BREAKING NEWS
latest

728x90

468x60

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි


ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ සිද්ධියට අදාළව GPS තාක්ෂණය ඔස්සේ විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසයි.අදාළ මෝටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ කුලී රථ සපයන ආයතනයකින් ලබාගෙන ඇති බවයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

එ් අනුව මෙම කාර් රථය කුලී පදනම මත ලබාගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුයි. මෙම මෝටර් රථයේ අංක තහඩු වෙනස් කර ව්‍යාජ අංක තහඩු යොදා තිබූ අතර, එහි ලියාපදිංචි හිමිකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ තොරතුරු ඔස්සේ කාර් රථය දමා පළා ගිය සැකකරුවන් සොයා ගම්පහ පොලිසිය පැති කිහිපයක් ඔස්සේ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.අදාල සැකකරුවන්ගේ ජායාරුප පහතින් නරඹන්න


« PREV
NEXT »

Facebook Comments APPID