Get all the latest news and hot gossip, gossip Lanka news, Sri Lanka exclusive news, Sri Lankan daily Sinhala, Hiru gossip, Neth gossip, celebrity English gossip, and much more on gossip99.com

test

BREAKING NEWS

පසුගිය දින කිහිපය තුල සමාජජාලා හරහා බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුන හදවතේ සිදුරක් සහිතව සිටි පුංචි දියණියගේ සැත්කම සාර්ථකව සිදුකර ගැනීමට හැකියාව ලැබුණු බව එම දැරියගේ පියා සඳහන් කර තිබෙනවා.

ඔහු සිය ෆේස්බුක් ගිණුම හරහා සටහනක් තබමිනුයි ඒ ගැන ප්‍රකාශ කර තිබුණේ.

හිගුරක්ගොඩ ප්‍රදේශයේ සිට පැමින ඇතැයි සැලකෙන සුඛෝපභෝගී ජීප් රථයක් ඊයේ (26) අලුයම මහියංගනය මාපාකඩවැව – 17 කණූව අසලදී වියානා ඇලට පෙරලීයෑමෙන් අනතුරක් සිදුවුනා.


අනතුරෙන් පසු එහි ගමන්ගත් පුද්ගලයන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති අතර අනතුර සම්බන්ධයෙන් මහියංගනය පොලීසිය පරීක්ෂණ ආරම්භ කෙරුනා.

දිනපතා උදැසනින්ම උදැසන ආහාර වේල ගන්නා පුද්ගලයන්ගේ ශරීරය කෙට්‌ටුවන අතර ඉදිරියේ දී ද ඔවුන්ගේ ශරීර බර වර්ධනයවන්නේ සුළු වශයෙන් බව ලොව ප්‍රකට අමෙරිකා එක්‌සත් ජනපදයේ වෛද්‍ය පර්යේෂණ කණ්‌ඩායමක්‌වන මායෝ සායනය (ක්‌ලිනික්‌) මගින් සිදු කරන ලද නවතම අධ්‍යයනයක දී අනාවරණය කර ගෙන තිබේ.

සිය ශරීරයේ බර අඩු කර ගැනීම සඳහා යැයි පවසමින් දෛනිකව ගනු ලබන කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමේ අරමුණින් උදෑසන ආහාර වේල හිතාමතාම මඟ හරින අයගේ ශරීර බර වසර 10ක කාලයක්‌තුළ දී රාත්තල් 08කින් වැඩිවන බවත් දිනපතා උදැසන ආහාරය උදැසනින්ම ගන්නා අයගේ ශරීර බර වසර 10 කදී වැඩි වනුයේ රාත්තල් තුනක්‌ පමණ අඩු අගයකින් බවත් එම අධ්‍යයනයේ දී හෙළිදරව් වී තිබේ.

පොලොන්නරුව, බැඳිවැව ප්‍රදේශයේ පදිංචි සහල් මෝල් හිමියකුගේ දරුවන් දෙදෙනා පැහැර ගෙන ගොස්‌ මරා දමන බවට දුරකථන ඇමතුම් දී තර්ජනය කර සහල් මෝල් හිමියාගෙන් රුපියල් ලක්‍ෂ 30 ක්‌ කප්පම් ඉල්ලූ තරුණයන් දෙදෙනකු ඊයේ (26දා) අලුයම අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්‌ඨාස පොලිස්‌ අපරාධ විමර්ශන අංශය කියයි.

අවුරුදු 25 සහ 29 යන වයස්‌වල පසුවන සැකකරුවන් බැඳිවැව සහ හබරණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ජනප්‍රිය මෙන්ම ඓතිහාසික ස්ථානයක් වන කඩුගන්නාව ගල් බිංගෙයි හදිසියේ පැල්මක් මතු වී තිබෙනවා. මේ වන විට එම ස්ථානයෙන් රථවාහන ධාවනය තාවකාලිකව නවතා දමා ඇති අතර පිළියම් කරන තෙක් එම ස්ථානයට මුක්කු ගසා ආරක්ෂාව ලබා දීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයින්ට මැයි මස 7 වැනි දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර මහතා ලංකාදීපයට පැවැසීය.

ලොව පළමු වරට මියගිය පරිත්‍යාගශීලියෙකුගේ ශිෂ්න, වෘෂණ පැස හා උදර බිත්තියේ කොටස් බද්ධකිරීමක් සාර්ථක කරගත් පුවතක් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සැත්කම සිදුකර තිබුණේ ඇෆ්ඝනිස්තානයේදී බෝම්බයකින් තුවාල ලද සෙබළෙකුටයි.
අදාළ අවයව බද්ධ කරනු ලැබුවේ මේරිලන්ඩ්, බෝල්ටිමෝර් හි ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යවරුන් පිරිසක් විසින්.

එම වෛද්‍ය කණ්ඩායම පවසන්නේ ශිශ්නය යළි සැකසීමකින් ලැබීමට අසීරු, ලිංගික ක්‍රියාකාරීත්වය ලැබීමට අදාළ සෙබළාට හැකිවනු ඇති බවයි.

තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු එම පාසලේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Masako Mizutani නම් ජපන් කාන්තාව 2012 වර්ෂයේදීත් ලොව පුරා කාගේත් අවධානයට ලක්වන්නේ ඇගේ සූරුපි පෙනුම හා වයස නිසයි. මේ වන විට 50 හැවිරිදි ඇය තවමත් එදා මෙන්ම තරුණ පෙනුමකින් සිටින සූරුපි කාන්තාවක්.

IPL තරඟාවලියේ කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙස සිපිරි බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා සැලකේ.

පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංග්ස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකේෂ් රාහුල් සම්මුඛ සකච්ඡාවකට එක්විය.

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු සහ ඔහුගේ බිරිඳ කේට් මිඩ්ල්ටන් තුන්වැනි වරටත් මව්පියන්වීමට යන පුවත පසු ගිය දිනවල බ්‍රිතාන්‍ය මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගන්නට සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව මේ දිනවල සමාජජාලා මාධ්‍ය වල අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඇය පිළිබදව මෙලෙසින් කතාබහට ලක්ව තිබුනා.

ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන Audi සමාගමේ වෙළඳ සන්නාමය භාවිතකරමින් ෆේස්බුක් සමාජ ජාලයේ පැතිර යන ව්‍යාජ පුවතක් පිළිබඳ නෙත් ගොසිප් වෙත වාර්තා වෙයි.

මෙම පුවතෙහි දැක්වෙන්නේ Audi මෝටර් රථ සමාගමේ 110 වන සංවත්සරය වෙනුවෙන් මොටර් රථ 05ක් පිරිනමන බවත් ඒ සඳහා එක්වන ලෙසත්ය.ඒ සඳහා අදාළ පුවත පළකර ඇති ෆේස්බුක් පිටුවට කැමැත්ත (ලයික්) පල කරන ලෙසත් , ඔබට දිනාගැනීමට අවශ්‍ය මෝටර් රථයේ වර්ණය සඳහන් කර එය ෂෙයාර් (හුවමාරු) කරන ලෙසත් එහි වැඩිදුරටත් දැක්වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික ධූත පිරිස ගැන සමාජ ජාල වල මේ දිනවල කතා බහට ලක්වෙනවා .

ඒ අතරින් එක් තරුණියක් ගැන විවිධ අදහස් දක්වමින් පුවත් හුවමාරු වෙන්න පටන් අරන්. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමගයි ඇය ගැන කතාබහක් ඇතිවුණේ.

එක්‌සත් රාජධානියේ නිර්දේශ කර ඇති ප්‍රමාණයට වඩා වැඩියෙන් මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ ආයු කාලය වසර ගණනකින් අහිමි විය හැකි බව මුල්පෙළේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක දැක්‌වෙයි. 

මත්පැන් පානය කරන පුද්ගලයන් හය ලක්‌ෂයක්‌ යොදා ගනිමින් එම පරීක්‌ෂණය සිදු කර ඇති අතර, සතියකට දහ පහළොස්‌ වතාවක්‌ මත්පැන් භාවිත කරන පුද්ගලයකුගේ ආයු කාලය වසර දෙකකින් හෝ තුනකින් අඩු වන බව එම පරීක්‌ෂණයේදී හෙළිදරව් වී ඇත. 

මත්පැන් පානය සම්බන්ධයෙන් 2016 දී එක්‌සත් රාජධානිය නිකුත් කළ නිර්දේශවලට අනුව සතියකට මත්පැන් ඒකක දාහතරකට වැඩියෙන් පරිභෝජනය කිරීම සෞඛ්‍යට ඉතා අහිතකරය. එම මත්පැන් ප්‍රමාණයට බීර පයින්ට්‌ හයක්‌ සහ වයින් වීදුරු හතක්‌ ඇතුළත්ය. 

අවුරුදු කුමරියක් ලෙසින් කිරුළු පැළඳි ඇය මේ වනවිට නව පරපුරේ ජනප්‍රිය නිළියක්. ශලිනි ප්‍රනාන්දු නමින් ඇය නොදන්නා බොහෝ දෙනෙක් ‘චූටි මැණිකේ’ හෙවත් ‘ලිහිණි’ කීවිට හොඳින් දනී.

එළැඹෙන වෙසක් උත්සවය හේතුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මගින් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර තොරණක් ඉදිකිරීමට සැලසුම්කර තිබේ. වෙසක් පිළිබඳව හා එහි වැදගත්කම පිළිබඳව මැලේසියානු ජනතාවට අවබෝධයක් ලබාදීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.

අයි.පී.එල්. තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස්‌ පිලේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන විසින් සිය කණ්‌ඩායමේ ක්‍රීඩකයන්හට අලුත් දඬුවම් ක්‍රමයක්‌ හඳුන්වා දී තිබේ.

කණ්‌ඩායමේ ක්‍රීඩකයින් විසින් කරනු ලබන වැරදි සඳහා මහේල විසින් මෙම දඬුවම් ක්‍රියාත්මක කරනු ලබයි.

කිසිදු සාධාරණ හේතුවකින් තොරව තමන් 20-20 කණ්ඩායමෙන් ඉවත් කර ඇතැයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.


නව තේරීම් කමිටුව විසින් තමන් කැදවා ඉදිරි තරග වලින් ඉවත් කල බව දැන්වුවත් ඊට හේතුවක් දැකීවීමට අපොහොසත් වූ බවද ඔහු සදහන් කරයි.

728x90

gossip , gossip Lanka, col3neg ______________________________________________________________
© 2015 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact Here Editor - Contact Here Help Desk :
All the content on this website is copyright protected.
_______________________________________________________________________________________ www.Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

GOSSIP99

GALLERY