BREAKING NEWS
latest

728x90

468x60

තරුණියන් ඇන්දූ රුවන්වැලි සෑ පුදබිමේ දරුවන් පතා භාවනා කරන තරුණියන්ට දරුඵල ලබාදෙන අමුතු විදියේ කපුමහත්තයෙක්

අනුරාධපුර රුවන්වැලි මහ සෑ පුදබිම අප කාගේත් වන්දනාවට ලක්වන උතුම් පුදබිමක්. බොහෝ බෞද්ධයින් තමන්ගේ ඉල්ලීම් ඉටුකරගන්නට රුවන්වැලි සෑ සමිඳුන්ට විවිධ පුද පූජාද පවත්වනවා. එලෙස රුවන්වැලි සෑ පුදබිබේ දරුවන් ප්‍රාර්ථනා කරමින් භාවනාවේ යෙදුනු විවාහක තරුණියන්ට දරුඵල ලබා දෙන බව පවසා අමුතු විදියේ ප්‍රතිකාරයක් කල නොච්චියාගම ප්‍රදේශයේ කපුමහතෙකු ගැන තොරතුරු නෙත් ගොසිප් වෙත වාර්තා වෙනවා.

මහා බලසම්පන්න දේවාලයක් තිඛෙන බව පවසමින් විවාහක තරුණ කාන්තාවන් රවටා ‍නොචියාගම ‍පොලිස් වසමේ සිටින කාමාතුර කපුවෙකුගේ කාමාශාව සංසිඳුවා ගැනීමට රැගෙනයන සංවිධානාත්මක කාන්තාවන් පිරිසක් සිටින බව පසුගියදා අනාවරණය වී තිබුණා.

ඒ අනුව ඉතාමත් බලගතුයැයි කියන මෙම කපුවා සිටින දේවාලයට රුවන්වැලි සෑ සමිඳුන් අභියස දරුඵල පතා භාවනා කරන තරුණියන් සංවිධානාත්මක පිරිසක් විසින් රැගෙන ගොස් තිඛෙනවා.ඒ දරුඵල ලබාදෙන බවට පොරොන්දු වෙමින්. ඉන් අනතුරුවයි මෙම රැගෙන යන පිරිස විසින් මෙම තරුණියන් කපුවාගේ කාමාශාව සංසිඳුවා ගැනීම සඳහා ලබාදෙන්නේ.

මීට දින කිහිපයකට පෙරද දරුඵල අපේක්ෂාවෙන් සිටින තරුණියක් එම සිද්ධියට මුහුණ පා තිඛෙනවා. එසේම මෙම දේවාලය පවත්වාගෙන යන මෙම පුද්ගලයා දීර්ඝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව සිදුකරගෙන ගොස් ඇති බවද වාර්තා වෙනවා.

මෙහි ආසන්නම සිදුවීම පසුගියදා වාර්තාවුනා. ඒ දරුවෙකු අපේක්ෂාවෙන් සිටි තරුණියක් තවත් කාන්තාවක් විසින් මෙම දේවාලය පිළිබඳව බවසා ඇයව එම දේවාලයට රැගෙන ගොස් තිඛෙනවා. එහිදී මෙම දේවාලයේ සිටින වංචනික කපුවා විසින් ඇයට සුළු වේලාවක් භාවනා කරන ලෙස පවසා තිඛෙනවා.

ඇය භාවනා කරන අතරතුරේ මෙම වංචනික කපුවා විසින් මෙම තරුණියගේ තෙල් වැනි යමක් ආලේප කර තිඛෙනවා. සුළු මොහොතකට පසු ඇයව සිහිසුන් වී තිඛෙනවා. ඉන් අනතුරුව මෙම කපුවෙක්යැයි කියාගන්නා කාමාතුරයා විසින් ඇයව තමන්ගේ ගොදුරක් බවට පත්කරගෙන සිටිනවා.

මෙලෙස මෙම කාමාතුර කපුවාගේ ගොදුරට ලක්වන තරුණියන් ලජ්ජාව නිසා මේ පිළිබඳව කිසිවෙකුට නොකියන නිසා මොහු බොහෝ කාලයක් තිස්සේ මෙම ක්‍රියාව ජයටම කරගෙන ගොස් තිබුනා. කෙසේ වෙතත් මෙවැනි වංචනික මිනිසුන් නිසා ඉතා කල්පනාකාරීව සහ විමසිලිවත්ව වත්මන් සමාජයතුල ජීවත් වීයයුතු වෙනවා.
« PREV
NEXT »

Facebook Comments APPID