BREAKING NEWS
latest

728x90

468x60

නව විභාග කොමසාරිස්‌ පූජිත අද වැඩ භාරගනී

නව විභාග කොමසාරිස්‌ ජනරාල් සනත් පූජිත මහතා අද (16) සිය ධුරයේ වැඩ භාර ගනී.
අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශේ්‍රණියේ නිලධාරියකු වන ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනපති උපාධිය, පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද ලබා ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවද ලබා තිබෙන ඒ මහතා කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් විභාග ඇගයීම් පිළිබඳ පශ්චාත් උපාධියක්‌ ද ලබා ගෙන තිබේ.

විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්‌ (පාලන) ලෙස ද ජාතික අධ්‍යාපන ආයතනයේ විභාග අධ්‍යක්‌ෂවරයා ලෙස ද නව විභාග කොමසාරිස්‌වරයා කටයුතු කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID