BREAKING NEWS
latest

728x90

468x60

ඔක්තෝබර් පළමු සතිය ඹබේ ලග්නයට කොහොමද?

මේෂ ලග්නය

විවාහ මංගල කටයුතු ප්‍රමාදවීම් හා කල්ගතවීම් ආදිය සිදු වෙයි.විවාහ ජීවිත ගත කරන විවාහයින්ට සැනසිල්ල,සතුට අඩු කරයි.මව්ගේ අදහස්වලට විරුද්ධව කටයුතු කිරීමට හෝ හිතුවක්කාර පාඩුවක් හා කණගාටුවක් විදදරා ගැනීමට සිදු වෙයි.විශේෂයෙන් දරුවන් සිටින මව්වරු පියවරුන්ට ද තම දරුවන්ගේ නොමනා හැසිරීම්වලට ලෝකයාගෙන් කතාන්දර චෝදනා ඇසිමට සිදු වෙයි.ප්‍රේමවන්තයින්ට ද එතරම්ම ශුභ සතියක් නොවෙයි.දුක් සහිතව සිටීමට සිදු වෙයි.පපුවේ රෝග,ලේවල දෝෂ,අර්ශස් ගෙඩි රෝග,වාත පිත,සෙම රෝග ඇති කරයි.

ජය අංක :- 2, 4, 6 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :- අඟහරුවාදා, සිකුරාදා


වෘෂභ ලග්නය

පිටරට සංචාරය කිරීමට හෝ ඈත දුර ගමන් බිමන් යොදා ගැනීම පිණිස වන්දනා ගමන් සංවිධානය කරයි.හිතේ සතුට වගේම දුක ද ඇති කරයි.කාමාධිකම නිසා වැරදි වැඩවලට සිත් යොමු කරයි.පවුලේ සාමයට හා සැනසිල්ල බාධා ඇති කරයි.අනියම් ප්‍රේම සම්බන්ධතා ඇති අයට ඒවා කරගෙන යාමට හා  ඒ තුලින් ප්‍රශ්න පැන නැගීම නිසා සිත් වේදනා ඇති කරයි.හවුලේ වැඩ කටයුතු කිරීමට අසීරු වෙයි.අඹු-සැමි මත භේද වැඩි කරයි. ඉවසීම නැති කර ගනියි. තරහ කෝප ගති ඇති කර ගනියි.දරු සම්පත් බලාපොරොත්තු වන අය ඒ සඳහා ප්‍රවේශම් වැඩ කර ගත යුතුයි. අර්ශස් රෝග, පපුවේ රෝග, පිත් රෝග ඇති කරයි.
ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- රතු, නිල් ශු දිනය :- සෙනසුරාදා, සිකුරාදා

මිථුන ලග්නය

ස්ථානයේ පැවති කරදරයක් නිමාවට පත් වෙයි.විශේෂයෙන් කාන්තා පක්ෂයේ අය මැදිහත්වීම නිසා සමථයකට පත්වෙයි.එහෙත් නෑදෑයින් අතරේ විටින් විට නොහොද නෝක්කාඩුකම් ඇති කරයි. අධික කෝපය නිසා ඉක්මන් තීරණවලට යොමු වෙයි.පවුලේ සාමාජික සාමාජිකයින් අතරේ හොඳ හිත පවත්වාගෙන යාමට අසීරු වෙයි.සාමකාමී තත්ත්වයක් උදා කර ගත යුතුයි.කෙටි ගමන් බිමන් ඇති කරයි.ඒවා ප්‍රයෝජනයක් ඇති නැති දේවල් වෙයි.මිශ්‍රඵල ඇති කරයි.හෘද රෝග හා පපුවේ කැක්කුම්,ලේ වල දෝෂ, රුධිර පීඩන උගුරේ විෂ,සෙම් ගෙඩි ඇති කරයි.
ජය අංක :- 2, 4, 7 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :- බදාදා, සිකුරාදා

කටක ලග්නය

විවාහ ජීවිතය පිළිබඳව සැක සංකා පහළ වෙයි.කල්පනාවෙන් හා ඉවසීමෙන් යුතුව සිටිය යුතුයි. ගුරු ග්‍රහයා තුලා රාශියේ ගමන් කිරීම ඔබට යහපත උදා කරයි.පවුලේ පැවැති ආරවුලක් විසඳා ගැනීමට හැකිවෙයි.සමහරවිට මානසික පීඩාකාරී මනස අවුල් කරුණු කාරණා ඇති කරයි.ඒවා තේරුම් බේරුම් කර ගැනීමට බුද්ධිමත් විය යුතුයි.ධනය ලැබීම් අතින් වරදක් නැති අතර ආදායම් තත්වය ද තරමක් තර කර ගැනීමට හැකි වෙයයි. එහෙත් අනවශය මුදල් වැයවීම්වලට ගොදුරු වෙයි.දූ දරුවන්ගේ අනාගතය ගැන බිය ඇති වෙයි. මානසික පීඩා,රුධිර පීඩන,උගුරේ අමාරු,ලේවල තෙල් ගතිය ආදිය වැඩි කරයි.
ජය අංක :- 1, 3, 6 ජය වර්ණ :- සුදු, රතු ශු දිනය :- සඳුදාඉරිදා

සිංහ ලග්නය

රහස් වැඩ කටයුතුවලට සිත පෙළඹෙයි.කාමාශාව වැඩි වෙයි.සිත පාලනය කර ගැනීම දුෂ්කර වෙයි. ඒවගේම හිටි හැටියේම සිත් වේදනා ඇති කරයි.නීති ප්‍රශ්නයක් දුරදිග යාමක් නිසා කාලයත් ධනයත් ශ්‍රමයත් වැය වෙයි.විශ්‍රාමික වැඩිහිටියන්ගේ සුවදුක් සොයා බලා ඒ අයට උදව් උපකාර කිරීමක් සිදු විය හැකියි.අවිවාහක අයට සාර්ථක මංගල යෝග ඇති කරයි.දැන හැඳුනුම්කම් ඇති අයගේ මාර්ගයෙන් තමාට යහපත් මංගල යෝජනා ද ඉදිරිපත් විය හැකියි.මව්ට හදිසි රෝගපීඩා වැලදිය හැකියි.වාත පිත්,සෙම් රෝග ඇති කරයි.පීනස, හිසේ කැක්කුම්,බර ගතිය ඇති කරයි
ජය අංක :- 2, 5, 7 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :- ඉරිදා, බදාදා

කන්‍ය ලග්නය

පාලන බලතල ලබා ගැනීමට හැකි වෙයි.කාටවත් හිස පාත් කිරීමට සටහන් පහත්වීමට අකමැති වෙයි.ගමන්බිමන්වලට එතරම්ම ශුභ සතියක් නොවෙයි.හදිසි කරදර හා හදිසි අනතුරු රෝහල් ගතවීම් හෝ නීතිය ඉදිරියට යාමක් වැනි දේවල් සිදුවිය හැකියි.මව්ගේ උපදෙස්වලට විරුද්ධව කටයුතු කරයි.නැත්නම් මව්ගේ අණට කීකරු නොවෙයි.වැඩ කරයි.පවුල් අවුල්විමට හා කසාදයට බාධා ඇතිවීමට වෙන්වී කටයුතු කිරීමට සිත පෙලඹෙයි. උත්සාහය තරමට ප්‍රතිඵල හීන කරයි.දක‍ෂතාවය ඇතැත් ඒවාට තැනක් නැති වෙයි. රුධිර පීඩන,හිසරදය,ඇස් රෝග,කන් රෝග ඇති කරයි.
ජය අංක :- 4, 5, 8 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :-  බදාදා, සිකුරාදා

තුලා ලග්නය

කලකට පසු යහපත් තනතුරු ලාභයක් තමන්ට ලැබීමට හෝ පාලන බලතල ලබා ගැනීමට හැකිවෙයි.ඒ නිසා කාගෙත් ගරු සරු ලැඛෙයි.ආදායම් තත්ත්වය සරු කර ගැනීමට හැකි වෙයි.උත්සාහය හා උනන්දුව නිසා ලාභ ප්‍රයෝජන අත්කර ගනියි. වෙළඳාම් අතරමැදියෙකු ලෙස වැඩ කිරීමක් නිසා වාසිදායක තත්ත්වයක් උදා කරයි.සහෝදර සහෝදරයන්ගේ අවශයතාවයක් වෙනුවෙන් වියදම් කිරීමට සිදුවෙයි.නීතිමය ගැටලූවක් පැන නැගීම නිසා ඒ පිළිබඳව කාලය ගත කිරීමට සිදු වෙයි.කොපමණ මුදල් ලැබුණත් ලඟ තබා ගැනීම දුෂ්කර වෙයි.ශරීරශක්තිය තරමක් අඩු වෙයි.අනවශ්‍ය දේවල්වලට වියදම් වියදම් කරයි. උගුරේ වියලීම, කැස්ස, උණ ඇති කරයි.
ජය අංක :- 3, 4, 8 ජය වර්ණ :- නිල්, රතු ශු දිනය :- බදාදා, සිකුරාදා

වෘශ්චික ලග්නය

ස්ථාවරව කටයුතුවල යෙදීම හෝ වැඩ කටයුතු බහුල වීම නිසා අන් අයගේ චෝදනා කතාබහට ලක්විය හැකියි.වැඩ කටයුතු අකුරටම කිරීම නිසා උසස් අයගේ ප්‍රසාදයට හා ගෞරවයට ලක් වෙයි.මව්පියන් බැලීමට හා මව්ගේ සුවදුක් සොයා බැලීමට පැමිŒමක් ඇති කරයි රැකියා නොමැති අයට නව රැකියා අවස්ථාවන් ඇති කරන අතර ව්‍යාපාර වෙළඳාම් කටයුතු වල ද කැපී පෙනෙන දියුණුවක් ඇති කරයි.දුක් විදින අය දැක ඒ අයට පිහිට වීමට සිත පෙළඹෙයි. පිටරට සිට තම ගම්බිම් බලා ඒමට හැකියාව ලැඛෙයි. රජයේ අයට යහපත් සතියක් බව පෙනෙයි.දණහිස්වල ආබාධ,කැක්කුම්,අතපය වේදනා, හිසේ කැක්කුම් ඇති කරයි.
ජය අංක :- 1, 2, 7 ජය වර්ණ :- රතු, තැඹිලි ශු දිනය :-  අඟහරුවාදා, සිකුරාදා

ධනු ලග්නය

මේ සතිය තරමක් අපලදායක සතියක් බව පෙනෙයි.හදිසි ලෙඩ,හදිසි විපත් කරදර රෝහල් ගතවීම් ප්‍රතිකාර ගැනීම් ආදිය සිදුවිය හැකියි.රැකියා ආදියේ දියුණුවක් හා කාර්යක‍ෂමතාවයක් ඇති කරයි.මව්ගේ ශරීර සනීපය තරමක් අඩු වෙන අතර රෝග පීඩා ආදියට ඇතිවීමට ඉඩ ඇති කරයි.ඒවගේම පියාට ද එතරම්ම ශ=භදායක නොවෙයි. ආදායම් තත්ත්වය ද තරමක් පහත වැටීමක් හා සෙමින් සෙමින් යාමක් සිදු කරයි. ස්ථානගත ප්‍රශ්නය දුර දිග යාමට ඉඩ ඇති කරයි.අර්ශස් රෝග, මුත්‍රා රෝග,ලේවල සීනි ප්‍රමාණය වැඩිවීම් ආදිය සිදු විය හැකියි.
ජය අංක :- 1, 6, 7 ජය වර්ණ :- රතු, කහ ශු දිනය :-  බ්රහස්පතින්දා, සඳුදා

මකර ලග්නය
විවාහ වීමට සිටින අයට වේගවත්ව එම කටයුතු නිමාවක් කර ගැනීමට හැකියාව ලැඛෙයි. බලාපොරොත්තු රහිත වියදම් දැරීමට සිදු වෙයි.රැකී රක්ෂා කටයුතුවල වෙනසක් ඇති නොවෙයි.එහෙත් ව්‍යාපාර වෙළදාම් ආදී කටයුතුවල නිරත අයට මේ සතිය තරමක සහනයක් ඇති කරයි.මහ පොළොවෙන් ආදායම් ලැඛෙයි. කෘෂි භෝග ආදියෙන් ආදායම් ඇති කරයි.ස්ත්‍රියකු නම් පුරුෂයෙකු නිසා ද පුරුෂයෙකු නම් ස්ත්‍රියක් නිසා කයිකතාන්ද ඇසීමට සිදු වෙයි.ඉවසීමෙන් ජීවත්විය යුතුයි.අධ්‍යාපන ලබන දූ දරුවන්ට ඉතා යහපත් සතියක් බව පෙනෙයි. මංගල යෝග ඇති කරයි.ගුදමාර්ගවල රෝග,අර්ශස් ගෙඩි විෂ ශරීර ගතවීම් ආදිය ඇති කරයි.

ජය අංක :- 5, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :-  සෙනසුරාදා, බදාදා

කුම්භ ලග්නය

හදිසි ප්‍රතිකාරයක් සඳහා රෝහල්ගතවීමක් සිදුවිය හැකියි.විවාහ දිවියේ යම් යම් ගැටළු මතු විය හැකියි.අස්ථාන චෝදනා ඇති වෙයි නොකළ වැරදිවලට අසුවිය හැකියි.රැකියාවේ වෙහෙසකාරී බව දැනෙයි.රැකියාවේ ව්‍යාපාරවලට යම් යම් බාධා මතු කරයි.මංගල යෝජනා ගැලපෙන ඒවාදැයි තෝරා බේරා ගැනීම සඳහා සොයා බලා කටයුතු කරයි.හවුල් වී කරන වැඩ කඩා කප්පල් වී යයි.අළුත ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩ නඟා ගැනීමට හැකිවෙයි. විදේශ ගමන් යාමට හෝ විදේශ සිට ඒමට ගන්නා උත්සාහය සාර්ථක වෙයි.මුත්‍රා අමාරු මුත්‍රා රෝග,ලේවල සීනි මට්ටම ඉහළ යාම,අර්ශස් රෝග ඇති කරයි.
ජය අංක :- 4, 6, 9 ජය වර්ණ :- කොළ, නිල් ශු දිනය :-  සෙනසුරාදා, බදාදා

මීන ලග්නය

විවාහ දිවිය තරමක් උණුසුම්කාරී බවක් ඇති කරයි.හදිසි ධනලාභ මතුවිය හැකියි.තරඟවලින් ජය අත් කර දෙයි.සතුරු කරදරවලින් තරමක් නිදහස්වීමට අවකාශ ලැඛෙයි. වන්දනා ගමන් බිමන් සැලසුම් කරයි.මව්ගේ උපදෙස් හා අණට එතරම්ම ඇතැම් කන් දෙක බවක් ඇති නොකරයි.මව්ගේ අදහස්වලට ප්‍රතිවිරෝධ අදහස් ඇති කරයි. හවුලේ වැඩ කිරීමට නොහැකි වෙයි.ඒවගේම තම සහකරු හෝ සහකාරිය සමඟ එකට ඉදීම පවා අකමැති වෙයි.සණ්ඩු සරුවල් ඇති කර ගනියි.ඉවසීමෙන් සිටිය යුතුයි. මුත්‍රා දෝෂ,අර්ශස් රෝග,පෙනහලූ රෝග ඇති කරයි.
ජය අංක :- 3, 7, 8 ජය වර්ණ :- තැඹිලි, රතු ශු දිනය :-  බ්රහස්පතින්දා, සඳුදා

Rukshan Jayasekara
Ancestral Astrologer
International Architectual Astrology & Consulter
Jayani, Hakmana Road, Matara.
Telephone : +94 41 570 9000 | +94 71 570 9000




« PREV
NEXT »

Facebook Comments APPID