BREAKING NEWS
latest

728x90

468x60

පාසල් සිසුන්ට විකුණන්න ගෙනා "මදන මෝදක ගුලි" අත්අඩංගුවට

මීගමුව හා කටාන අධ්‍යාපන ප්‍රදේශවල පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබූ ගංජා මිශ්‍රිත මදනමෝදක ගුලි 7500 ක් මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මඟින් 5දා එක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබුවේ අංක 25, ජයබිම, කදිරාන පදිංචි සඳුන් මංජුල (34) නමැති පුද්ගලයෙකි.

දික්ඔය ඇඟලුම් සේවිකාවන් සිහිසුන් වීමේ සැබෑ කතාව

ආහාර විෂවීමකින් හැටන්, දික්ඔය ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක දෙසීයකට ආසන්න සේවිකාවන් පිරිසක් හදිසියේ රෝගාතුර වූ බව පසුගිය බදාදා (04) මාධ්‍ය මගින් රටපුරා ප්‍රචාර විය.මුලින් විද්‍යුත් මාධ්‍යටත්, ඊට පසු දින මුද්‍රිත මාධ්‍යටත් එක් වූ මෙම පුවත මාධ්‍යකරුවන් විසින් අවිචාරවත් ලෙස සමාජගත කරන ලද්දක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.එම සිද්ධියට මුල් වනුයේ ඉකුත් බදාදා (04) පෙරවරු 9.45 ට පමණ සේවිකාවන් කිහිප දෙනෙකු ක්ලාන්ත වී ඇද වැටීමකි. එහෙත් ඉන්පසුව කෙමෙන් එම සේවිකාවන් ගණන සියය ද ඉක්මවා තිබිණි. ඒ සමඟම කම්හල තුළ මෙන්ම අවට ප්‍රදේශයේ ද ඇති වූයේ මහත් කලබැගෑනියකි.

“අතන ගාමන්ට් එකේ ළමයි සිහිය නැතිව වැටෙනවා; කෑමකට වහක් මුසුවෙලා ලු.”හාත්පස පැතිර ගියේ එම රාවයයි.එය කණවැකීමත් සමඟ අසල්වැසි ජනතාව සේම එම ඇඟලුම් කම්හලේ සේවිකාවන්ගේ සමීප ඥාතීන්ද කම්හල වටා රොක්වන්නට වූයේ එය බිහිසුණු ව්‍යසනයක පෙරනිමිත්තක් ය යන බියෙනි. කෙසේ හෝ එසේ සිහිසුන් නොමැතිව ඇද වැටුණු සේවිකාවන් ප්‍රමාණය සියය ඉක්මවන විට ඔවුන් රෝහල් ගත කිරීමට අවශ්‍ය වාහන සපයා ගැනීමද බරපතල ගැටලුවක් විය. එවිට පාරේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ, මෝටර් රථ, බස් රථ, ලොරි රථ පවා යොදා ගනිමින් අවට වැසියෝ එම සේවිකාවන් රෝහල වෙත ගෙන ආහ.

මම දැන් නාකියි - මැරෙන්න පෙර ජනාධිපති හෝ අගමැති වෙන්න ඕනෑ යැයි කියන ඇමති කවුද?

තමන් මිය යාමට පෙර ජනාධිපතිකම හෝ අගමැතිකම දරන්නට බලවත් ආශාවක් ඇති බව ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක් සිය සමීපතම පළාත් සභා මන්ත‍්‍රී පිරිසක් හමුවේ පවසා ඇත.

දැනට තමන් ජීවිතයේ අවසන් කාලය ගෙවන නිසා විශාල දේශපාලන පෙරළි සදහා අතගැසීමට තරම් සවියක් නැති බවත් සදහන් කර ඇති ඔහු මේ ආණ්ඩුව යටතේම අගමැති ධුරය ලැබෙතැයි සිතා සිටින බවද සදහන් කර තිබේ.

පියුමිට හූව දාපු කොරියාවෙ කොල්ලො චාමර පිළිගත්තෙ මෙහෙමයි.


මේ වනවිට සියලු දෙනාම දැඩි ලෙස කතාබහට ලක් කරනු ලබන්නේ කොරියාවේ පසුගියදා පැවැති සංගීත ප්‍රසංගයයි.එහි දී ලංකාවේ එක්තරා මෝස්තර නිරූපණ ශිල්පිනියකට පහරදීමක් සිදු වුණා. නමුත් මේ අපි අද කියන්ඩ යන්නේ එම සංගීත ප්‍රසංගයේ දී ගායන ශිල්පී චාමර වීරසිංහ කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඉතාමත් උණුසුම් අන්දමින් ප්‍රසංග වේදිකාවේ දී පිළිගනු ලැබුවා.

උපත් පාලන කොපු වැඩක් නෑ – සියලුම පොලීසි වලට නියෝගයක්

පාදඩ සහ අයාල ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ යෙදුන බවට අධිකරණයට ඉදිරිපත් කරන සැකකාරියන්ට එරෙහිව සාක්කි ලෙස උපත් පාලන කොපු සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇති ලිංගාශ්‍රිත රෝග පැතිරයාම වැළැක්වීමේ උපකරණ නඩුභාණ්ඩ ලෙස ඉදිරිපත් නොකරන ලෙස සියලුම පොලිස්ථානවලට පොලිස් මූලස්ථානය නිල පණිවිඩයක් මගින් දැනුම්දී ඇත.

ගණිකා වෘත්තියේ යෙදුන කාන්තාවක් උපත්පාලන කොපු සමග අත්අඩංගුවට ගත් බවට ජාතික පුවත්පතක පළවූ ප්‍රවෘත්තියක් කෙරෙහි අවධානය යොමුවීමෙන් පසු මෙම නියෝගය පනවා ඇති බවද පොලීසිය පවසයි.

දින 12 බිලිඳා මහමග දමා ගිය 22හැවිරදි වෛද්‍ය සිසුවිය මාට්ටු

දින 12 ක බිළිඳෙකු මහමග දමා ගිය චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කළ වෛද්‍ය සිසුවියක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කර තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන 22 හැවිරිදි සිසුවියක්.

ඇය විසින් තම දින 12 ක බිලිඳා බෙහෙත් ශාලාවක් අසල දමා ගොස් තිබියදී සොයාගනු ලැබුවා.

කොටහේන අලුත් මාවතේ කොටසක් වැසෙයි

අද සිට 09 වැනිදා දක්වා රාත්‍රී 09.00 සිට උදෑසන 05.00 දක්වා කාලය තුළ කොටහේන අලුත් මාවතේ හෙට්ටියාවත්ත හංදියේ සිට ඉබ්බතෙවත්ත හංදිය (රාමනාදන් මාවත) දක්වා වන ප්‍රදේශයේ වාහන ගමනාගමනය සීමා කෙරේ.

පොලීසිය පැවසුවේ, එබැවින් එම මාර්ගයේ භාවිත කරන රියදුරන්ට හා මහජනතාවට ඒ සඳහා වන විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොලිස් පරීක්ෂක නිවස්න පරිපාලනයේ ලොකු අවුලක්

බම්බලපිටිය පොලිස් පරීක්ෂක නිවස්නයේ සභාපතිවරයාට විරුද්ධව එහිම පාලක මඩුල්ලෙන් විරෝධතාවක් එල්ල වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට ඒ සම්බන්ධයෙන් පොලිස්පති තුමන්ට ද පැමිණිලි කොට ඇති අතර පොලිස්පති තුමන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට පොලිස් අපරාධ කොට්ඨාසයට පවරා ඇත.ඉතිහාසයේ පළමු වතාවට පොලිස් නිවස්නයේ ගිණුම බැංකු අයිරාවක් මත යැපෙන බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

කොරියාවෙදි හැමෝම මාව ආදරෙන් පිළිගත්තා - හිටපු රූම් එකටත් කට්ටිය ආවා - පියුමි හතර අතේ පටලවා ගති හැටි මෙන්න


ඊයේ කොරියාවේ ඈතිවුන සිදුවීමක් සම්බන්ධව පියුම් අද ලයිව් ඈවිත් හතර අතේ පටලවලා මොනවා ද?

කියාගෙන කියාගෙන ගියා සීන් එක අපිටත් තේරුණේ නෑ ඔන්න විඩියෝ ඒක දානවා පොඩ්ඩක් බලන්න.

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි


ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.අදාළ මෝටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් ලබාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

අපි හිඟන්නෝ නෙවෙයි‘‘ කියා සැප රියෙන් ඇවිත් ජැන්ඩි පහට හිඟා කාපු හතරදෙනෙක් කුරුවිටදී මාට්ටු.

සුඛෝපභෝගී වාහනයකින් කුරුවිට නගරයට පැමිණි සිවුදෙනෙකු එම වාහනය නගරයේ කොනක නවත්වා ඉන් බැසගෙන දෙදෙනා බැගින් බස් රථවලට නැග මගීන් ඉදිරියේ ගෙනහැර පෑවේ අමුතු කතාවකි. ‘‘අපි ගැන වැරදියට හිතන්න එපා අපි හිඟන්නෝ නෙවෙයි.අපි ඔක්කොම ලොකු ව්‍යාපාරිකයෝ.අපිට කතරගමට ඔප්පු කරන්න බාරයක් තිබෙනවා.ඒ බාරය ඔප්පු කරන්න වෙලා තියෙන්නේ එක එක්කනාගෙන් මුදල් ඉල්ලලා.ඒකට පුලුවන් විදියට අපට අධාර කරන්න‘‘ යැයි ඔවුන් ඉල්ලා සිටියේ ලැජ්ජාජීලි ස්වාරූපයෙනි.

පුංචි පහේ හපනා මෙවර මීගමුවෙන්

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිපල මිට සුළු මොහොතකට කලින් අන්තර්ජාලයට මුදා හරින ලදී. ඒ අනුව වැඩිම ලකුණු ලෙස සටහන් වන්නේ ලකුණු 198 යි.

එනම් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්යත්ව විභාගයෙන් ප්‍රථම ස්ථානය හිමිවී ඇත්තේ ලකුණු 198 ක් ලබාගත් මිගමුව හරිචන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවාය.

ඇමරිකානු තනාපති කාර්යාලයෙන් ශ්‍රී ලාංකිකයන්ටත් ග්‍රීන් කාඩ් සදහා අයදුම් කරන ලෙස ඉල්ලා සිටී.

ඇමරිකානු විවිධත්ව සංක්‍රමණික වීසා (ගී්‍රන් කාඩ්) ලොතරැයි වැඩසටහන සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ දිනවල ලියාපදිංචි විය හැකි බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දන්වා සිටී.

අන්තර්ජාලය online ඔස්‌සේ නොවැම්බර් 07 වැනිදා දක්‌වා ගී්‍රන් කාඩ් ලොතරැයිය සඳහා ලියාපදිංචි විය හැකි අතර ඒ සඳහා කිසිදු මුදලක්‌ අය නොකරන බවද තානාපති කාර්යාලය දැනුම් දෙයි.

අයෑදුම්කරුවන් අතුරින් අහඹු ලෙස තෝරා ගන්නා ශ්‍රී ලාංකිකයන් සංක්‍රමණික වීසා සඳහා සම්මුඛ පරීක්‌ෂණයට කැඳවන අතර ඉන් සුදුසුකම් ලබන්නන්ට ඇමරිකාවේ නීත්‍යනුකූල, ස්‌ථිර නේවාසිකයන් විය හැකි බවද තානාපති කාර්යාලය දැනුම් දේ.

කොරියාවේදී එල්ල වු විරෝධය ගැන මෙන්න පියුමි කියපු දේ

පියුමි හංසමාලි කියන්නේ කාලෙන් කාගෙට පුවත් මවන ජනප්‍රිය චරිතයක් කියලා අපි හැමෝම දන්නවා. දකුණු කොරියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට සහභාගිවීම සදහා පියුමි හංසමාලි කොරියාව බලා පිටත් වුනේ දැනට දින දෙකකට පමණ පෙරදීය.

කොරියාවේ සිටින ශ‍්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලැබූ ප‍්‍රසංගයකට සහභාගී වීමට එරට බලා ගිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී වේදිකාවක් මත නර්තනයේ යෙදෙමින් සිටියදී ප‍්‍රහාරයක් එල්ල වූ බව වීඩියෝ සාක්ෂි සහිතවම අපි ඔබට ගෙන ආවා මතක ඇති.

ඇඩම්ස්පීක් ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ වෙයි

ශ්‍රී පාදස්ථානය "ගෞතම ශ්‍රී පාදස්ථානය" ලෙස නම් කිරීමට බෞද්ධ කටයුතු අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා එකඟතාව පළකොට තිබේ.

ඇමැතිවරයා එසේ එකඟතාව පළකොට තිබෙන්නේ ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමීන් වහන්සේ කළ ඉල්ලීමකටය.

ජාත්‍යන්තර වශයෙන් "ඇඩම්ස් පීක්" ලෙස හඳුන්වන ශ්‍රී පාදස්ථානය ඉදිරියට "ගෞතම ශ්‍රී පාදස්ථානය ලෙස නම් කරදෙන ලෙස තමන්වහන්සේ ඇමැති ජයවික්‍රම පෙරේරා මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීමකට අනුව එය ඉටුකර දීමට ඇමැතිවරයා එකඟවූ බව නාහිමියෝ පවසති.

ශිෂ්‍යත්වයේ විශිෂ්ඨයන් හා කඩයිම් ලකුණු නිකුත් වෙයි - දිස්ත‍්‍රික්කවල අවම ලකුණු සීමා මෙන්න

2017 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැක.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි.

ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ එම් ඒ එම් ඉඳුමිණි ජයරත්න සහ කෑගල්ල තුල්හිරිය කනිෂ්ඨ විදයාලයේ ටී එම් සංජන නයනජිත් තෙන්නකෝන් ලකුණු 197ක් ලබා ගෙන දෙවැනි ස්ථානයට පත්ව සිටිති.

ශලනි තාරකාගැන රසිකයෙක් බොක්කෙන්ම තැබූ Facebook සටහන

ජනප්‍රිය නිලි ශලනි තාරකා මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක්. ඒ නිසාවෙන්ම ඇගේ රසිකයකු විසින් ඇය ගැන බුකියේ තැබූ සටහනකි මේ...



සම්පූර්ණ නම ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජයබණ්ඩාර


උපත 1990 නොවැ. 17.

ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ ශාන්ත ඇග්නස් කාන්තා විද්‍යාලය බලංගොඩ .


හපුතලේ කන්දේදී තම ජීවිතය පුදා මගීන්ගේ දිවි බේරාගත් රියදුරා

පසුගිය දා හපුතලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවයෙක් ජිවිතක්ෂයට පත් විය.මේ අනතුර සිදු වුනේ හපුතලේ කන්ද බැවුමෙදිය.එකවරම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ නිසා රියදුරුට කිසිවක් කරගත නොහැකි විය.තමන්ගේ ජීවිතය ගැන නොසිතා වෙන්න ගිය විශාල අනතුරක් ඔහු වලක්වා ගත්තේ පස් කණ්ඩිය දෙසට බස්රථ ගෙන නවත්ත ගනිමිනුයි.අවසානයේ ඔහුගේ ජීවිතය මෙම රිය අනතුර නිසා අහිමි විය අද කාලයේ තරගෙට රේස් දුවන බස් රථ රියදුරන් අතරේ මොහු දෙවිකෙනෙක් නොවේද..?

ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ, බිරිඳ අනුරාධිකාගේ සහ අලුත උපන් පුතු වෙනුවෙන් කරපු අපූරු වැඩක් මෙන්න

තීක්ෂණ අනුරාධ කියන්නේ අද තරුණ පරපුරේ හදවත් සොරාගත් සොඳුරු ගායකයෙක්. ඔහු ළගදි පිය පදවිය ලැබුවා.

කෑමවලට ලුණු මදියි කියා සැමියා පොල්ලකින් පහර දී බිරිඳ ඝාතනය කරලා

බිරිඳ පිස දුන් ආහාරවලට ලුණු මදි බව පවසමින් සැමියෙක් සහ බිරිඳක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැමියා පොල්ලකින් පහර දී බිරිඳ ඝාතනය කර තිබේ.


එම පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 15ට අත්හිටුවා රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ නියෝග කර ඇත.

මෙලෙස අත්හිට වූ සිරදඬුවම් හා දඩ මුදල් ගෙවීමට සිදු වූයේ අරණායක පොලිස් වසමේ අට්ටාපිටිය පදිංචි ඒ.ජී.එල්. විජේරත්න බණ්ඩාර නමැති දෙදරු පියකුට ය.

මල්ලිට වධ දුන් ගලහ අයියා රිමාන්ඩ් - බිරියට ඇප

දෙල්තොට ප්‍රදේශයේ වයස අවුරුදු දොළහක් වන තම පිරිමි සහෝදරයාට කෲර ලෙස වදහිංසා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ඔහුගේ සහෝදරයා හා මස්සිනා මෙම මස දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් සහෝදරයාගේ බිරිය රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටත් මහනුවර ම‍හේස්ත්‍රාත් අධිකරණය නියම කෙළේය.

ශලනිගේ අත්දැකීම ගීතයකට නැගුන හැටි මෙන්න - මේ භවේ බැරි නම් ඉතින් අපි මතු භවේ වත් ‘‘යලි හමුවෙමු‘‘

මේ දිනයන්හි ආන්දෝලනාත්මක චරිතයක් වී සිටින රංගන ශිල්පිනී ශලනි තාරකා විසින් කලකට පෙරදී රචනා කරනු ලැබුවේ යැයි පැවසෙන ගීයක පද පෙළක් අප වෙත ලැබී ඇත.

සෝනු නිගම් ශාරුක් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු හඬවමින් ගැයූ අපූරු ගීය මෙන්න (VIDEO)

සෝනු නිගම් කොතරම් දක්ෂයෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ.පසුගිය දිනක ඔහු ලංකිවේ ප්‍රසංගයකටත් සහභාගී වුණා.. ඉන්දියානූ සංගීතය තුළ මහා ප්‍රතාපවත් චරිත අතර ඉහලින්ම වැජඹෙන සොනු හින්දි සිනමාවට නම් නැතිවම බැරි චරිතයක් ඒ සිනමා ගීත පසුබිම් ගායනය සඳහා.

”ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරුත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ” යනුවෙන් පවසමින් ශලනි දසුන්ගේ සොහොනට යයි

ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වා මිය යාමේ සිදුවීම සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ නිතර කතා කරනු ලැබී ය.

ඒ අතරින් ඔහුගේ වියෝව සම්බන්ධයෙන් ජනප්‍රිය නිළි ශලනි තාරකා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් වෙත විශේෂ අවධානයක් හිමි විය.

ළමා දිනය දා ළමුන්ට විකිණීමට සූදානම් කළ කේරළ ගංජා මොරවකින් අල්ලයි

පාසල් ළමුන් ඉලක්‌ක කර විකිණීමට සූදානම් කර තිබූ කේරළ ගංජා තොගයක්‌ සහිතව පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මොරවක පොලිසිය සමත්වී තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත් වූයේ දෑරංගල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු විසින් මොරවක නගරයේ රහසිගතව කේරළ ගංජා අළෙවි කරමින් සිටියදී පොලිස්‌ නිලධාරීන්ට ලැබුණු තොරතුරක්‌ මත වැටලීමේදී මෙලෙස කේරළ ගංජා මිලි ග්‍රෑම් 10000 සමඟ අත්අඩංගුවට පත් විය. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු කාලයක පටන් මෙම ජාවාරම සිදුකර ඇති බව මොරවක පොලිසිය කියයි.

50ට අධික ප්‍රමාණයක් මරු කැදවූ ලාස් වේගස් ප්‍රහාරය : VIDEO

ඇමරිකාවේ ලාස් වේගස් නුවර සංගීත ප්‍රසංගයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත් සංඛ්‍යාව 50 ඉක්මවා ඇත.


තුවාල ලද තවත් 406 දෙනෙකු රෝහල් ගත කරනු ලැබ තිබේ.



ලාස් වේගස් නුවර ඉරිදා (ඔක් 01) රාත්‍රියේ පැවති එළිමහන් සංගීත ප්‍රසංගයක් සඳහා විසි දෙදහසකට ආසන්න සංගීත ලෝලීන් පිරිසක් සහභාගී වී සිටියහ. ප්‍රාදේශීය වේලාවෙන් රාත්‍රී 10.00 (ග්‍රිනිච් මධ්‍යහන වේලාවෙන් උදෑසන 05.00) පසු වී මද වෙලාවකින් පළමු වෙඩි ප්‍රහාරය එල්ල විය. තමන්ටම වෙඩි තබා ගැනීමට පෙර ප්‍රහාරකයා ‘මැන්ඩලේ බේ’ හෝටලයේ 32 වෙනි මහලේ සිට ප්‍රසංගයට එක්ව සිටි පිරිස වෙත වෙඩි තබා තිබේ. මීට පෙර පළ වූ වාර්තා මගින් පැවසුණේ තුවක්කුකරු පොලිස් වෙඩි පහරින් මරණයට පත් වූ බවය.
ප්‍රහාරකයා විසින් වෙඩි පහර සිය ගණනක් එල්ල කරන ලද බව පවසන ඇසින් දුටුවෝ, ස්වයංක්‍රිය ගිනි අවියකට සමාන හඬක් ඇසුණු බව කියා සිටිති.

දසුන් මියයන්න කලින් මාරාන්තික බ්ලූ වේල් හදාරලා ?


බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ සිදුවීමක් වූ දසුන් ගේ මරණය සම්බන්ධයෙන් වෙනස්ම පුවතක් පසුගිය සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා.

එහි දැක්වෙන්නේ දසුන් නිශාන් සියදිවි හානිකර ගැනීමට දින කිහිපයකට පෙර ලෝක ප්‍රසිද්ධ මාරාන්තික වීඩියෝ ක්‍රීඩාවක් (වීඩියෝ ගේම්) වන බ්ලූ වේල් නම් ක්‍රීඩාව පිළිබඳ හැදෑරීමක නිරතව ඇති බවයි.

එයින් මිනිසුන් කරගන්නා හානි, මැරෙන අයුරු අන්තර්ජාලය තුළ ඔහු නිතරම නරඹා ඇති බවත් එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා.

ඒවා නැරැඹීමත් සමඟ ඔහුගේ මානසික තත්ත්වය තව තවත් පිරිහීමකට ලක්‌ව ඇති බවයි එමඟින් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ.

ඔක්තෝබර් පළමු සතිය ඹබේ ලග්නයට කොහොමද?

මේෂ ලග්නය

විවාහ මංගල කටයුතු ප්‍රමාදවීම් හා කල්ගතවීම් ආදිය සිදු වෙයි.විවාහ ජීවිත ගත කරන විවාහයින්ට සැනසිල්ල,සතුට අඩු කරයි.මව්ගේ අදහස්වලට විරුද්ධව කටයුතු කිරීමට හෝ හිතුවක්කාර පාඩුවක් හා කණගාටුවක් විදදරා ගැනීමට සිදු වෙයි.විශේෂයෙන් දරුවන් සිටින මව්වරු පියවරුන්ට ද තම දරුවන්ගේ නොමනා හැසිරීම්වලට ලෝකයාගෙන් කතාන්දර චෝදනා ඇසිමට සිදු වෙයි.ප්‍රේමවන්තයින්ට ද එතරම්ම ශුභ සතියක් නොවෙයි.දුක් සහිතව සිටීමට සිදු වෙයි.පපුවේ රෝග,ලේවල දෝෂ,අර්ශස් ගෙඩි රෝග,වාත පිත,සෙම රෝග ඇති කරයි.

දළදා වහන්සේ පැහැර ගැනීමට ඥාණසාර හිමි සැලසුම් කරයි - පැහැරගෙන දකුණුට පලා යාමේ සැලසුමක්

දලදා වහන්සේ පැහැර ගැනීම සදහා තමන් වහන්සේ ඇතුළු තිදෙනක් විසින් සැලසුමක් සෑදූ බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියෝ පවසති.

රියදුරන් IOC ඉන්ධන හල් මගහරින්න සූදානම්

IOC ඉන්ධන ප‍්‍රතික්ෂේප කිරීමට සූදානම් බව පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ රියැදුරන් සහ ති‍්‍රරෝද රථ රියැදුරන් පවසනවා.

මෙම මස සිට පෙට‍්‍රල් සහ ඩීසල් මිල IOC සමාගම විසින් ඉහළ දැමීමට තීරණය කිරීම මීට හේතුවයි.

ආණ්‌ඩුවේ පොල් අද සිට රු. 65 ට

රජය සතු පොල් තොග අද (02 වැනිදා) සිට ගෙඩියක්‌ රුපියල් 65 ක මිලකට වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලය පවසයි.

කුඩා පරිමාණ පොල් වගාකරුවන්ගෙන් ලබාගත් පොල් තොග ද මෙහිදී වෙළෙඳපොළට නිකුත් කරන බව පොල් වගා කිරීමේ මණ්‌ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසීය.

පෙට්‍රල්-ඩීසල් මිල ඉහළ නගී?

ඉන්ධන මිල ඉහළ නංවන ලෙස ලංකා ඉන්දියන් ඔයිල් සමාගම රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව ඔක්තෝබර් මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් ඉහළ යනු ඇති අතර ඉදිරි සතියේදී ඊට අදාළ මිල ගණනන් ප්‍රකාශයට පත් කරන බව ද අයි.ඕ.සී සමාගම ප්‍රකාශ කර ඇත.

තනිව ඉන්න තීරනය කළ උදයන්ති ඉතාලියේදී ය්‍රග දිවියට

ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංග ඉතාලියේදී විවාහ දිවියට පා තබා ඇති බව වාර්තා වෙනවා ඒ පිළිබඳව ඒ බව ඇයගේ රූපලාවන්‍ය ශිල්පිනිය සිය මුහුණුපොතේ සටහනක් තබමින්