BREAKING NEWS
latest

728x90

468x60

ලොව වැඩිම ක්‍රිකට් පුහුණුකරු වැටුප හතුරුසිංහට – මෙන්න ගෙවන ගාන

බංග්ලාදේශ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වූ චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධුරය භාරගැනීම සඳහා ලබාගැනීමට අපේක්ෂිත වැටුප මේ වනවිට හෙළි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට වසරකට අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂයක වැටුපක් ගෙවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් හාරකෝටි 59 ලක්ෂයක්. ඒ අනුව චන්දික හතුරුසිංහට මාසයක් සඳහා හිමිවන වැටුප රුපියල් ලක්ෂ 38ක් කට වැඩියි.

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් චන්දික හතුරුසිංහට අමෙරිකානු ඩොලර් 30,000ක මාසික වැටුපක් ලබාදී තිබුණා.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 46ක්.

බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ ලොව වැඩිම වැටුපක් ලබාගන්නා ක්‍රිකට් පුහුණුකරුවා චන්දික හතුරුසිංහ බවයි.

ඔහු එරට ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණයත් සමග බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් විමතියට පත්වුණා.

වයසින් වැඩි ක්‍රීඩකයෙකු තවදුරටත් බංග්ලාදේශ සංචිතය තුළ තබාගැනීමට හතුරුසිංහ දැඩි විරෝධයක් පළ කර තිබෙනවා.

මේ නිසා කණ්ඩායමේ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් සහ බංග්ලාදේශ ක්‍රිකට් පරිපාලකයින් කිහිපදෙනෙකු ද හතුරුසිංහ සමග මත ගැටුම් ඇතිකරගෙන සිටි බවටයි අභ්‍යන්තර ආරංචි පැවසුවේ.

මෙම තත්වයන් මුල් කරගනිමින් චන්දික හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වුණා.

මේ දිනවල සිදුකෙරෙන ඉන්දීය තරග සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාරගනු ඇති බවද සඳහන්.
« PREV
NEXT »

Facebook Comments APPID