BREAKING NEWS
latest

728x90

468x60

කෑමවලට ලුණු මදියි කියා සැමියා පොල්ලකින් පහර දී බිරිඳ ඝාතනය කරලා

බිරිඳ පිස දුන් ආහාරවලට ලුණු මදි බව පවසමින් සැමියෙක් සහ බිරිඳක් අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සැමියා පොල්ලකින් පහර දී බිරිඳ ඝාතනය කර තිබේ.


එම පුද්ගලයාට බරපතළ වැඩ සහිත වසර 02ක සිරදඬුවමක් නියම කර එය වසර 15ට අත්හිටුවා රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස කෑගල්ල පළාත්බද මහාධිකරණ විනිසුරු ධම්මික ගණේපොළ නියෝග කර ඇත.

මෙලෙස අත්හිට වූ සිරදඬුවම් හා දඩ මුදල් ගෙවීමට සිදු වූයේ අරණායක පොලිස් වසමේ අට්ටාපිටිය පදිංචි ඒ.ජී.එල්. විජේරත්න බණ්ඩාර නමැති දෙදරු පියකුට ය.

2013 ජනවාරි 29 දින හෝ ඊට ආසන්න දිනක දී අරණායක පොලිස් වසමේ අට්ටාපිටිය පදිංචිව සිටි අනෝජා දීපානි දිසානායක නමැති දෙදරු මව, ඇය විසින් උදේ ආහාර සිය සැමියාට බෙදා දී ඇත.
අනතුරු ව විත්තිකරු වෑංජනවලට ලුණු මදි යැයි පවසා පොල්ලකින් පහර දී බිරිය සිය නිවෙසේ දී ඝාතනය කර තිබේ. ඒ වන විට දරු දෙදෙනා පාසල් ගොස් තිබිණි.

පසුව සැකකරු අරණායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාවනැල්ල අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මාවනැල්ල අධිකරණයෙන් පසුව සැකකරුට එරෙහිව නීතිපතිවරයා වෙත යොමු කර අදාළ නඩුව කෑගල්ල පළාත් බද මහාධිකරණය වෙත යොමු කොට තිබිණි.

පසුගියදා (02) තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණු අතර විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් ජයසිංහ අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුට දැනට වයස අවුරුදු 15 පිරිමි දරුවෙක් හා වයස අවුරුදු 14ක දියණියක් සිටින බවත් ය.

ඔවුන් දෙදෙනා භාර ගැනීම බිරියගේ ඥාතීන් ප්‍රතික්‍ෂේප කරන බවත් විත්තිකරුගේ එකම බාල සොහොයුරියත් අසනීප තත්ත්වයෙන් පෙළෙන බවත් අධිකරණයට දැන්වී ය.

විත්තිකරුට මරණ දණ්ඩනය නියම වුවහොත් දරු දෙදෙනා අසරණවන බවත් විත්තිකරු සිතා මතා පහර දී ඝාතනය කළ එකක් නොවන බවත් අධිකරණයට පැවසී ය.

පසුව මහාධිකරණ ධම්මික ගණේපොළ ඉහත දඬුවම දෙන ලෙස නියෝග කළේ ය.
« PREV
NEXT »

Facebook Comments APPID