BREAKING NEWS
latest

728x90

468x60

මෝටර් කාර් ලීසිං අනුපාතවල වෙනසක් - වාහන ගැන සුබ ආරංචියක්

මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ පුද්ගල ආනයනකරුවන්හට අවසර දෙනු ලැබේ.

කෙසේ වෙතත් මෙසේ ආනයනය කරනු ලබන වාහන පැරණි තීරුබදු ක්‍රමය යටතේ 2018 අප්‍රේල් මස 30 දිනට ප්‍රථම නිශ්කාශණය කරගත යුතුවේ.

මෝටර් කාර් ලීසිං අනුපාතවල වෙනසක්..

මෝටර් කාර් රථ සඳහා දැනට ක්‍රියාත්මක 50:50 වන වටිනාකමට ණය අනුපාතය (ළ්ඨ්V) දෙමුහුන් වාහන සඳහා 70:30 අනුපාතය දක්වා වෙනස් කරනු ලැබේ. ඒ අනුව එවැනි වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගන්නා කෙනෙකුට පෙර පැවති වාහනයේ වටිනාකමින් 50% ගෙවීම වෙනුවට 30% ක් පමණක් ගෙවා වාහනයක් කල්බදු ක්‍රමය යටතේ මිලදී ගැනීමේ හැකියාවක් ලැබෙනු ඇත.

ඒ අනුව වාහන සඳහාවටිනාකමට ණය අනුපාතය අනුව මූල්‍යන පහසුකම් පහත පරිදි වේ.

පෙට්‍රල්/ඩීසල් මෝටර් රථ වටිනාකමින් 50%
දෙමුහුන් මෝටර් රථ වටිනාකමින් 70%
විදුලියෙන් ධාවනය වන මෝටර් රථ වටිනාකමින් 90%

මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.
« PREV
NEXT »

Facebook Comments APPID