BREAKING NEWS
latest

728x90

468x60

චීනයෙන් හමුවූ ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ධාතූන් වහන්සේලා..?

ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර දේහයේ ධාතූන් වහන්සේලා යැයි සදහන් වන අස්ථි තැන්පත් කර ඇති මංජුසාවක් චීනයේ ජින්චුවාන් ප‍්‍රාන්තයේ, මංජුසිරි විහාරස්ථානයෙන් හමු වී තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පිඟන් මැටිවලින් නිපදවා ඇති එම මංජුසාව කි‍්‍ර.ව. 1013 ජුනි 22 වැනි දින පොළොව අභ්‍යන්තරයේ තැන්පත් කළ බව සහ එහි බහා තිබෙන අස්ථි කොටස් ගෞතම බුදුන් වහන්සේට අයත් බවත් ලියන ලද ශිලා ලේඛණයක්ද එ් සමඟම තිබී හමු වී ඇත.

එම ස්ථානයේම තිබී අඩි 6.6ක් පමණ උසැති බුදු පිළිම වහන්සේලා 260ක් පමණ හමුවී තිබීමද විශේෂත්වයකි.

චීනයේ ධර්ම ප‍්‍රචාරයේ යෙදුණු යුන්ජියාං හා ෂිමින් නැමැති බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් විසින දශක දෙකක් පමණ කාලයක් තිස්සේ විවිධ පළාත්වල විසිරී තිබුණු ගෞතම බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා එකතු කර ඇති අතර එසේ එකතු කර ගත ධාතූන් වහන්සේලා 2000ක් පමණ එම ස්ථානයේ තැන්පත් කරන ලද බව මෙම ශිලා ලේඛනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජින්චුවාන් ප‍්‍රාන්තයේ මංජුසිරි විහාරස්ථානය අසල මාර්ගයේ අලූත්වැඩියාව සඳහා සිදුකරන ලද කැණීම්වලදී මෙම මංජුසාව සහ ශිලා ලේඛණය හමුවූයේ 2012 වසරේදී නමුත් එම මංජුසාව සහ ශිලා ලේඛණය පිළිබදව පරීක්ෂණ අවසන් කොට ඇත්තේ මෑතකදීය.

කෙසේ වෙතත් පුරා විද්‍යාඥයන් විසින් මෙම දත් හා අස්ථි කොටස් ගෞතම බුදු රජාණන් වහන්සේගේ බවට තවමත් තහවුරු කර නොමැත.



« PREV
NEXT »

Facebook Comments APPID