BREAKING NEWS
latest

728x90

468x60

“ශාන්ති” රඟපෑ මන්දිරාගේ අලුත් වෙනස - Photos

පසුගිය කාලයේ ශාන්ති නම් හින්දි ටෙලි නාට්‍ය හරහා මෙරට තුළ අතිශය ජනප්‍රියත්වයට පත් ශාන්තිගේ චරිතය නිරූපණය කළ මන්දිරා බෙඩි අලුත්ම වෙනසක් සහිතව ඉන්දියාව තුළ ජනප්‍රියත්වයට පත්ව සිටිනවා.

ථූපාරාමයේ පිංකැටය කැඩූ හොරා මාට්ටු


පොලොන්නරුව ඓතිහාසික ථූපාරාම පිළිමගෙය ඇතුළත තැන්පත් කර තිබූ පිංකැටයේ මුදල් සොරකම් කළ අයෙකු 22 වැනිදා පස්‌වරුවේ ගල් විහාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අධිවේගයේ ආයෙ ඉගිල්ලුනොත් වෙන වැඩේ මෙන්න

අධිවේගී මාර්ගයන්හි ස්‌ථාපිත කරන ලද ස්‌වයංක්‍රීය වේගමාපක යන්ත්‍ර හේතුවෙන් වේග සීමා උල්ලංඝනය කිරීම් මේ වන විට මුළුමනින්ම නතර වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

පාතාලේ ඩී. මංජු STF වෙඩි පහරින් මරුට

පාතාලයේ ප්‍රබල නායකයකු ලෙස හැදින්වෙන දඩල්ලගේ මංජු නැමැත්තා විශේෂ කාර්ය බළකාය සමඟ ඇති වු වෙඩි හුවමාරුවකින් මීට සුළු මොහොතකට පෙර මිය ගොස් ඇත.

ඔයාටත් කෙස් අග පැලීම වේදනාවක්ද? - ඒත් එතනින් පස්සේ තව කරන්න දේවල් නැද්ද?


කෙස්අග පැලීම කියන්නේ ඔන්න අපේ ගෑණු ළමයි මුහුණ දෙන තවත් භයානක රෝගී තත්වයක් එහෙම නේද?ඔයාගේ කොණ්ඩය කොච්චර දිග වුණත් ,කොට වුණත් කොණ්ඩයේ අග හරිය හරියට වේලිලා පැලිලා වගේ තියෙනවා දැක්කම කොණ්ඩේ “ඉවරයි”වගේ හැඟීමක් තමයි කොයි කාට වුණත් දැනෙන්නේ.

ඔයාගේ කොණ්ඩයේ පිටතින්ම තියන ලේයර් එක ගොඩක්ම වියළි වුනාම තමයි මේ තත්වය මතුවෙන්නේ.ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.අධික ෂැම්පු භාවිතය,කොණ්ඩය තදින් පීරීම,ඔයාගේ කොණ්ඩය නිවැරදි සත්කාර වලින් රැකබලාගැනීමට ඔයා අපොහොසත්වීම තමයි ඒ අතරින් ප්‍රධාන වෙන්නේ.ඉතින් මේ ප්‍රශ්නයෙන් ගැළවෙන්න ඔයාට පුළුවන් කොණ්ඩයේ අග කපන්න.ඒ කියන්නේ ට්‍රිම් කරන්න.ඒත් එතනින් පස්සේ තව කරන්න දේවල් නැද්ද?

රෙදි සෝදන යන්ත්‍රයෙන් හරියට වැඩ ගන්නේ මෙහෙමයි


කරදරයක් නැතිව රෙදි සෝදා ගැනීමට රෙදි සෝදන යන්ත්‍රය නැතුව ම බැරිය. අපේ රටේ ද රෙදි සෝදන යන්ත්‍ර බොහෝ නිවාස ගණනක භාවිත වන විදුලි උපකරණයකි. නිසි ලෙස භාවිතා නොකල හොත් රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්‍ෂමතාව අඩුවී යා හැකි අතර විදුලි පරිභෝජනය ද අධික විය හැක.

මෙනිසා රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේ දී විදුලි පරිභෝජනය අඩු කිරීමට මෙන්ම පහත රෙදි සෝදන යන්ත්‍රයේ කාර්යක්‍ෂමතාව වැඩි කර ගැනීමට පහත කරුණු කීපය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වනු ඇති.

බස් බෝම්බය ගැන සොයන්න මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්ගේ ප‍්‍රධානත්වයෙන් හමුදාවෙන් කමිටුවක්

දියතලාව කහගොල්ල ප‍්‍රදේශයේදී බස් රථයක සිදුවූ පිපිරුම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා යුද හමුදාපතිවරයාගේ නියෝගය පරිදි පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මේජර් ජෙනරාල් රුක්මල් ඩයස්ගේ ප‍්‍රධානත්වයෙන්.

ජැක්සන් - පියුමි කේරලේ එක්කගෙන ගිහින් වැඩ අරඹන්න සූදානම්ලු - Piumi - Jackson

ඉන්දියානු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන අනිල් කුමාර්ගේ අලුත්ම චිත්‍රපටය වන ‘ලක්නව්‘ සඳහා ශ්‍රී ලංකාවෙන් තෝරාගත් සිනමා නළු ජැක්සන් ඇන්තනි හා නිරූපිකා පියුමි හංසමාලා ඇතුළු පිරිස පසුගියදා කොළඹදී එක්වූයේ මෙම චිත්‍රපටයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමටය. මෙම චිත්‍රපටය ලබන 13 වනදා සිට කේරළයේ රූගත කිරීම් අරඹනු ලබයි. 

අත්බෝම්බය සාක්කුවෙන් බෑග් එකට දාද්දී පිපිරුවා - බෝම්බය ගෙනා සෙබළාගේ කකුලත් කපලා



දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී මගී බස් රථයක් තුළ පසුගියදා (21) අලුයම පුපුරා ගියේ හමුදා සෙබළකු විසින් යාපනයේ සිට ගෙන එන ලද අබෝම්බයක් බව මේ වනවිට සිදු කර තිබෙන පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ. සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන යාපනයේ සිට රැගෙන පැමිණි එම අත් බෝමිබය සාක්කුවෙන් පිටතට ගෙන සිය ගමන් මල්ලට දැමීමට සූදානම් වූ අවස්ථාවේ. සිදු වු අත්වැරදීමකින් බෝම්බය පුපුරා ගොස් ඇති බව අනාවරණය වී ඇත.



සාක්කුවෙන් බෝම්බය පිටට ගන්නා අවස්ථාවේ “පින්” එක ගැලවී එය ඔහු අසුන්ගෙන සිටි ආසනය යටට වැටී තිබෙන බවද වාර්තාවේ.එම බස් රථයේ ඒ වන විට ගමන් කරමින් සිටි යුද හමුදා පොලිස් නිලධාරියක් සහ සිවිල් කාන්තාවක් සියල්ල දැක ඇති බවත්, ඔවුන් ඒ බැව් පොලිසියට පවසා ඇති බවත් වාර්තාවේ.

අසනීප වී දැල්පන්දු පුහුණුවට නොපැමිණි සිසුවියට ක්‍රීඩා ගුරුවරයා අසභ්‍ය වචනයෙන් බැනවැදී කනේ පහරක්‌ ගහලා

අසනීප වීමෙන් දැල්පන්දු පුහුණුවට සභභාගි වීමට නොහැකි වූ ශිෂ්‍යාවකට ක්‍රීඩා ගුරුවරයකු පහරදීම නිසා එම ශිෂ්‍යාව ගම්පොළ ශික්‌ෂණ රෝහලට ඇතුළත්කොට ඇත.

කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් නුගවෙල නයාපාන විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට මෙසේ එම ගුරුවරයා පහරදී තිබේ.

ගම්පොළ මාවතුර කළුගල්හින්න ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යාව කලාප තරග සඳහා දැල්පන්දු කණ්‌ඩායමට ඇතුළත්ව පුහුණුවීම් කරන අතර ඇය අසනීප වීම නිසා පුහුණුවට නොසිට පාසල ඇරුනු පසු නිවසට ඒමට සූදානම්ව ඇත.

ගර්භණී සමයේ අපහසුතා වලට සුව දෙන කෑම බීම ගැන ඔබ දන්නවාද?

උදෑසන අපහසුතා ඇති විට (Morning Sickness)

ඉඟුරු තේ

ඉතාම පහසුවෙන් ඔබට නිවසේදී පිලියල කර ගත හැකි දයකි ඉඟුරු තේ. සමහර විට ඔබ ඉඟුරු කරල් ආකාරයෙන් (බෙහෙත් කැප්සූලයක් ලෙස) ඔබට විකිණීමට බෙහෙත් අලෙවි කරුවන් සැරසෙයි,

නමුත් අපේ ස්වභාව ධර්මයෙන් ලැබෙන දෙයට වඩා තවත් යමක් කුමට ද?

ජෙලටින

ජලටින සහිත අතුරු පස පැකට්ටු ඉතා පහසු මිලට ඔබට ලබා ගත හැක. මෙය කොහොමටත් ප්රිය උපදවන අතුරු පසක් නිසා වරින් වර ආහාර වේලට පසු භාවිතය නරකක් වන්නේ නැහැ.

දෙමාපියන්ට නොසලකන දරුවන් බිහිවන්නේ මේනිසාද ? - මාතර පුහුල්වැල්ලේ සුසිල් ප්‍රේමචන්ද්‍ර

දෙමාපියන්ට දරුවන් මහත්ම මහත් සම්පතකි. නමුත් මවට පියාට හතුරුකම් කරන දරුවන් මෙලොවට ජනිත වනු ඇත. එවිට දරුවන් හැදූ දෙමාපියන්ට මොනවා හිතෙනවා ඇද්ද? මෙකී කරුණ ගැන ජ්‍යෙdතිෂයට අනුව යමක්‌ කියා දිය යුතුය. දෙමාපියන්ගෙන් පළිගන්නා දරුවන් අද වගේම රජ කාලයේදී බිහි වී ඇත. අජාසත්ත දරුවන් බිහිවීමට හේතුව නොදන්නා උදවිය වැඩිය. දරුවෙක්‌ ජාතක කිරීමට පළමු දෙමාපියන් සිතිය යුතු කරුණක්‌ තිබේ. දරු ඵල ගැන කරුණු සොයා බලන්නේ කේන්ද්‍රයක පස්‌වන කොටුව තුළිනි. බුධ නීච වූ විට පස්‌වන කොටුව තුළ දරුවන් නීච වැඩ කිරීම සිරිතකි. බුධ ග්‍රහ ලොව පුත්‍ර කාරක ග්‍රහයා වේ. ඒ වගේම ගුරු එම කොටුව තුළ දුර්වල වුණ විටද ගෙදරට දරුවන්ගෙන් කරදර මතු වේ. 

රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමඟ නිවසේ නිදා සිටි බිරිඳ පිහියෙන් කපා මරා සැමියා මුහුදට පනී


මත්ද්‍රව්‍ය නඩුවකට රිමාන්ඩ් භාරයේ සිට ඇප ලබා නිවසට පැමිණෙන විට අනියම් සැමියා සමඟ නිවසේ නිදා සිටි බිරිඳ සහ ඇගේ අනියම් සැමියාව පිහියකින් කපා සැමියා, මුහුදට පැන අතුරුදන්ව ඇතැයි මාරවිල පොලිසිය කියයි.

 ඉකුත් 20 වැනිදා අලුයම 1.00 ට පමණ මෙම සිද්ධිය වී ඇත. 

සුද්දාගේ ඕඩරයට දුම්බර හෑරූ කෝටිපතියා මාට්‌ටු

පොළොව අභ්‍යන්තරයේ පවතින ඉපැරැණි අකුණු සන්නායක තැටියක්‌ ලබාදෙනු ලැබුවහොත් රුපියල් කෝටි 15 ක්‌ ලබාදෙන බවට එංගලන්ත ජාතිකයකු ලබාදුන්නා යෑයි කියනු ලබන කොන්තරාත්තුවක්‌ මත දුම්බර වනපෙත තුළ පිහිටි භූමියක්‌ කණිමින් සිටි කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ සහ සහායකයෝ තිදෙනෙක්‌ දඹුල්ල විශේෂ කාර්ය බළකාය විසින් ඉකුත් 20 දා සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

යාපනයේ සිට පැමිණි මගීන් නැගි බසයේ පිපිරීමක් සමග බස් රථයට ගිනි

දියතලාව කහගොල්ල මගී බස් රථයක පිපිරුමක් ඇති වී ඇති බවත් එහි ගමන් ගත් 16 දෙනෙක් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

පෞද්ගලික බස් රථයක මෙම පිපිරුම සිදුවී තිබේ.

ගෘහාධිපතිටත් මරු කැඳවන නිවාස දෝෂ මෙන්න

වාස්‌තු විද්‍යාව විශ්වකර්ම වැඩවලට අයත් උතුම් ශාස්‌ත්‍රයකි. එය හරියාකාරව දැනගෙන කටයුතු කිරීම වැදගත් වේ. නිපුණත්වයක්‌ නැතුව කටයුතු කිරීම හොඳ නැත. මෙහි නරක නිවාස හිමියාට පමණක්‌ නොව නිවස ඉදිකිරීමට මූලික සැලසුම් සකස්‌ කරන්නාට, උපදේශකයාටද, පාද බෙදා ලණු ගසාදුන් ශිල්පියාටද බලපායි. නිවාස දෝෂයක්‌ ඇති වූ විට ගෙහිමියා ඔත්පලවීම්, කොරවීම්, අංශභාග රෝගාදියට ගොදුරුවීමද, අකල්හි මියයැමද වැනි විපාකයන් අත්වෙනවාමයි. එය වාස්‌තු විද්‍යාව ප්‍රකාශ කළ සෘෂිවරු පෙන්වා දී ඇත. 'මය' නම් මහා සෘෂිවරයා විසින් රචිත "මයමතය" නම් පොතේ මෙය හොඳින් පැහැදිලිව පෙන්වා ඇත. පසු කලක ලංකාවේ පඬිවරයකු විසින් "මයිමතය" යනුවෙන් කාව්‍ය පොතක්‌ද රචනා කොට ඇත. එහි එක්‌ කාව්‍යයක මෙසේ සඳහන් වේ. 

පුංචි වේලාවකින් හැඩට ලස්සනට ඔසරියක් අඳින්නේ මෙහෙමයි


බොහෝ යුවතියන් ඔසරිය ඇඳීම කරදරයක් ලෙස සළකනවා. එයට හේතුවී ඇත්තේ ඔසරිය ඇඳීමට නොදැනුවත්කම සහ ඔසරිය ඇඟට අපහසු ඇඳුමක් ලෙස සැළකීමයි. නමුත් ඔසරිය පහසුවෙන්, ඉක්මනින් අඳින්නට නම් නිවැරදි ආකාරය දැන සිටීම අවශ්‍යමයි.

Made-up ක්‍රමයට ඔසරිය ඇඳීමෙන් ඔසරියේ ලස්සන එතරම් ඉස්මතු නොවේ. අනෙක් අතට සාම්ප්‍රදායික ක්‍රමයට ඔසරිය ඇඳීමේදී සාරියේ බෝඩරය ඉදිරියටගත නොහැකිවීම තවත් ගැටලුවක්. එනිසා බලන්න ඔසරිය මේ විදිහට ඇඳලා බලන්න.

දෙවැනි එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය පිළිබඳ රහසිගත සාකච්ඡාවක්‌

දෙවැනි එළිසබෙත් රැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය පිළිබඳ රහසිගත සාකච්ඡාවක්‌ පැවැත්වුණ බව බීබීසී ය පවසයි.රැජින අභාවප්‍රාප්ත වූවොත් පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායකත්වය ප්‍රවේණි උරුමයෙන් චාල්ස්‌ කුමරුට නොලැබෙන හෙයින් මෙය අතිශය සංවේදී කාරණයක්‌ බවට පත්වී තිබේ.

එවන් පසුබිමක්‌ යටතේ එම ජාත්‍යන්තර සංවිධානය පාලනය කළ යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා පොදු රාජ්‍ය මණ්‌ඩලය විසින් "ඉහළ මට්‌ටමේ කණ්‌ඩායමක්‌" පත් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය මහලේකම් කාර්යාලය සහ එහි පාලකයන් පිළිබඳව තීරණ ගැනීමට එම කණ්‌ඩායම නිල වශයෙන් රැස්‌වීමට නියමිතය.

අර්ජුනගේ අලුත්ම එක එලියට එයි

අර්ජුන කමලනාත් කියන කඩවසම් රංගන ශිල්පියා ගැන පසුගිය දිනවලදී පැතිරුණේ තරමක් ආන්දෝලනාත්මක පුවත්.  මේ නිසාම බුකිය කලබවන චරිතයක් බවට ඔහු පත්වුනා. නමුත් ඒ හැම පුවතකටම ඔහු ඉතා අභියෝගාත්මකව නිවැරදි පිළිතුරු ලබා දුන්නා.

විදුහල්පති පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී කඹය කඩාවැටී විදුහල්පතිතුමිය මියයයි

හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිවරිය හදිසි අනතුරකින් 18 දා ජීවිතක්‍ෂයට පත් වූවාය. මෙසේ ජීවිතක්‍ෂයට පත්වූයේ අම්බලන්තොට, බැරගම, 4 ඇළ යන ස්‌ථිර ලිපිනයේ පදිංචිව සිටි රෝහිණී කුමාරි අතපත්තු නම් වූ 52 හැවිරිදි සිව්දරු මාතාවකි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නියමයෙන් වාරියපොල පුහුණු මධ්‍යස්‌ථානයක පැවැති විදුහල්පති පුහුණු වැඩසටහනකට සහභාගී වෙමින් සිටියදී ඇය මෙම අනතුරට පත් වූවාය. එහිදී කඹයක ආධාරයෙන් ක්‍රියාකාරකමක නිරතව සිටියදී හදිසියේ කඹය කඩාවැටී බිම පතිත වීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි කියති.

අකිලගේ මිලියන 4,000 ක ටැබ් කොන්ත්‍රාත්තුව අබාන්ස්ට

තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ.

ඇමැතිවරුන්ට "කාර්ය මණ්‌ඩලය සමග ලිංගික පහස තහනම්"

සිය කැබිනට්‌ මණ්‌ඩලයේ අමාත්‍යවරුන්ට ඔවුන්ගේ කාර්ය මණ්‌ඩලයේ සේවකයන් සමග ලිංගික පහස ලැබීම තහනම් කරන බව ඔස්‌ටේ්‍රලියාවේ අගමැති මැල්කම් ටර්න්බුල් පවසයි. 

අගමැතිවරයා ඒ බව නිවේදනය කළේ, ඔහුගේ නියෝජ්‍ය අගමැතිවරයා සිය කාර්ය මණ්‌ඩලයේ හිටපු සාමාජිකාවක සමග ලිංගික සබඳතාවක්‌ පැවැත්වූ බව අනාවරණය වීමෙන් අනතුරුවය. 

මාධ්‍ය හමුවක්‌ අමතා අදහස්‌ දැක්‌වූ අගමැති මැල්කම් ටර්න්බුල් (Malcolm Turnbull), නියෝජ්‍ය අගමැති බානබි ජොයිස්‌ගේ (Barnaby Joyce) හැසිරීම හෙළා දුටුවේය. 

තලවාකැලේදී කාර් එකක් ඔයට පෙරළී 24 හැවිරිදි තරුණිය හා තරුණයා මරුට

තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි ආග්‍ර ඔය ආසන්නයෙන් අඩි 200 ක් පමණ උස මාර්ගයේ ගමන් කළ මෝටර් රථයක් එක්වරම මාර්ගයෙන් ඉවතට පැන ඔයට පෙරළී යාම නිසා එහි ගමන් කළ තරුණ යුවළක් මියගොස් තිබේ.


හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල පොලිස් වසමට අයත් තලවාකැලේ බෙයාවිල් ප්‍රදේශයේදි මෙම අනතුර සිදුවිය.

අද ප.ව 3.00 ට පමණ නුවරඑළිය සිට හැටන් හරහා ගම්පහ දක්වා ගමන් කරන මාර්ගයේ පැමිණි රතු පැහැති මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 200 ක් පමණ පහතින් පිහිටි ඉහල කොත්මලේ ජලාශයේ අතු ශාඛාවක් වන ආග්‍රඔයට පෙරළී යන අයුරු අවට සිටි අය දැක ඇත.

මහින්ද උසාවියේදී බිම ඇද වැටෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පසුගිය 16 සිකුරාදා අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ගොස් තිබුනේ සිය ඥාතියෙකුගේ දිවුරුම්දීමේ අවස්ථාවකට සහභාගී වීමටය. 

මළ සිරුරක්‌ හෙළි කළ අභිරහසක්‌ : පිහි ඇණුම් පහරින් මිනීමරුවා සොයාගත් හැටි

ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අණිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙනි


දෙදරු මවක්‌ වූ නිර්මලා මැදිවියේ පසුවූ කාන්තාවකි. ඇය හතළිස්‌ දෙහැවිරිදි වියේ පසුවුවද පැහැබැර රූසපුවකට උරුමකම් කීවාය. නිර්මලාගේ සැමියා යුද හමුදාවේ සේවය කළේය. එවකට යුද්ධය දරුණු ලෙස පැවති කාලයකි. මේ නිසා මොහු ක්‍රියාන්විත ප්‍රදේශවල රාජකාරි කළ අතර මේ නිසා නිවසට පැමිණියේ මාස දෙකකට දෙතුන් වතාවක්‌ පමණි. නිර්මලා දරු දෙදෙනා සමග නිවසේ තනිවම පදිංචිව සිටියාය. දරුවන් පාසලට මෙන්ම උපකාරක පන්තිවලටද රැගෙන ගියේ නිර්මලා විසිනි. ඇය තම යතුරුපැදියෙන් මෙම කටයුතුවල නිරත වූවාය. නිර්මලා වැල්ලකරය ආශ්‍රිත ගම්මානයක පදිංචිව සිටි අතර ඇය නිර්භීත කාන්තාවක්‌ වූවාය.