BREAKING NEWS
latest

728x90

468x60

හපුතලේ කන්දේදී තම ජීවිතය පුදා මගීන්ගේ දිවි බේරාගත් රියදුරා

පසුගිය දා හපුතලේ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ සේවයෙක් ජිවිතක්ෂයට පත් විය.මේ අනතුර සිදු වුනේ හපුතලේ කන්ද බැවුමෙදිය.එකවරම බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වූ නිසා රියදුරුට කිසිවක් කරගත නොහැකි විය.තමන්ගේ ජීවිතය ගැන නොසිතා වෙන්න ගිය විශාල අනතුරක් ඔහු වලක්වා ගත්තේ පස් කණ්ඩිය දෙසට බස්රථ ගෙන නවත්ත ගනිමිනුයි.අවසානයේ ඔහුගේ ජීවිතය මෙම රිය අනතුර නිසා අහිමි විය අද කාලයේ තරගෙට රේස් දුවන බස් රථ රියදුරන් අතරේ මොහු දෙවිකෙනෙක් නොවේද..?

ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය වගේම හොද හිත දිනාගත් පුදගලයෙක් වන කිර්ති බණ්ඩාර මහතාගේ වියෝව වෙනුවෙන් ප්‍රදේශයම දුක් වෙයි.මේ ඔහු ගැන ප්‍රදේශයේ තරුණයෙක් මුහුණු පොතේ තැබූ සටහනක් පහතින් නරඹන්න.

“ආරන්චි උනාම බඩ පපුව දාගෙන ගියා. ගමේ බස් එක බ්‍රේක් නැතිව ගිහින් හපුතලේ පල්ලමේ.. කරන්න දෙයක් නැතුව ඩ්‍රයිවර් මාම ගල් ගොඩට අල්ලලා.අනිත් හැමෝගෙම ජිව්ත බේරන්න ඩ්‍රයිවර් මාම එයාගෙ ජිවිතේ දුන්න. හැම්දාම කොහේ දැක්කත් දාගෙන යනව. හිනාවෙලා හැමෝටම හොදින් ඉදපු කෙනෙක්. හිතන්නවත් නැතුව ඇති හැමදාම පදවන බස් එක එයාට මෙහෙම කරයි කියල. ඔබට අමා මහ නිවන්සුව..!





« PREV
NEXT »

Facebook Comments APPID