BREAKING NEWS
latest

728x90

468x60

පෙම්වතාට පහරදී පස් දෙනෙක් මොණරාගලදී 17 හැවිරිදි පාසල් සිසුවිය දූෂණය කරලා - උපකාරක පන්ති යනවා කියා ගෙදරින් ගිහින්

පෙම්වතුන් යුවළක් බියවද්දා, පෙම්වතාට පහරදී පෙම්වතිය සමූහ අපයෝජනයට ලක් කළ බවට සැකකෙරෙන තරුණයන් පස් දෙනෙකු පසුගියදා(12) අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ, 17 සිට 25 වයස් කාණ්ඩයේ පසුවන 49 කණුව ප්‍රදේශයේ පදිංචි තරුණයන් පස්දෙනෙකි.

පදියතලාව ප්‍රදේශයේ පදිංචි වයස 20ක තරුණයෙකු හා එම ප්‍රදේශයේම පදිංචි වයස 17ක තරුණියක් මහියංගණ දියබානා වැව ප්‍රදේශයේ රැඳි සිටියදී පෙම්වතාට පහරදී පෙම්වතිය බලහත්කාරයෙන් අපයෝජනය කර තිබේ.

තරුණිය උපකාරක පන්ති යන බව පවසමින් ගෙදරින් පැමිණ ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.

අගතියට පත් තරුණිය පදියතලා රෝහලටත්, වැඩිදුර ප්‍රතිකාර සඳහා මහියංගණ මූලික රෝහල වෙත මාරු කර තිබේ.
« PREV
NEXT »

Facebook Comments APPID