BREAKING NEWS
latest

728x90

468x60

මම දැන් නාකියි - මැරෙන්න පෙර ජනාධිපති හෝ අගමැති වෙන්න ඕනෑ යැයි කියන ඇමති කවුද?

තමන් මිය යාමට පෙර ජනාධිපතිකම හෝ අගමැතිකම දරන්නට බලවත් ආශාවක් ඇති බව ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක් සිය සමීපතම පළාත් සභා මන්ත‍්‍රී පිරිසක් හමුවේ පවසා ඇත.

දැනට තමන් ජීවිතයේ අවසන් කාලය ගෙවන නිසා විශාල දේශපාලන පෙරළි සදහා අතගැසීමට තරම් සවියක් නැති බවත් සදහන් කර ඇති ඔහු මේ ආණ්ඩුව යටතේම අගමැති ධුරය ලැබෙතැයි සිතා සිටින බවද සදහන් කර තිබේ.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සුහද සාකච්චාවක් හා සාදයක් සදහා පැමිනි ප‍්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකටයි.

දැනට ජීවිතයේ මැදි වියද ඉක්මවා සැදෑ සමය ආසන්නයේම සිටින මෙම ජ්‍යේෂඨ ඇමතිවරයා පසුගියදා සිය අනාගතය සුබවාදී වන්නට යයි පූජාවක්ද පවත්වා ඇති බව වාර්තා විය.
« PREV
NEXT »

Facebook Comments APPID