BREAKING NEWS
latest

728x90

468x60

පාසල් සිසුවියට අතවර කිරීමට ගිය විදුහල්පති රිමාන්ඩ්

තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයකු එම පාසලේ ඉගෙනුම ලබන 10 හැවිරිදි පාසල් සිසුවියකට අතවර කිරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ පාසලක පසුගිය 11 වැනි දින පාසලට පැමිණි ශිෂ්‍යාවන් දෙදෙනකු තම කාමරයට කැඳවා ඇති අතර පසුව එක්‌ ශිෂ්‍යාවකට පුටුවක්‌ රැගෙන එන ලෙස පවසා අනෙක්‌ ශිෂ්‍යාවට අතවර කිරීමට උත්සාහ කර ඇත.

පසුව සිද්ධිය පිළිබඳව ශිෂ්‍යාව විසින් දෙමවුපියන්හට පැවසීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.
« PREV
NEXT »

Facebook Comments APPID