BREAKING NEWS
latest

728x90

468x60

ආවා කල්ලියට යළි හිස ඔසවන්න දෙන්නේ නෑ

උතුරු පළාතේ ක්‍රියාත්මක ‘ආවා’ නැමති පාතාල කල්ලිය මර්දනය කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා පැවැසීය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

උතුරු පළාතේ ක්‍රියාත්මක ‘ආවා’ නැමති කල්ලිය යළි ඔවුන්ගේ ක්‍රියාකාරකම් ආරම්භ කර ඇති බවට වාර්තා වුණා. ඒ පිළිබඳ විවිධ මාධ්‍ය වාර්තා පවා පළ වුණා. නමුත් මම කියන්න කැමතියි මේ ආවා කල්ලියට යළි කිසිදු අයුරකින් හිස ඔසවන්න දෙන්නේ නෑ. පසුගිය දවස් 02 ඇතුළත මීට අදාළ සිද්ධි 08ක් වාර්තා වුණා. ඒ සිද්ධිවලට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනකු මේ වනවිට අත්අඩංගුවට අරන් තියෙනවා.



ඉතිරි සැකකරුවන් අල්ලන්න මේ වෙනකොට විශේෂ විමර්ශන සිදුකරනවා. ඒ විමර්ශන කටයුතු ඉක්මනින් සිදුකරන්නට අවශ්‍ය නිසා මේ වන විට යාපනය ‍පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා තියෙනවා.

යාපනයේ විතරක් නෙවෙයි, දකුණේ ක්‍රියාත්මක පාතාලය සම්පූර්ණයෙන්ම මර්දනය කිරීමේ ක්‍රියාවලිය අපි මේ වනවිටත් ආරම්භ කරලා ඉවරයි. විදේශවල සැඟවිලා ඉඳන් පාතාලය මෙහෙයවන පාතාල ලොක්කෝ සැඟවී සිටින ස්ථාන පවා අපි මේ වනවිට හඳුනාගෙන තියෙනවා. ඒ අය අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන එන්නට අවශ්‍ය සියලුම පියවර ගැනීමට දැන් සිදුකරමින් ඉන්නවා යැයි ඇමැතිවරයා කීය.
« PREV
NEXT »

Facebook Comments APPID