BREAKING NEWS
latest

728x90

468x60

රත්තරන් තාත්තාට වකුගඩුවක් දන් දුන් රත්තරන් දියණිය

ම්මා තාත්තගේ සෙනෙහස තරම් උතුම් සෙනෙහසක් මේ ලෝකේ නැහැ.

“මම දන්නවා ඔයා මට කොයි තරම් නම් ආදරේද කියල…. මට මතකයි මගේ තාත්තේ.

පුංචි කාලේ ඔයා මාව ඔයාගේ ඔඩොක්කුවේ තියාගෙන ලස්සනම ලස්සණ රාජ කුමාරයෝ කුමාරියෝ සුරංගනාවියෝ ගැන කතා කියල දුන්න. ඔයා ඒ හැමදාකම කිව්වා මම තමයි ඔයාගේ ලෝකේ ඉන්න සුරංගනාවී කියල.

ඔයාට මතකයි නේද තාත්තේ අම්ම මට හැමදාම කිව්වේ මම අම්මට වඩා මගේ සුදු තාත්තට ආදරේ කරනවා කියලා.

මට මතකයි අම්ම මෙහෙමත් කියනවා කෙල්ලන්ට කොයි තරම් අම්මලා ආදරේ කළත් කෙල්ලෝ ආදරේ තාත්තලට කියල..කොල්ලෝ තමයිලු අම්මලට ආදරේ….කියල.


මේ ආදරණීය තාත්තා ගැන ලියවුනු පොඩි පද පෙළක්.

“පූජා බිජර්නියා” කියන්නේ අද වෙනකොට සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙකුගේ ගෞරවයට පාත්‍ර වෙලා සිටින ආදරණීය දියණියක්. මේ දවස්වල අන්තර්ජාලයම කතා කරන්නේ ඇය ගැන. ඔබත් ඒ ඡායාරූපය දකින්න ඇති.

මේ කියන පූජා බිජර්නියා කියන ආදරණීය දියණිය විසින් තමන්ගේ තාත්තට තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරලා තාත්තගේ ජීවිතය බේරගෙන.

මේකට හේතුව ඇය ගැන Rachit Bhushan Shrivastva කියන වෛද්‍යවරයා ඇය ගැන සිය ෆේස්බුක් ගිණුමේ පල කළ සටහනක් නිසා ඇයට ලොකු ජනප්‍රියත්වයක් හිමි වුණා.

දොස්තර සටහනේ මෙහෙම කියලා තිබුණා.

“සැබෑ වීරයන් වාසනාව, බය, සහ අමාරුයි කියන වචන විශ්වාස කරන්නේ නෑ. කවුරු හරි එහෙම හිතනවා නම් මේ දුව තමා එකට හොඳම උත්තරය. පෞද්ගලිකව මා මේ ගෑණු ළමයව දන්නේ නැහැ. ඇය වීරවරියක් තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කරලා තාත්තාව බේරගත්ත නිසා.

ආඩම්බර වෙනවා ඇය ගැන මම. මිනිස්සුන්ට ඇයගේ ඉගෙන ගැනීමට ගොඩක් දේවල් තියෙනවා. ඔබට දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඕනේ.”

ඉතින් අපිත් කියන්නේ මේ වගේ ආදරණිය හිත් මනුස්සකම පිරුණු හිත් තියෙනකම් මේ ලෝකේ ලස්සන වේවි කියලා.






« PREV
NEXT »

Facebook Comments APPID