BREAKING NEWS
latest

728x90

468x60

බුදුරුව සහිත පච්චයක් කොටා මෙරට පැමිණි බ්‍රිතාන්‍ය කතට වන්දි

බුදුරජාණන් වහන්සේගේ රුව සහිත පච්චයක් කොටාගෙන මෙරටට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික හෙදියක්වන නයෝමී කෝල්මන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව ඇයගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රජයට නියෝග කළේ අදාල කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසට ය.

එමෙන්ම තවත් රුපියල් ලක්ෂ 02ක් නඩු ගාස්තු ලෙස ගෙවන ලෙසට ද නියෝග කර ඇතැයි වාර්තා වේ.

මෙම විදේශික කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයෙකුට ඇයට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසට ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID