාවයි. ප්‍රදේශයේ බෞද්ධ සැදැහැවතුන්ගේ සාදුකාර හඬ මධ්‍යයේ මෙසේ සසුන්ගත වූයේ රාජගිරියේ රාජගිරිය මදින්නාගොඩ පදිංචිව සිටි මොහොමඩ් සමීර් සුහයීර් නැමැති අවුරුදු 10 ක්‌ වයසැති ඉස්‌ලාම් ජාතික දරුවෙකි. අරණායක මෝරාගම්මන ශ්‍රී මයුරපාද රජමහා විහාරයේදී රාජගිරියේ චන්දකිත්ති නමින් සසුන් ගත වූහ.

පෙම්වතාට පහරදී පස් දෙනෙක් මොණරාගලදී 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කරලා - උපකාරක පන්ති යනවා කියා ගෙදරින් ගිහින්

පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන තරුණයන් පස් දෙනෙකු පසුගියදා(12) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකි.

කොයි තැන වගා පොජ්ජක් මන්ද කරත් ගැටලු පොජ්ජක් කොදුයි - වන්නිලඇත්තෝ

කුමන තැනක හෝ කැලැ එළි පෙහෙලි කරමින් කඳු එළි පෙහෙලි කරමින් වාගා කටයුතු කළත් එය විනාශයක් බවත් මීට වසර හැත්තෑවකට පෙර රුපියල් පහකට දහයකට තිබුණි හාල් කිලෝව අද වනවිට වසර 70වකට පසු රුපියල් 125ක් දක්වා ඉහළගොස් ඇති බවත් පරිසරය ආරක්ෂා නොකිරීමෙන් මුළු මිනිස් සංහතියම විනාශ වනබවත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලඇත්තෝ පවසයි.

“ජීවයේ අයිතිය” සංවිධානය විසින් පසුගිය 11වනදා මාතරදී පැවැත්වූ “මධ්‍යම කඳුකරයේ විනාශය රටේ අනාගත මරණය” සම්මන්ත්‍රණයට එක්වෙමින් ආදිවාසී නායකතුමන් විසින් මේ බව අවධාරණය කළ අතර මෙම සම්මන්ත‍්‍රය සඳහා ජීවයේ අයිතිය සංවිධාන කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එම්.පී. ගොඩිගමුව මහතා දේශකයින් ලෙස සහභාගි වූහ.

මංගලගේ අයවැයෙන් අඩු වූ බියර් මිල ලැයිස්තුව මෙන්න

2018 අයවැය යෝජනා ප්‍රකාරව 2017.11.10 වන දින සිට වහාම බලපැවැත්වෙන පරිදි සංශෝධනය කරන ලද බියර් මිල ගණන්වල මිල ලැයිස්තුවක් එක් නිෂ්පාදන සමාගමක් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. 

රූමත් කතුන් බලෙන් රඳවාගෙන මහනුවර ගණිකා තිප්පොළ වටලයි - හිමිකරුගේ ගෝලයා සහ කාන්තාවෝ 4ක්‌ අත්අඩංගුවට

රූමත් කාන්තාවන් බලහත්කාරයෙන් මහනුවර ප්‍රදේශයේ නිවසක රඳවාගෙන ගණිකා වෘත්තියේ යෙදුණු ජාවාරමක්‌ හෙළිකරගත් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය, එම කතුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටි හිමිකරුගේ ගෝලයා සහ ගණිකා වෘත්තියේ යොදවා සිටි කතුන් සිව්දෙනකු ඉකුත් 10 දා රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.


මහනුවර ෆිම්රෝස්‌ උද්‍යාන පෙදෙසේ නිවසක මෙම කාන්තාවන් බලහත්කාරයෙන් රඳවාගෙන සිට ඇතැයි ද එම ඒකකය කියයි.

එක මරණයයි ගෝරි ගොඩයි - නැවක්‌ එනකං රටක්‌ බලා සිට තෙල් අර්බුදයේ නෑසුණු කතා මෙන්න

පසුගිය දින කිහිපය තුළ මෙරට දැවෙන ගැටලුව බවට පත්වූයේ ඉන්ධන හිඟයයි. මෙරට ඉතිහාසය තුළ කිසිදු දිනෙක මෙවැනි පෙට්‍රල් හිඟයක්‌ ඇතිවී නොමැත. 

කොළොන්නාව තෙල් ටැංකිවලට එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදීන් ප්‍රහාර එල්ල කළ අවස්‌ථාවේදී පවා හිඟයක්‌ ඇති නොවන අයුරින් රට පුරාම ඉන්ධන බෙදාහැරීමට එකල පාලකයෝ සමත් වූහ. එහෙත් වර්තමානයේ දී එය වෙනස්‌ වී ඇති බව මෙරට බහුතරයක්‌ ජනතාවට අවබෝධ විය. 

නොසිතූ මොහොතක ඇතිවූ මෙම පෙට්‍රල් හිඟය නිසා ජනතාවට විවිධාකාරයේ ගැටලුවලට මුහුණපෑමට සිදුවිය. එයිනුත් වැඩිපුරම බැටකෑමට සිදුවූයේ කුලී රථ රියෑදුරන් වැනි එදිනෙදා මුදලක්‌ උපයා ගන්නා ජනතාවටය. බහුතරයක්‌ ජනතාවගේ ජන ජීවිතය අඩාල කරමින් ඇතිවූ පෙට්‍රල් හිඟය තුළ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් පිරිසක්‌ද සිටියහ. ඒ වැඩි මුදලට පෙට්‍රල් විකිණීමෙන්ය. 

 ඉන්ධන හිඟයෙන් වැඩිපුරම බැට කෑමට සිදුවූයේ කොළඹ සහ ඒ අවට නගරාශ්‍රිත ජනතාවටය. සමහර ඉන්ධන පිරවුම්හල් අසල හැතැප්ම ගණන් දිගු පෝලිම් දකින්නට ලැබිණි. එවැනි තත්ත්වයක්‌ මත බහුතරයක්‌ ජනතාව දැනගත් සිදුවීම්වලට අමතරව දැන නොගත් සිදුවීම් රාශියක්‌ මෙරට විවිධ ප්‍රදේශවලින් වාර්තා විය. මේ ගෙනහැර දක්‌වන්නේ ඉන්ධන පෝලිම් අස්‌සේ සිදුවූ එවැනි සිදුවීම් කිහිපයක්‌ය. 

 ඉන්ධන පෝලිමේ අවාසනාවන්ත මරණය

 ජයන්ත ප්‍රේමලාල් ඌරගස්‌මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 53 ක්‌ වන ඔහු මුරකරුවකු ලෙස තම රැකියාව කළේය. තම යතුරුපැදියට ඉන්ධන පුරවා ගැනීම සඳහා ඔහු පසුගිය 11 වැනිදා ඌරගස්‌මංහන්දිය නගරයේ ඉන්ධන පිරවුම්හලකට ගියේය. 

 ඉන්ධන හිඟවීම නිසා දිගු පෝලිමක පැය කිහිපයක්‌ ඔහුට රස්‌තියාදු වීමට සිදුවිය. සෑහෙන වේලාවක්‌ ඉන්ධන පෝලිsමේ රස්‌තියාදු වීම නිසා ජයන්ත සිටියේ ඉමහත් මහන්සියකිනි. කොතරම් අමාරු වුවත් ඔහු එක දිගටම පෝලිමේ සිටියේ කෙසේ හෝ ඉන්ධන ගසාගෙන යැමටයි. අවාසනාවක මහත යනු ඔහු ඉන්ධන පිරවුම්හලට ළඟා වන විට පෙට්‍රල් අවසන් විය.

 එහි සිටි පිරිස ආපසු හැරී යද්දී ඔහු ඉන්ධන පිරවුම්හලේ පොම්පකරු සමඟ යළි පෙට්‍රල් එන්නේ කවදාද කියා ඇසුවේය. පොම්පකරු එයට පිළිතුරු දීමට මත්තෙන් ජයන්ත කපා හෙලූ කෙසෙල් කඳක්‌ මෙන් ඇද වැටුණේය. වහාම රෝහල්ගත කළත් අවසානයේ ඔහුට නිවසට ඒමට සිදු වූයේ මිනී පෙට්‌ටියකින්ය. 

 අයුක්‌තියට එරෙහිව නැඟී සිටි තරුණයා

කමන්ත කළුතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. පෙට්‍රල් හිඟය සමඟ ඔහු එම නගරයේ ඉන්ධන පිරවුම්හලක පැය ගණනක්‌ පෝලිමේ රැඳී සිටියේය. ඒ සමඟම පොලිස්‌ නිලධාරීන් කිහිප දෙනකුගේ ආරක්‌ෂාව යටතේ සුඛෝපභෝගී මෝටර් රථයක්‌ එම ඉන්ධන පිරවුම්හලට පැමිණියේය. පැය ගණනක්‌ පෝලිමේ සිටි මිනිසුන් සත පහකටවත් මායිම් නොකළ එම පොලිස්‌ නිලධාරීහු සුඛෝපභෝගී මෝටර් රථයට ඉන්ධන ගසා ගැනීම සඳහා ඉඩ ලබා ගැනීමට සැරසුණහ. 

 එහෙත් එය එම පොලිස්‌ නිලධාරීන් සිතූ තරම් ලෙහෙසි නොවූහ. සිදුවෙන්නට යන අසාධාරණය පිළිබඳ එම ස්‌ථානයේ සිටි බොහෝ දෙනකුගේ නෙත ගැටුණත් එයට එරෙහි වුණේ කමන්ත පමණි. ඔහු එම පොලිස්‌ නිලධාරීන් එලෙස කරන්නේ ඇයි දැයි කියා විමසුවේය. එවිට එම නිලධාරීන් පැවසුවේ එය ප්‍රභූවරයකුට අයිති මෝටර් රථයක්‌ බවයි. 

 එය අමූලික බොරුවකි. එම මෝටර් රථයේ අයිතිකරු බෙන්තොට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ හෝටල් ව්‍යාපාරිකයෙකි. කමන්ත එය දැන සිටියේය. යළි ඔහු පොලිස්‌ නිලධාරීන්ට ඒ බව පවසා අසාධාරණ කරන්නට එපා යෑයි පවසා තිබේ. එයින් උරණ වූ එම පොලිස්‌ නිලධාරීහු කමන්තට ලෙස බැණ වැදුණහ.

 කමන්ත බිය නොවීය. ඔහු එම අසාධාරණයට එරෙහිව පොලිස්‌ නිලධාරීන් සමඟ තනිවම සටන් වැදුණේය. ඔහු සමඟ ඉන්ධන පෝලිමේ සිටි වෙනත් කිසිදු පුද්ගලයෙක්‌ කමන්ත වෙනුවෙන් පෙනී නොසිටියේය. ඔවුහු මුනිවත රකිමින් එම සිද්ධිය රස විඳිමින් සිටියහ. 

 කමන්ත සටන අත් නොහැරියේය. පොලිස්‌ නිලධාරීන් සමඟ ඔහු තනිවම සටන් කළේය. ඔහු පුන පුනා පැවසුවේ නීතිය රැකීමට සිටිනා නිලධාරීන් මෙවැනි අසාධාරණ වැඩ කිරීම කිසිසේත් පිළිගත නොහැකි බවයි. පොලිස්‌පතිතුමනි, අහිංසක මිනිසුන්ට චණ්‌ඩිපාට්‌ දමමින් ව්‍යාපාරිකයන් ළඟ දණින් වැටී ඔවුන්ගේ ඕනෑම පර වැඩක්‌ කිරීමට සූදානමින් සිටින මෙවැනි පොලිස්‌ නිලධාරීන් ගැන පරීක්‍ෂණයක්‌ පවත්වන්නේ නම් මැනවි.

 තරු ගැසූ පොලිස්‌ නිලධාරියාගේ කම්මුල් පහර



oilමහරගම - නාවින්න ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකද පසුගිය 06 වැනිදා ඉතා දිගු පෝලිමක්‌ තිබුණි. එක්‌තරා තරුණයකු තමාගේ මෝටර් රථය මඟ නතර වීම නිසා කෑන් එකක්‌ රැගෙන එම පෝලිමේ රැඳී සිටියේය. එවැනි කෑන්, බෝතල් දමාගත් කිහිප දෙනෙක්‌ එම පෝලිමේ සිටියහ.

 සම්පූර්ණයෙන් හිස මුඩුකරගත් උසට සරිලන මහතකින්ද, එම මහතට සරිලන බරකින්ද යුත් තරු ගැසූ පොලිස්‌ නිලධාරියෙක්‌ එම ඉන්ධන පිරවුම්හලට පැමිණියේය. ඔහු ඉතා උස්‌ හඬින් පෝලිමේ සිටි මිනිසුන්ට පැවසුවේ කෑන්වලට පෙට්‍රල් ලබා නොගන්නා ලෙසයි. 

 මෝටර් රථය අතරමඟ නැවතී කෑන් එකක්‌ රැගෙන පෙට්‍රල් ගැසීමට පැමිණි පුද්ගලයා ඉන්ධන අවසන් වී මෝටර් රථය මඟ නැවතුන බැවින් කෑන් එකකට පෙට්‍රල් රැගෙන නොයා වෙන කුමක්‌ කරන්න දැයි කියා පැවසුවේය. එයින් කුපිත වූ එම පොලිස්‌ ඔහුට බැණ වදිමින් කම්මුල් පහරවල් කිහිපයක්‌ද එල්ල කළේය. 

 මිනිසුන් අසරණ වී සිsටින මොහොතක කිසිදු සොයා බැලීමක්‌ නොකර තම නිල ඇඳුමේ බලය පාවිච්චි කරමින් එලෙස අහිංසක මිනිසුන්ට පහරදීම කොතරම් අශිෂ්ට සම්පන්න ක්‍රියාවක්‌ද? සමහර පොලිස්‌ නිලධාරීන්ගේ මෙවැනි ක්‍රියා නිසා අපකීර්තියට පත්වන්නේ සමස්‌ත පොලිස්‌ දෙපාර්තමේන්තුවමයි. එහිදී සමහරු පැවසුවේ පොලිසිය බල්ලාට ගියාද නැතිනම් බල්ලන් පොලිසියට ආවාද කියාය. 

 කුලී ත්‍රිරෝද රථ රියෑදුරන්ගේ දුක

 බොහොමයක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් තම පවුල ජීවත් කරනුයේ එදිනෙදා හයර් දුවා ලබා ගන්නා මුදල්වලිනි. පෙට්‍රල් හිඟය නිසා බහුතරයක්‌ ත්‍රිරෝද රථ රියදුරන්ට තම රැකියාව නිසියාකාරව කර ගැනීමට නොහැකි විය. එම හේතුව මත දින ගණනක්‌ එම පවුල්වල සාමාජිකයෝ අන්ත අසරණ භාවයට පත්වූහ. 

 බන්දුසේන, කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ ත්‍රිරෝද රථගාලේ රියෑදුරෙකි. ඔහු පෙට්‍රල් අර්බුදය නිසා මුහුණ පෑ ගැටලුව අපට පැවසුවේ මෙලෙසින්ය. "මේ ත්‍රීවීල් එක මගෙත් නොවෙයි. අයිතිකරුට දවසට 500 ක්‌ දෙන්න ඕන. මේකෙන් ලැබෙන ආදායමෙන් තමයි අපේ පවුලම ජීවත් කරවන්නේ. මේ තෙල් අර්බුදය නිසා මට හයර් දුවා ගන්න බැරිවුණා. ඒක නිසා දවස්‌ ගණනක්‌ අපි ජීවත් වුණේ බොහොම අමාරුවෙන්. ළමයි දෙන්නෙක්‌ පාසල් යවන්න ඕන. ඒකත් හරියට කරගන්න බැරිවුණා මේ පෙට්‍රල් හිඟය නිසා. ඇත්තටම අපි මාර දුකක්‌ වින්දේ ඒ දවස්‌ ටිකේ. බැරිම තැන කනකර පවා උකස්‌ කෙරුවා. තව ටික දවසක්‌ මෙහෙම වුණා නම් පවුල පිටින්ම මැරෙන්න තමයි වෙන්නේ. 

 බහුතරයක්‌ ත්‍රිරෝද රථ රියෑදුරන් පැවසුවේ පෙට්‍රල් හිඟය නිසා තමන්ගේ සහ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිත නැත්තටම නැතිවූ බවයි. 

 කතරගම ගොස්‌ අතරමඟ හිරවූ පවුල

 කිරිබත්ගොඩ පදිංචි උදේනි, බිරිඳ සහ දරු තිදෙනා සමඟ කතරගම ගියේ තෙල් අර්බුදය පටන්ගත් දිනයේදීය.
කතරගම වැඳ පුදාගත් ඔවුහු පසුදා සවස යළි කොළඹ බලා ඒමට පිටත් වූහ. මෝටර් රථයට මඟදී ඉන්ධන ගසා ගැනීමට සැරසුණත් එය කරගැනීමට නොහැකි වූයේ සෑම ඉන්ධන පිරවුම්හලකම දිගු පෝලිම් දක්‌නට ලැබුණ නිසාය.

 ළමයි තිදෙනා කුඩා අය නිසා පැය ගණන් පෝලිම්වල රැඳී සිටීමටද නොහැකිය. අවසානයේ ඔවුන් මාතර නගරයට පැමිණියේය. එතැනින් එහා යැමට මෝටර් රථයේ ඉන්ධන නොමැති විය. ඉන්ධන ලබා ගැනීමට පැය පහකට හයකට අධික කාලයක්‌ රැඳී සිටීමට සිදුවන නිසා හෝටලයක කාමරයක්‌ කුලියට ගෙන දින දෙකක්‌ ඔවුහු එහි රැඳී සිටියහ. 


 පික්‌ පොකට්‌  කරුවන්ට වැදුණු චාන්ස්‌


 කොළඹ නගරයේ සියලුම ඉන්ධන පිරවුම්හල්වල දක්‌නට ලැබුණේ ඉතා දිගු ඉන්ධන පෝලිම්ය. සමහර මිනිසුන් අලුයම් කාලයේ සිට එම පෝලිම්වල සිටිති. ඔවුන්ගේ එකම අරමුණ කෙලෙස හෝ පෙට්‍රල් ටිකක්‌ ලබා ගැනීමයි. එයින් අවස්‌ථාව ලබාගත් පික්‌ පොකැට්‌ කාරයෝ ඉන්ධන පෝලිම්වල එලෙස සිටින මිනිසුන්ගේ මුදල් පසුම්බිය සොරා ගත්තේ කිසිදු අපහසුවකින් තොරවය. 

 කොටහේන ප්‍රදේශයේ ඉන්ධන පෝලිමේ සිටි තරුණයකුගේ මුදල් පසුම්බිය නැති බව ඔහු දැන ගත්තේ තෙල් ගසා අවසන් වූ පසු මුදල් දීමට යැමේදීය. ඔහුගේ ඩෙනිම් කලිසමේ පසුපස සාක්‌කුව දැලි පිහියකින් කපා මුදල් පසුම්බිය රැගෙන ගොස්‌ තිබුණි. 

 මනමාලිය බලන්න ආ මනමාලයාට වූ අකරතැබ්බ

 රත්නපුරයේ සිටි රුවන් කොළඹ, මට්‌ටක්‌කුලිය ප්‍රදේශයේ මනමාලියක්‌ බැලීමට පැමිණියේ තම දෙමාපියන් සහ ඥතීන් කිහිප දෙනෙක්‌ සමඟයි. දහවල් මනමාලියගේ නිවසින් කෑම කා පිටත්වූ ඔවුන් පැමිණි මෝටර් රථ දෙකට අතරමඟදී පෙට්‍රල් ගසා ගැනීමට අවශ්‍ය විය. එහෙත් තෙල් පෝලිම අස්‌සේ ඔවුනට පැය ගණනක්‌ එහි රස්‌තියාදු වීමට සිදුවිය. 

 කෙතරම් වෙලා පෝලිම්වල සිටියත් තෙල් ගසා ගැනීමට අමාරු බව දැනගත් ඔවුහු යළි මනාලියගේ නිවසට පැමිණ මෝටර් රථ දෙක එහි නතර කර දමා කුලියට ගත් වෑන් රථයකින් රත්නපුරය බලා පිටත් වූහ. යළි මෝටර් රථ දෙක ඔවුන් රැගෙන ගොස්‌ තිබුණේ දින දෙකකට පසුවය. 

 කාන්තා පෝලිම

 කොළඹ 08 ප්‍රදේශයේ ඇති එක්‌තරා ඉන්ධන පිරවුම්හලක අයිතිකාරිය කාන්තාවකි. එම නිසා එම ඉන්ධන පිරවුම්හලේ කාන්තාවන් සඳහා වෙනම පෝලිමක්‌ තිබුණි. විශේෂයෙන්ම එම ඉන්ධන පිරවුම්හලේ හිමිකාරිය එලෙස කර ඇත්තේ ස්‌කූටි වර්ගයේ යතුරුපැදි පදින කාන්තාවන් ගැන හිතාය.

 කාන්තා පෝලිම තුළදී ඉක්‌මනින් තෙල් ලබාගත හැකි බව දැනගත් සමහර පිරිමි නිවෙස්‌වල සිටින කාන්තාවන්ට එම ඉන්ධන පිරවුම්හලට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ අනුව සුළු මොහොතක්‌ ඇතුළත එම ඉන්ධන පිරවුම්හල අසලට විශාල කාන්තාවන් ප්‍රමාණයක්‌ පැමිණ තිබුණි. 

 ටැංකිය ගැලවූ තරුණයා

එක්‌තරා තරුණයකුගේ යතුරුපැදිය ඉන්ධන නොමැතිව අතරමඟදී නතර විය. බෝතල්වලට කෑන්වලට පෙට්‍රල් නොදෙන බව ඔහුට දැන ගන්නට ලැබුණි. ඔහු කළේ තම යතුරුපැදියේ ඉන්ධන ටැංකිය ගලවා පෙට්‍රල් ගසා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල වෙත රැගෙන යැමයි. ඉන්ධන හිඟය නිසා අතුරු සිදුරු නැතිව සමාජ වෙබ් අඩවි ජාලාවලද විවිධ අදහස්‌ සහ පිංතූර හුවමාරු විය. 

ගයාන් සමරසිංහ

ලොව වැඩිම ක්‍රිකට් පුහුණුකරු වැටුප හතුරුසිංහට – මෙන්න ගෙවන ගාන

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත වැටුප මේ වනවිට හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට වසරකට අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක වැටුපක් ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් හාරකෝටි 59 ලක්ෂයක්. ඒ අනුව චන්දික හතුරුසිංහට මාසයක් සඳහා හිමිවන වැටුප රුපියල් ලක්ෂ 38ක් කට වැඩියි.

දෑවැද්දට නයිපෙට්ටිය සමග වඳුරෙකු දුන් ලංකාවේ පැවති අපූරු විවාහ මංගල්‍යය මෙන්න

මසන්නාගේ මල්කාන්තිට වයස අවුරුදු 19 කි. ඇය 20 හැවිරිදි සුනිල්ගේ විමුක්ති අරවින්ද කුමාර සමග පසුගිය දා විවාහයට පත්වූයේ තෙළිගු සම්ප්‍රදායක චාරිත්‍රවලට අනුවය.


තෙළිඟු භාෂාවෙන් විවාහය යනු “පෙන්ලි සේස්තාව්“ නම් වෙයි.

පෙන්ලි සේස්තාව් වූ මොවුන්ව රඹන් ගසා පිලිගත්තේ රැහේ වැඩිහිටියන් විසිනි වියනක් යටින් ඔවුන් කැඳවාගෙන විත් වැඩිහිටියන් ඉදිරියේ රිදියෙන් කල මුදු මාරුවක් සිදුවෙයි මනමාලියගේ ගෙල බැඳෙන්නේද පබළු මාලයකිනි.

වාහන, සල්ලි පවා සමහරු අරගෙන ගිහිල්ලා - සෝභිත හිමියෝ නොමැතිව වසර දෙකක්‌ ගතවූ නාග විහාරය


ජනවාරි අට සිදුවූ ආණ්‌ඩු පෙරළියේ නිර්මාතෘවරයා උන් වහන්සේය. නොවැම්බර් අට වැනිදා දවසක උන් වහන්සේ ජාතියට සමුදුන් සේක. දැන් උන් වහන්සේට අයිතිකාරයෝ බොහෝය. අද උන්වහන්සේ සිටියා නම් යන මාතෘකාව යටතේ තම අපේක්‌ෂාවන් වෙනුවෙන් කතා කරන පිරිස බොහෝය. ඒ සියල්ල අතරින් අපි කෝට්‌ටේ නාග විහාරයට පැමිණියේ මාදුළුවාවේ සෝභිත ස්‌වාමින් වහන්සේගේ උද්දේසිකත්වය තවමත් එහි රැඳී ඇති නිසාය. උන්වහන්සේ සමරමින් කරන ලද පිංකම්, සහ සැමරුම් හි අවශේෂ ඒ වන විටත් එහි ශේෂව පැවතුණේය. ඊට පෙර දින ශතාධික මහා සංඝරත්නය විෂයෙහි දෙන ලද දාන පිංකම සඳහා ඉදිකරන ලද ශාලාව, ඒ සඳහා පිළියෙළ කරන ලද කළමනා ආදිය අස්‌පස්‌ කරමින් තිබුණි. එම වැඩ සඳහා නායකත්වය දෙමින් සිටියේ සෝභිත ස්‌වාමීන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය වතුරුවිල සුජාත හිමියෝය. සෝභිත හිමියන්ගේ ඇවෑමෙන් දෙවසරකට පසු යන මාතෘකාව අපි උන්වහන්සේ වෙතින් විමසුවෙමු.

කොළඹ - යාපනය බස්රථය මාරයා භාරගත් මදුරන්කුලියේ මරු පිම්ම

දිනය ඉකුත් 6 වැනිදාය. මාර්ග අංක 87 කොළඹ - යාපනය දුරගමන් බස්‌ රථයක්‌ වන ND 8501 අංකය දරන පෞද්ගලික බස්‌ රථය කොළඹින් ගමන් ආරම්භ කරන අතර එහි ගමනාන්තය යාපනය දක්‌වා විය.
 
 ගමන ආරම්භයේදීම සැලකිය යුතු ප්‍රමාණයක මගීන් පිරිසක්‌ බස්‌ රථයට ගොඩ වී සිටි අතර ඉන් බොහෝ දෙනකුගේ ගමනාන්තයව පැවතියේ කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගය ඔස්‌සේ යාපනය දක්‌වා ගමන් කිරීමය. උදෑසන කොළඹින් ගමන් ආරම්භ කළ ND 8501 බස්‌ රථය පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයට ළඟා වන්නේ පෙ.ව. 7.50 ට ආසන්න වෙමින් පැවැති මොහොතකය. ඒ වනවිට බස්‌ රථය තුළ මගීන් 60 කට ආසන්න පිරිසක්‌ ගමන් කරමින් සිටි අතර ඉන් වැඩි දෙනෙක්‌ පෞද්ගලික හා රාජ්‍ය ආයතනවල සේවයෙහි නියුතු

නොවැම්බරයේ අඩ මාසයක්‌ පෘතුවිය අන්ධකාරයේ - සැබවින්ම පෘථිවිය මුළුමනින්ම අඳුරු වීමට නම් සිදුවිය යුත්තේ කුමක්‌ද.?

මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක්‌ ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක්‌ සිදුවන අති දුර්ලභ සිදුවීමකැයිද නාසා ආයතනය වාර්තා කරයි.

නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පවසනුයේ නොවැම්බර් මස 15 වන දින පාන්දර 3.00 සිට නොවැම්බර් 30 වන දින හවස 4.15 දක්‌වා ලෝකය මුළුමනින්ම අන්ධකාරයේ ගිලී පවතිනු ඇති බවයි. මේ නොවැම්බර් අන්ධකාරය සිකුරු හා බ්‍රහස්‌පති ග්‍රහලෝක අතර ඇතිවන තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ නිසා ඇතිවන අතුරුඵලයක්‌ බවද ඔවුන් පවසයි. ජනපති ඔබාමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ චාල්ස්‌ බෝල්ඩන් විසින් මෙම සිදුවීම ධවල මන්දිරයට පැහැදිලි කර දෙමින් පිටු දහසක ලේඛණයක්‌ ඉදිරිපත් කර ඇත.