BREAKING NEWS
latest

728x90

468x60

නොවැම්බරයේ අඩ මාසයක්‌ පෘතුවිය අන්ධකාරයේ - සැබවින්ම පෘථිවිය මුළුමනින්ම අඳුරු වීමට නම් සිදුවිය යුත්තේ කුමක්‌ද.?

මේ වසරේ නොවැම්බර් මස 15 වන දින සිට 29 වන දින දක්‌වා දින 15 ක කාලයක්‌ ලෝකයම මුළුමනින්ම අඳුරේ ගිලී පවතිනු ඇතැයිද, මෙම සිදුවීම වසර මිලියන ගණනකට වරක්‌ සිදුවන අති දුර්ලභ සිදුවීමකැයිද නාසා ආයතනය වාර්තා කරයි.

නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයින් පවසනුයේ නොවැම්බර් මස 15 වන දින පාන්දර 3.00 සිට නොවැම්බර් 30 වන දින හවස 4.15 දක්‌වා ලෝකය මුළුමනින්ම අන්ධකාරයේ ගිලී පවතිනු ඇති බවයි. මේ නොවැම්බර් අන්ධකාරය සිකුරු හා බ්‍රහස්‌පති ග්‍රහලෝක අතර ඇතිවන තාරකා විද්‍යාත්මක සිදුවීමක්‌ නිසා ඇතිවන අතුරුඵලයක්‌ බවද ඔවුන් පවසයි. ජනපති ඔබාමා විසින් නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබූ චාල්ස්‌ බෝල්ඩන් විසින් මෙම සිදුවීම ධවල මන්දිරයට පැහැදිලි කර දෙමින් පිටු දහසක ලේඛණයක්‌ ඉදිරිපත් කර ඇත.

ඉහතින් දැක්‌වෙනුයේ 2015 වසරේ ජූලි මාසයේ වෙබ් අඩවියක පළවූ පුවතකි. මේ පුවත අන්තර්ජාලය පුරා ලැව් ගින්නක්‌ මෙන් පැතිර ගියේය. එහෙත් සැබෑ නාසා ආයතනයේ සේවය කරන චාල්ස්‌ බෝල්ඩන් විසින් නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටියේ එවැනි දින 15 ක අන්ධකාරයක්‌ පිළිබදව තම ආයතනය විසින් කිසි දිනක ප්‍රකාශයක්‌ නිකුත් නොකළ බවය. ඉන් පසුව අදාල දින වකවානුවලදී එවැනි අන්ධකාරයක්‌a උදා නොවීමත් සමඟම මෙම පුවත පතුරුවන්නට මුල් වුණු වෙබ් අඩවියද ජනතා අප්‍රසාදයට ලක්‌ විය.

එහෙත් මේ වසරේදීද, පසුගිය දින කීපය තුළදීද "නොවැම්බර් අන්ධකාරය" ක්‌ ගැන ආරංචිය සමාජ ජාලා වෙබ් අඩවි කලඹවන්නට සමත් වී ඇත. මෙවරද පුවත පැතිර යන්නේ නොවැම්බර් මාසය තුළ දින පහලොවක්‌ පෘථිවිය මුළුමනින්ම අඳුරේ ගිලෙන බවයි.

සැබවින්ම පෘථිවිය මුළුමනින්ම අඳුරු වීමට නම් සිදුවිය යුත්තේ කුමක්‌ද.?

එක්‌කෝ හිරු යම් දෙයකින් හිරු මුළුමනින් ආවරණය විය යුතුය. නැතිනම් පෘථිවියට වඩා විශාල ග්‍රහ වස්‌තුවක්‌ පෘථිවියත් සූර්යාත් අතරට පැමිණ දවස්‌ ගණනාවක්‌ රැදී තිබිය යුතුය. එහෙත් හිරුගේ විශාලත්වය අනුව සලකා බලන කල මේ කිසිවක්‌ සිදුවිය හැකි දේවල් නොවේ. ඉතිහාසයේ කිසිදු තැනක එක දිනක්‌වත් මුළු පෘථිවියම අඳුරේ ගිලී තිබුණු බවට සදහනක්‌ නැත්තේ එබැවිනි.

2017 වසරේ "අන්ධකාර නොවැම්බරය" ගැන ව්‍යාජ පුවතක්‌ පැතිර ගියා සේම 2015 වසරේද, 2014 වසරේද 2011 වසරේද මෙවන් අන්ධකාර දින පිළිබදව මතිමතාන්තර ජනතාව අතර පැතිර යන ලදී. ඒ කටකතා පැතිර ගියද 2011 වසරේවත්, 2014 දී හෝ 2015 දී වත් එකම දිනයක්‌වත් පෘථිවිය මුළුමනින් අන්ධකාරයේ ගිලී තිබුණේ නැත. 2017 වසරේදීද එය එසේම වනු ඇත.

මෙසේ වරින් වර පැතිර ගිය මේ කටකතා වලදී අන්ධකාර දවස්‌ යෑයි සටහන් වුණු සෑම කාලයක්‌ම වසරේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාස ගැන කියවෙන කටකතා වූයේ ඇයි.?

darkලෝකයේ උත්තර අර්ධගෝලයේ මේ කාලසීමාවන්හිදී ශීත සෘතු සූර්ය ¨නිවෘත්තිය නම් ස්‌වභාවික සංසිද්ධිය ඇතිවෙයි. එම දිනයන්හිදී දිවා කාලය දිගුය. අන්ධකාර රාත්‍රී කාලය දීර්ඝය. උත්තර අර්ධගෝලයට සූර්යනිවෘත්තිය ඇති වනුයේ දෙසැම්බර් මස මුල් දින කීපය තුළදීය. ඇතැම්විට අන්ධකාර නොවැම්බරයේ කතාව නිර්මාණය වෙන්නට ඇත්තේ මෙකී "ශීත සෘතු සූර්ය නිවෘත්තිය" ආශ්‍රය කරගෙන විය හැකිය.

කෙසේ වුවද මුළු පෘථිවියම එක වර අඳුරේ ගිලෙන අවස්‌ථාවක්‌ හෝ දින ගණනාවක්‌ අඳුරේ තිබෙන අවස්‌ථාවක්‌ ගැන ඉතිහාසයේ කොතැනකවත් සදහන්ව නැත. අනාගතයට එවන් දවසක්‌ උදාවනු ඇතිදැයි ද සැක සහිතය. ලෝ ප්‍රකට නාසා ආයතනයෙන් පවසනුයේද තම ආයතනය මගින් කිසි දිනක "අන්ධකාර නොවැම්බරය" ක්‌ පිළිබදව කිසිදු ප්‍රකාශයක්‌ නිකුත් කොට හෝ තහවුරු කොට නොමැති බවයි.

නිම්මි මුදිතා හේරත්
« PREV
NEXT »

Facebook Comments APPID