BREAKING NEWS
latest

728x90

468x60

ආයෝජන ගේන්න පොදු රද මඩුලු ගිය හැමෝම කතා කරන තරුණිය ගැන කවුරුත් නොදන්න රහසක් මෙන්න

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුලුවට සහභාගී වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබදව මේ දිනවල සමාජජාලා මාධ්‍ය වල අතිශය කතාබහට ලක්ව තිබෙනවා. ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය , සමුලුවට සහභාගී වී සිටින සහ දේශපාලකයන් ඇතුලු ශ්‍රී ලාංකික නියෝජිත පිරිස සමග ලබා ගත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරීමත් සමග ඇය පිළිබදව මෙලෙසින් කතාබහට ලක්ව තිබුනා.


ඉන්පසුව ගිහානි වීරසිංහ නම් මෙම කාන්තාවගේ සැමියා තමන් බව කියු මොහාන් පෙරේරා නම් පුද්ගලයෙක් පවසා තිබුනේ ම සමුලුව සදහා සහභාගි වූයේ තමන්ගේ පෞද්ගලික මුදලින් බවය. තමන් ඇතුලු කණ්ඩායම මෙම සමුලුවට සහභාගි වූයේ ආයෝජන අවස්තා ප්‍රවර්ධනය කිරීම සදහා බවත් ඒ සදහා රජයේ මුදල් ලබා නොගත් බවත් සිය ෆේස්බුක් ගිණුමේ ඔහු පවසා තිබුනා.

වාර්තා වන අන්දමට ගිහානි වීරසිංහ නම් මෙම තරුණිය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පෞද්ගලික ලේකම් ලෙස කලක් කටයුතු කර තිබෙන බව සදහන්. ඉන්පසුව එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරයෙකුගේ ඇරයුමින් මෙම කන්තාව එම පක්ෂ දේශපාලනයට සම්බන්ධ වූ බවද වාර්තා වෙනවා. 

මෙම කාන්තාවගේ සැමියා බව කියන මොහාන් පෙරේරා නම් පුද්ගලයා කලක් රාජපක්ෂ පවුලේ ප්‍රබලයෙකුගේ ව්‍යාපාරික සහකරුවෙකු ලෙසද කටයුතු කර තිබෙන බවද සදහන්.

කෙසේ නමුත් දේශපාලන විචාරකයන් පවසන්නේ මෙවැනි සමුළුවකට සහභාගී වීමට රජ්‍ය අනුග්‍රහයක් අනිවාර්ය බවයි.
« PREV
NEXT »

Facebook Comments APPID